ඔහු කිව්ව දේ ලොකු හයියක් වුනා අපිට – ධනංජය

2355

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, මේ මස 28 වැනිදා චෙස්ටර්-ලි-ස්ට්‍රීට් හිදී දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරගය වෙනුවෙන් අද (24) සිය පුහුණුවීම් ආරම්භ කළේය.

ඔහු නැති අඩුව අපිට තදටම වැදුණා – එංගලන්ත නායක

ඊයේ (21) දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ………..

ලීඩ්ස් හිදී පැවැත්වුණු ශ්‍රී ලංකා – එංගලන්ත තරගයේ දී තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා පිතිකරණයෙන් ලකුණු 29ක් ලබා ගත් අතර පන්දු යැවීමෙන් ද කඩුලු 3ක් දවා ගත්තේය. ඒ නිසාවෙන් දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරගයේ දී ද ධනංජය දක්වන දස්කම් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට විශාල බලපෑමක් වෙනු නිසැකය.

“ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපිට දැනට හම්බුවෙච්ච විකට් වලට වඩා එංගලන්ත තරගය තිබ්බ හෙඩෙන්ග්ලි විකට් එක්ක මන්දගාමියි. අපි ඒ වගේ තණතීරු වල සෙල්ලම් කරන්න ගොඩක් කැමතියි. මේ වගේ තණතීරු ලැබුනොත් ලෝකේ ඕනම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන් හැකියාව අපට තියෙනවා. අපිට ඉදිරියේ දී පැවැත්වෙන තරගවලට මේ වගේ තණතීරු ලැබෙයි කියල මම හිතනවා. කාලගුණයත් ලොකු බලපෑමක් වෙන එක්ක නැහැ.”

එම තරගයේ දී ලකුණු 43කට කඩුලු 3ක් දවා ගනිමින් ලසිත් මාලිංග නැවතත් සිය සුපුරුදු දස්කම් අතරට පැමිණියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන තුරුම්පුව බවට පත්වෙමිනි. ඔහුට සහාය දුන් ධනංජය මොයින් අලී, ආදිල් රෂීඩ් හා ක්‍රිස් වෝකස් යන කඩුලු 3 දවා ගන්නා ලදි. එහි අවසන් ප්‍රතිඵලය ලෙස ඔහු පන්දුවාර 8ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

“එංගලන්ත තරගයේ එංගලන්ත ඉනිම මැද දී තරගය අපෙන් ටිකක් දුරස් වුනා. නමුත් ඔවුන්ගේ මැදපෙළ ප්‍රබල කඩුලු 3ක් දවාගෙන නැවතත් තරගය අපේ දෙසට ගේන්න මට පුළුවන් වුනා.” යැයි සිය දක්ෂතා ගැන අදහස් දක්වමින් ධනංජය ද සිල්වා පවසන ලදි.

ලොව අංක එකේ විනිසුරුගෙන් දශකයයි; ශතකයයි

වර්තමානයේ ලොව අංක එකේ විනිසුරු ලෙස නම් දැරූ……….

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල ධනංජය ද සිල්වා දැනට කඩුලු 5ක් දවාගෙන තිබෙන අතර 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු දවාගෙන තිබෙන  දඟපන්දු යවන්නන් අතර ධනංජය ද සිල්වාට පස්වැනි තැන හිමිව තිබේ.

ධනංජය ද සිල්වා යනු සැබවින්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක්, නමුත් ඔහු දැනට ශ්‍රී ලංකාව තරග වැදුණු තරග 4 දී පිතිකරණයේ නිරත වුනේ ස්ථානයන් 4කයි. ඔහුට පිතිකරණ ලැයිස්තුවේ නිසි ස්ථානයක් තවමත් නොමැත. කණ්ඩායමේ සමබරතාවය රැකගැනීමට නම් ධනංජය පිතිකරණයෙන් හා පන්දු යැවීමෙන් එක ලෙස දස්කම් දැක්වීම ඉතාමත් වැදගත් වේ.

“මම මගේ පිතිකරණය ගැන තමයි ගොඩක්ම උනන්දු වෙන්නේ. මම දැනට ක්‍රීඩා කරන්නේ අංක 7 සමහර විට ඊට පහළට යන්න වෙන අවස්ථාවනුත් තියෙනවා. පන්දු යවන කොටත්, බැට් කරන කොටත් සතුටින් තමයි මම ක්‍රීඩා කරන්නේ. මට අවස්ථාවක් ලැබුනොත් මම බැට් එකෙනුත් වැඩ පෙන්වන්න සූදානමින් ඉන්නවා” ධනංජය පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් ඉතිරිව තිබෙන අතර දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් හා ඉන්දියාව සමඟ පැවැත්වෙන එම තරග 3න් අවම ලෙස තරග දෙකක් හෝ ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් 4 දෙනාගේ වටයට පිවිසීමට වැඩි ඉඩක් තිබේ.

“දැන් අපේ කණ්ඩායම හොඳ මට්ටමකට ඇවිල්ලා ඉන්නවා. ඊළඟ තරග දෙක ජය ගන්න අපේ කණ්ඩායම ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. අපි ඒ සඳහා අපේ උපරිමය දෙන්න සූදානමින් ඉන්නවා.” ධනංජය සිය කණ්ඩායමේ ඉදිරි සැලසුම් ගැන පැවසුවේ එසේයි.

Twitter post එකක් නිසා ඉන්දීය ක්‍රිකට් හාස්‍යයට ලක්වෙයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය දා ……

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර එංගලන්ත නායකයා එක්තරා මාධ්‍ය හමුවකට සහභාගී වූ අවස්ථාවක දී මාධ්‍යවේදියෙක් ජොෆ්රා ආචර් එංගලන්ත කණ්ඩායමට කැඳවීම පුදුම සහගත දැයි විමසූ විට ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉදිරිපත් කර තිබෙන සංචිතය ඇසූ පසු තමන් පුදුම වන බවයි. ධනංජය ඒ සිදුවීමට ගැන පැවසුවේ මෙවැන්නක්.

“ඔහු (මෝර්ගන්) අපේ කණ්ඩායම ගැන ලොකු වැරදි වැටහීමකින් ඉඳලා කියලයි මට හිතෙන්නේ. ඔහු එදා කිව්ව දේ අපේ මුළු කණ්ඩායමම ශක්තියක් කරගත්තා. අපි ඒ තරගය ක්‍රීඩා කළේ ඒකම ඉලක්ක කරගෙනත් නෙමේ. නමුත් අපිට ඒ තරගය කොහොම හරි දිනන්න ඕන වුනා. ඒකට මෝර්ගන් කියපු දේ ලොකු හයියක් වුනා කියලයි මම කියන්නේ.” යැයි ධනංජය ද  පැවසීය.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<