6 වැනි වරටත් සංවිධානය කරනු ලබන පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ ක්‍රීඩා උළෙල ජුලි මස 19 වැනිදා සිට 23 වන දා දක්වා බහමාස් හි, නසාවු නුවර දී පැවැත්වෙන අතර, ඒ සඳහා තරග වදින ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ සංචිතය ඊයේ (24) නිළ වශයෙන් නිකුත් කරන ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ක්‍රීඩාවේ ජීව ගුණය ගැන පාඩමක්

සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතාවය සඳහා මහනුවර සාන්ත අන්තෝනි..

පසුගිය (23) දා කොළඹ තුරඟ තරග පිටියේ දී  පැවැත්වූ අවසන් පුහුණු සැසිවාරයට පසුව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් ඊයේ (24) මෙම තරගාවලිය නියෝජනය කරන තරුණ පාසල් ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ගන්නා ලදි. මෙම තරගාවලියට සත් සාමාජික රග්බි ඉසව්ව ද ඇතුළත්ව තවත් ක්‍රීඩා ඉසව් 12ක් ඇතුළත් වේ.

වයස අවුරුදු 18න් පහළ අංශයේ තරගාවලියක් ලෙසින් පැවැත්වෙන, මෙම තරගාවලිය නියෝජනය කරන සියලුම ක්‍රීඩකයින් 1998 දෙසැම්බර් 31 වන දාට පසුව උපත ලබා තිබිය යුතුයි. නිළ සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයින් 12 දෙනාට අමතරව, තවත් අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකු ද මේ සඳහා නම් කර ඇත.

වයස අවුරුදු 18න් පහළ ආසියානු රග්බි තරගාවලියේ ගියවර ශූරතාවය ජයග්‍රහණය කළ කණ්ඩායමේ සාමාජිකයෙක් වන, සාන්ත තෝමස් විද්‍යාලයීය අත්දැකීම් බහුල මෙන්ම ආක්‍රමණශීලී ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටින් ඩී ලයිල් ද, මෙම සංචිතය සඳහා ඇතුළත්ව ඇත. එබැවින් ඔහු මෙම තරගාවලිය තුල දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලබන එක්තරා ආකාරයක තුරුම්පුවක් ලෙස හැඳින්විය හැකිය.

මීට අමතරව මේ දින වල පැවැත්වෙන සිංගර් කුසලාන පාසල් රග්බි තරගාවලිය තුල කැපීපෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයින් වන, සාන්ත අන්තෝනි විද්‍යාලයේ මොහොමඩ් ෂාබීර්, ඉසිපතන විද්‍යාලය නියෝජනය කරන නදීශ චමින්ද, ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් වැරන් වීරකෝන් හා සාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කරන ගැමුණු චේතිය මෙම සංචිතයට ඇතුළත්ය.

සත් සාමාජික රග්බි තරග ජුලි මස 19, 20 හා 21 යන තෙදින පුරාවට බහාමාස් හි QE ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතව ඇත. නමුත් තවමත් ඒ ඒ රටවල් ක්‍රීඩා කරනු ලබන කාණ්ඩ නම් කර නොමැත. තවත් දින 50ක් වැනි කාලයක් මෙම තරගාවලිය සඳහා ඉතිරිව ඇති අතර, මේ සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා රග්බි සංචිතය එම තරගාවලිය සඳහා එකම කණ්ඩායමක් ලෙස නව ජවයකින් යුතුව පුහුණුවීම් ඉක්මනින් ආරම්භ කරනු ඇත.

ක්‍රීඩකයින් 12ක් සිටින අවසන් මූලික සංචිතය,

  1. මොහොමඩ් ෂාබීර් – සාන්ත අන්තෝනි විද්‍යාලය
  2. නවීන් රාජරත්නම් – ත්‍රිත්ව විද්‍යාලය
  3. දයාන් සාබර් –  වෙසින් විද්‍යාලය
  4. ක්‍රිස්ටින් ඩී ලයිල් – සාන්ත තෝමස් විද්‍යාලය
  5. තරිඳු ද අල්විස් – සාන්ත ජෝශප් විද්‍යාලය
  6. ගැමුණු චේතිය – සාන්ත ජෝශප් විද්‍යාලය
  7. රවීන් ප්‍රනාන්දු – සාන්ත පීතර විද්‍යාලය
  8. විශ්ව රණරාජ් – ත්‍රිත්ව විද්‍යාලය
  9. නදීශ චමින්ද – ඉසිපතන විද්‍යාලය
  10. දුලංජල පියතිස්ස – ධර්මරාජ විද්‍යාලය
  11. වොරෙන් වීරකෝන් – ත්‍රිත්ව විද්‍යාලය
  12. ඉශාර ලියනගේ – සාන්ත අන්තෝනි විද්‍යාලය

අතිරේක ක්‍රීඩකයින්,

  1. තීක්ෂ ගුරුසිංහ – සාන්ත අන්තෝනි විද්‍යාලය
  2. ඩිලාන් කාවින්ද – සාන්ත තෝමස් විද්‍යාලය
  3. එච්. දනංජය – මලියදේව විද්‍යාලය
  4. බවන්ත උදංගමුව – ධර්මරාජ විද්‍යාලය
  5. හරිත් සේනානායක – සාන්ත තෝමස් විද්‍යාලය

සුදත් සම්පත් මහතා හා නාලක වීරක්කොඩි මහතා පිළිවෙළින් පුහුණුකරු හා සහය පුහුණුකරු ලෙස ක්‍රියා කරනු ඇත.

හොංකොං හීදි පැවැත්වූ වයස අවුරුදු 20න් පහළ ආසියානු ශූරතාවය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු කළ සුදත් සම්පත් මහතා සත් සාමාජික ශූරතා කුසලානය සමඟින්, අත්දැකීම් බහුල පුහුණුකරුවෙක් ලෙස සැලකෙන නාලක වීරක්කොඩි මහතා මෙම කණ්ඩායමට සහය පුහුණුකාරීත්වය ලබා දෙන අතර, නාලක මහතා මහනුවර ක්‍රීඩා සමාජයේ හිටපු රග්බි ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙක් ලෙස ද ක්‍රියා කර ඇත.

නිමාවට පත් වූ වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ශූරතාවය ජයග්‍රහණය කිරීමට හැකි විය. එය ඔවුන් දෙපළ පුහුණුකාරීත්වයට සුදුසු යැයි දක්වා ඇති බවට හොඳම සාක්ෂියක් වේ.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට