ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩිකාවෝ වියට්නාමයට

261

ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම වියට්නාමයේ බැක් නින්හ් (Bac Ninh) පළාතේ පැවැත්වෙන 19 වන ආසියානු කාන්තා වයස අවුරුදු 19න් පහළ වොලිබෝල් ශූරතාවලියට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියහ.   

මේ මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගී වන 13 වැනි වතාව වන අතර තරගාවලිය ජුනි 10 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Army & Navy champions at Sunquick Beach Volleyball

Army SC & Navy SC won the Sunquick National Beach Volleyball Championship 2018 Men’s Open & Women’s Open championships…

කණ්ඩායම් 16ක් මෙම තරගාවලියට සහභාගී වන අතර මේ තරගාවලිය FIVB වයස අවුරුදු 20න් පහළ කාන්තා වොලිබෝල් ශූරතාවලිය සඳහා තේරීම් තරගාවලියක් ලෙස ද යොදා ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකාව D කාණ්ඩයට ඇතුළත් වන අතර ශ්‍රී ලංකාව සමඟ නවසීලන්තය, උස්බෙකිස්තානය හා මලයාසියාව මෙම කාණ්ඩයේ තරග කරයි.

නව තරගාවලි රටාවේ ව්‍යුහය අනුව ක්‍රියාත්මක වන පළමු තරගාවලිය මෙය වන අතර 2017 ආසියානු වොලිබෝල් කවුන්සිලයේ තීරණයක් අනුව පළමු වටයේ කණ්ඩායම් සියල්ල කාණ්ඩ ගත කර ක්‍රීඩා කරන මේ නව ක්‍රමය ක්‍රියාත්මක කරයි.

සත්කාරක කණ්ඩායම ද ඇතුළුව සියලු කණ්ඩායම් 2016 ආසියානු වයස අවුරුදු 19න් පහළ වොලිබෝල් ශූරතාවලියේ දැක්වූ දක්ෂතා අනුව එක් එක් කාණ්ඩයන්ට ඇතුළු කරන අතර එම තරගාවලියේ ඉහළම දස්කම් දැක්වූ කණ්ඩායම් හතර A කාණ්ඩයට ඇතුළු කරයි. පහ, හය, හත සහ අටවැනි ස්ථාන දිනා ගත් කණ්ඩායම් B කාණ්ඩයට ඇතුළත් කරන අතර එලෙස සියලුම කණ්ඩායම් පෙර තරගාවලියේ දක්ෂතාවයන් අනුව ස්ථානගත කරයි.   

1986, 2004 හා 2014 යන වසර වලදී  ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අටවන ස්ථානයට පත්වීමට සමත් වූ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමක් ළඟා කර ගැනීමට සමත් වූ ඉහළම දක්ෂතාවයයි. 2014 වසරේ දී තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්විය.

දිනූෂා දිල්රුක්ෂි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන අතර සුමේධ විමලවීර ප්‍රධාන පුහුණුකරු ලෙසත්, තාරක රත්නවීර සහය පුහුණුකරු ලෙසත්, මොරිස් චාමින්ද කණ්ඩායමේ භෞත චිකිත්සක පුහුණුකරු (trainer) ලෙසත් කටයුතු කරයි. මංජුල කාරියවසම් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරයි.  

තායිලන්ත ගිය ජනිත සුරත්ගෙන් විශිෂ්ට දස්කම්

තායිලන්තයේ බැංකොක් නුවර දී පැවති ‘Thai-Denmark Super League 2018’ වොලිබෝල් තරගාවලියේ දී තරගාවලියේ හොඳම පන්දු යොමුකරන්නාට හිමි සම්මානය…

ආනමඩුව මධ්‍ය විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් හයක් කණ්ඩායමට එක්ව ඇති අතර නායිකාව වන දිනූෂා දිල්රුක්ෂි, ශිහාරා සෙව්මිණි, නිපුනි අයෝධ්‍යා, පියුමි භාෂිණී, පියුමි භාග්‍යා හා රිද්මි සංජිවනි ඒ අතර වේ.

රෂිනි ඉෂාරා, ශිහාර සෙව්මිණි, දිනූෂා දිල්රුක්ෂි, අයි. ඒ. අයි සෙව්වන්දි, සංසලා නෙත්මිණි සහ නිපුනි අයෝධ්‍යා ආක්‍රමණශීලී ක්‍රීඩිකාවෝ (High Attackers) වන අතර පියුමි භාෂිණී, පියුමි භාග්‍යා හා රශිනේත්‍රා ක්ෂණික ආක්‍රමණශීලී ක්‍රීඩිකාවෝ වෙති. (Quick Attackers)   

නෙත්මි කෞශල්‍යා හා කොෂලා සෙව්වන්දි පන්දු පිරිනමන්නන් හා පන්දු සකස්කරනා ක්‍රීඩිකාවන් වන අතර රිද්මිකා සංජිවනි ලිබරෝ ක්‍රීඩිකාව ලෙස ක්‍රීඩා කරයි.

ශ්‍රී ලංකා සංචිතය

රෂිනි ඉෂාරා, ශිහාරා සෙව්මිණි, දිනුෂා දිල්රුක්ෂි (නායිකා), අයි. ඒ. අයි සෙව්වන්දි, සංසලා නෙත්මිණි, නිපුනි අයෝධ්‍යා, පියුමි භාෂිණී, පියුමි භාග්‍යා, රිද්මිකා සංජිවනි, රිශිනේත්‍රා බාලසුරිය, නෙත්මි කෞශල්‍යා, කෝසලා සෙව්වන්දි

  • ප්‍රධාන පුහුණුකරු – සුමේධ විමලවීර
  • සහය පුහුණුකරු – තාරක රත්නවීර
  • කණ්ඩායමේ භෞත චිකිත්සක පුහුණුකරු – මොරිස් චාමින්ද
  • කණ්ඩායමේ කළමනාකරු – මංජුල කාරියවසම්

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<