2026 පාපන්දු ලෝක කුසලානයේ දෙවැනි දිනයට අදාළ තරග ද්විත්වයක් අද (13) අලුයම සහ උදෑසන පැවැත්වුණා.
මෙම තරග ද්විත්වයට පෙර කැනඩාවේ දී මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සමාරම්භක උළෙලක් ද ක්‍රියාත්මක වුනා.
ඉන් අනතුරුවයි කැනඩාව සහ බොස්නියාව තරගාවලියේ තෙවැනි තරගය වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනේ.
කැනඩාව සහ බොස්නියා සහ හැර්සගවීනා
තරගයේ පළමු අර්ධයේ 21 වැනි මිනිත්තුවේ දී බොස්නියාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට Jovo Lukic විසින් සමත් වුනා. කෙසේ වෙතත් ඉන් අනතුරුව පළමු අර්ධය නිමා වන තෙක්ම තවත් ගෝල වාර්තා නොවූ අතර, තරගයේ දෙවැනි අර්ධයේ ද මුල් කොටස එකදු ගෝලයක් හෝ වාර්තා නොවී ක්‍රියාත්මක වුනා.
කෙසේ වෙතත් තරගයේ 78 වැනි මිනිත්තුවේ දී කැනඩාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ Cyle Larin විසින් ගෝලයක් වාර්තා කරමින් තරගය සම මට්ටමට රැගෙන ඒමට සමත් වුනා. එමෙන්ම තරගය ජය පරාජයෙන් යුතුව අවසන් කිරීමට ද මෙම ගෝලය හේතු වුනා.
මෙය සත්කාරක දේශය වූ කැනඩාව පාර්ශවයෙන් එක්තරා අන්දමක ජයග්‍රහණයක් ලෙස පවා සැලකිය හැකි. කැනඩාව විසින් මෙතෙක් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පරාජය නොවූ එකම තරගය ලෙසයි මෙය වාර්තා අතරට එක් වන්නේ. මීට පෙර කැනඩාව 1986 සහ 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලි ද්විත්වය ක්‍රීඩා කර ඇති අතර, එහි දී ඔවුන් මුහුණ දුන් තරග 06ම පරාජයට පත් වී තිබුණා.
ඒ නිසා මෙම ජය පරාජයෙන් යුතුව නිමා වූ මෙම තරගය කැනඩාවට අතිශය වටිනා අවස්ථාවක් වූ බව වටහා ගත හැකි. නමුත් මෙම තරගය කැනඩාවට ජය ගැනීමට පවා අවස්ථාව තිබූ තරගයක් ලෙසත් සැලකිය හැකි.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
ඇමරිකා එක්සත් ජනපදය සහ පැරගුවේ
මෙම තරගයට පෙර ඇමරිකාවේ දී ද මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සමාරම්භක උළෙලක් ක්‍රියාත්මක වූ අතර, ඒ සඳහා ද ලෝ පතල සුපිරි තරු රැසක් මෙන්ම දේශපාලන බලවතුන් ද සහභාගී වුනා.
ඉහළ උත්සවයකින් අනතුරුව ඇමරිකාව සහ පැරගුවේ කණ්ඩායම් තරග බිමට අවතීර්ණ වූ අතර, තරගයේ 07 වැනි මිනිත්තුවේ දී පැරගුවේ ක්‍රීඩක Damian Bobadilla විසින් ඇමරිකාව වෙනුවෙන් Own Goal එකක් වාර්තා කළා. ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා ඉහළ දක්ෂතා පෙන්වමින් තරග වැදුණු පැරගුවේ ක්‍රීඩකයින් විසින් එම දක්ෂතා මෙම තරගයට රැගෙන ඒම අපොහොසත් වී තිබූ අතර, ඇමරිකාවට ගෝලයක් පිරිනැමීමෙන් අනතුරුව පැරගුවේ කණ්ඩායමට නැවත නැගී සිටීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.
තරගයේ පළමු අර්ධයේ 31 සහ 45+5 මිනිත්තු වල දී ඇමරිකාව වෙනුවෙන් Folarin Balogun විසින් ගෝල ද්විත්වයක් ලබාගත් අතර, තරගයේ දෙවැනි අර්ධයේ දී ඊට යම් තරගයක් දීමේ අරමුණින් යුතුව Mauricio විසින් පැරගුවේ වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ 90+8 මිනිත්තුවේ දී Giovanni Reyna විසින් ඇමරිකාව වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒත් සමඟම ඇමරිකාවට මෙවර තරගාවලියේ පළමු ජය 4-1ක් ලෙස තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණා.
මෙම ජය ඇමරිකානු පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ජයක් ලෙස සටහන් වනු ඇති අතර, ඔවුන් 1930 ලෝක කුසලානයෙන් පසුවයි මේ අයුරින් ගෝල තුනක වෙනසක් සහිතව ජයක් ලබන්නේ. එමෙන්ම 1930 වසරෙන් පසුවයි Folarin විසින් ඇමරිකාව වෙනුවෙන් එකම ලෝක කුසලාන තරගයක ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වුනේ.
හෙට (14) දිනය මෙවර ලෝක කුසලානය වෙනුවෙන් වඩාත් ඉහළ බලාපොරොත්තු ගොඩනගා ගැනීමට හේතුවක් වනු ඇති.
- අලුයම 12.30 – කටාර් සහ ස්විස්ටර්ලන්තය
- උදෑසන 3.30 – බ්‍රසීලය සහ මෙක්සිකෝව
- උදෑසන 6.30 – හයිටි සහ ස්කොට්ලන්තය
- උදෑසන 9.30 – ඕස්ට්‍රේලියාව සහ තුර්කිය
- රාත්‍රි 10.30 – ජර්මනිය සහ කුරසාඕ
එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>






















