Home Sinhala ස්ටෝක්ස් හා ආචර්ගෙන් එංගලන්තයට ජයග්‍රාහී ආරම්භයක්!

ස්ටෝක්ස් හා ආචර්ගෙන් එංගලන්තයට ජයග්‍රාහී ආරම්භයක්!

200

2019 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය අද (30) එංගලන්තයේ ලන්ඩන් නුවර දී ආරම්භ විය. එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවති මෙම තරගයෙන් ලකුණු 104ක පහසු ජයක් වාර්තා කිරමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

​එකම දින කඩඉම් දෙකක් පසුකරමින් මෝගන් වාර්තා පොතට

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සමාරම්භ කරමින් එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින…

කාසියේ වාසිය හිමි කර ගත් දකුණු අප්‍රිකානු නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 311ක් වාර්තා කළහ. ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 207ක් පමණි.

කිසිවකු අපේක්ෂා නොකළ අයුරින් දකුණු අප්‍රිකානු ඉනිමේ පන්දු යැවීම ආරම්භ කළ ඉම්රාන් තාහීර්, තමා යැවූ දෙවන පන්දුවෙන්ම ලකුණු අතර සිටි ජොනී බෙයාස්ටෝව් දවා ගත්තේ සිය කණ්ඩායමට ජයග්‍රාහී ආරම්භයක් ලබා දෙමිනි.

අනතුරුව ජේසන් රෝයි හා පිටියේ එක් වූ ජෝ රූට් සාර්ථක දල ලකුණු වේගයක් පවත්වා ගනිමින් එංගලන්තය ඉනිම ඉදිරියට ගෙන ගියහ.

ලකුණු 54ක් ලබා සිටි ජේසන් රෝයි දවා ගත් ෆෙලුක්වායෝ ඔවුන් අතර පැවති ලකුණු 106ක සබඳතාවය බිඳ දැමූ අතර ඊළඟ පන්දු වාරයේ දී ක්‍රියාත්මක වූ රබාඩා, ජෝ රූට් ලකුණු 51කට දවා ගනිමින් යළි තරගය වෙත අවතීර්ණ විය.

නමුත් සිය ඉනිම බිඳ වැටීමට ඉඩ නොදුන් නායක ඔයින් මෝගන් හා බෙන් ස්ටෝක්ස් එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 217ක් දක්වා ඉහළ නැංවූ අතර එම සබඳතාවය බිඳ දැමීමට යළි ක්‍රියාත්මක වූ ඉම්රාන් තාහීර් සමත් වූයේ නායක මෝගන් ලකුණු 57කට දවා ගනිමිනි. පන්දු 60කින් වාර්තා වූ ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් හා හයේ පහර 3කින් වර්ණවත් විය.

අගහිඟකම් මැද කණ්ඩායම අත්නොහරින බංග්ලාදේශ ක්‍රීඩාලෝලියා

2019 ලෝක කුසලාන ක්‍රිකට් වසන්තය මේ වන විට ආරම්භ වී අවසන්. ක්‍රීඩකයන් හා ක්‍රීඩාලෝලීන් පවා උරෙන් උර ගැටෙන ක්‍රිකට්…

ඉන්පසු පිටියට පිවිසි පිතිකරුවන් හට එතරම් සාර්ථක වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් නමුත් එක් අන්තයක හුදකලා වූ බෙන් ස්ටෝක්ස් එංගලන්ත ලකුණු පුවරුව 300 සීමාව පසුකර වීමට සමත් විය. ඉනිමේ අටවැනි කඩුල්ල ලෙස ස්ටෝක්ස් දැවී යන විට ලකුණු 89ක් ලබා සිටි අතර පන්දු 79කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් ඇතුළත් විය.

පන්දුවාර 50 අවසානයේ එංගලන්තය කඩුලු 8ක් දැවූ ලකුණු 311ක් වාර්තා කළ අතර පන්දු යැවීමේ දී ලුන්ගි න්ගිඩි කඩුලු 3ක් හා තාහීර් හා රබාඩා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ලකුණු 312ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු හෂීම් අම්ලා, ජොෆ්රා ආචර් යැවූ පන්දුවක් හිසේ වැදීම නිසා තාවකාලිකව පිටියෙන් ඉවත් විය. යළි ක්‍රියාත්මක වූ ආචර්, ඒඩ්න් මාක්‍රම් ලකුණු 11කටත් නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 5කටත් දවා ගත්තේ ප්‍රතිවාදී කණ්ඩායමේ ලකුණු හඹා යෑමේ වේගය අඩාල කරමිනි.

සිව්වැනි කඩුල්ල සඳහා ක්වින්ටන් ඩි කොක් හා පිටියේ එක් වූ වෑන් ඩර් ඩසන් සිය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය කරා රැගෙන යෑමට උත්සහ කළ ද, ඉනිමේ 23 වැනි පන්දු වාරයේ දී ලකුණු 68ක් ලබා සිටි ඩි කොක් දැවී යාමත් සමඟ තරගය ඔවුන් වෙතින් ගිලිහී ගියේය.

ඩි කොක් හට අනගි සහයක් ලබා දුන් වෑන් ඩර් ඩසන් පන්දු 61ක දී ලකුණු 50ක් වාර්තා කළ අතර ඔහු ද ආචර්ගේ ගොදුරක් බවට පත්වූයේ ජයග්‍රාහී ඉලක්කය තව තවත් ඔවුන්ගේන් ඈත් කරමිනි.

තාවකාලිකව පිටියෙන් ඉවත් ව සිටි හෂීම් අම්ලා ඉනිමේ අග භාගයේ දී යළි පිතිකරණය සඳහා පැමිණිය ද ඔහුට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ලියම් ප්ලන්කට් ඉඩ ලබා දුන්නේ නැත.

සෙසු පිතිකරුවන්ගෙන් මනා සහයක් නොලැබීම හා නියමිත දල ලකුණු වේගය පවත්වා නොගැනීම නිසා දකුණු අප්‍රිකානුවන් හට ලකුණු 312, ළඟා වීමට අපහසු ඉලක්කයක් බවට පත් විය.

අවසානයේ දී පන්දුවාර 39.5ක් තුළ දී සියල්ලන් දැවී දකුණු අප්‍රිකාවට ලබා ගත හැකි වූයේ ලකුණු 207ක් පමණි.

එංගලන්තය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ආචර් කඩුලු 3ක් ලබා ගත් අතර ලියම් ප්ලන්කට් හා බෙන් ස්ටෝස් කඩුලු 2 බැගින් ලබා ගන්නා ලදි. ඊට අමතරව දඟපන්දු යවන්නන් වන මොයින් අලී හා අදීල් රෂීඩ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ බෙන් ස්ටෝක්ස් තරගයේ වීරයා ලෙස නම් කරන ලදි.

තරගාවලියේ දෙවැනි තරගය හෙට (31) බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානය අතර පැවැත්වෙනු ඇත. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Result


England
311/8 (50)

South Africa
207/10 (39.5)

Batsmen R B 4s 6s SR
Jason Roy c Faf du Plessis b Andile Phehlukwayo 54 53 8 0 101.89
Jonny Bairstow c Quinton de Kock b Imran Tahir 0 1 0 0 0.00
Joe Root c JP Duminy b Kagiso Rabada 51 59 5 0 86.44
Eoin Morgan c Aiden Markram b Imran Tahir 57 60 4 3 95.00
Ben Stokes c Hashim Amla b Lungi Ngidi 89 79 9 0 112.66
Jos Buttler b Lungi Ngidi 18 16 0 0 112.50
Moeen Ali c Faf du Plessis b Lungi Ngidi 3 9 0 0 33.33
Chris Woakes c Faf du Plessis b Kagiso Rabada 13 14 1 0 92.86
Liam Plunkett not out 9 6 1 0 150.00
Jofra Archer not out 7 3 1 0 233.33


Extras 10 (b 0 , lb 2 , nb 0, w 8, pen 0)
Total 311/8 (50 Overs, RR: 6.22)
Fall of Wickets 1-1 (0.2) Jonny Bairstow, 2-107 (18.4) Jason Roy, 3-111 (19.1) Joe Root, 4-217 (36.5) Eoin Morgan, 5-247 (41.2) Jos Buttler, 6-260 (43.6) Moeen Ali, 7-285 (47.3) Chris Woakes, 8-300 (48.6) Ben Stokes,

Bowling O M R W Econ
Imran Tahir 10 0 61 2 6.10
Lungi Ngidi 10 0 66 3 6.60
Kagiso Rabada 10 0 66 2 6.60
Dwaine Pretorius 7 0 42 0 6.00
Andile Phehlukwayo 8 0 44 1 5.50
JP Duminy 2 0 14 0 7.00
Aiden Markram 3 0 16 0 5.33


Batsmen R B 4s 6s SR
Quinton de Kock c Joe Root b Liam Plunkett 68 74 6 2 91.89
Hashim Amla c Jos Buttler b Liam Plunkett 13 23 1 0 56.52
Aiden Markram c Joe Root b Jofra Archer 11 12 2 0 91.67
Faf du Plessis c Joe Root b Jofra Archer 5 7 1 0 71.43
Rassie van der Dussen c Moeen Ali b Jofra Archer 50 61 4 1 81.97
JP Duminy c Ben Stokes b Moeen Ali 8 11 1 0 72.73
Dwaine Pretorius run out (Ben Stokes) 1 1 0 0 100.00
Andile Phehlukwayo c Ben Stokes b Adil Rashid 24 25 4 0 96.00
Kagiso Rabada c Liam Plunkett b Ben Stokes 11 19 0 0 57.89
Lungi Ngidi not out 6 5 0 1 120.00
Imran Tahir c Joe Root b Ben Stokes 0 1 0 0 0.00


Extras 10 (b 4 , lb 5 , nb 0, w 1, pen 0)
Total 207/10 (39.5 Overs, RR: 5.2)
Fall of Wickets 1-36 (7.4) Aiden Markram, 2-44 (9.3) Faf du Plessis, 3-129 (22.6) Quinton de Kock, 4-142 (25.5) JP Duminy, 5-144 (26.2) Dwaine Pretorius, 6-167 (31.5) Rassie van der Dussen, 7-180 (34.1) Andile Phehlukwayo, 8-193 (38.1) Hashim Amla, 9-207 (39.4) Kagiso Rabada, 10-207 (39.5) Imran Tahir,

Bowling O M R W Econ
Chris Woakes 5 0 24 0 4.80
Jofra Archer 7 1 27 3 3.86
Adil Rashid 8 0 35 1 4.38
Moeen Ali 10 0 63 1 6.30
Liam Plunkett 7 0 37 2 5.29
Ben Stokes 2.5 0 12 2 4.80



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<