ශ්‍රී ලංකා 23න් පහළ පාපන්දු සංචිතය නම් කරයි

AFC 23න් පහළ පාපන්දු ශූරතාවය - සුදුසුකම් ලබා ගැනීමේ වටය

592

දෝහා කටාර් හිදි පැවැත්වීමට නියමිත AFC වයස අවුරුදු 23න් පහළ පාපන්දු තරගාවලිය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි සඳහා සහභාගී වන ශ්‍රී ලංකා අවසන් පාපන්දු සංචිතය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

මීට පෙර එම තරගාවලිය ඉලක්ක කර ගනිමින් 33 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු කළ අතර මෙම මස 12 වැනිදා සිට කටාර් හී පැවති පුහුණු කඳවුරකින් පසුව අවසන් සංචිතය නම් කිරීමට කටයුතු කර තිබුණා.

ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් යුත් මෙම අවසන් සංචිතය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පවා නියෝජනය කළ Mohamed Aaakib සහ Dillon De Silva ඇතුළත් නොවීම කැපී පෙනුණා.

තරගාවලිය සඳහා තරග වදින මෙම කණ්ඩායමේ නායකත්වය සසංග ඩිල්හාර හට හිමිව තිබෙන අතර අසේල මදුෂාන් උපනායකයා ලෙස පත්කර තිබෙනවා.

ඔහුට අමතරව Mohamed Aaakib, Mohamed Shakir, Brian Weerappuli, Kavin Sucharith, Mariyanesan Pirasanth, Varatharaja Jaksan, Mohamed Sajid, Avishka Deshan, Dhananjaya Supumitha සහ Hashika Nawoda යන ක්‍රීඩකයන් හට මෙම අවසන් සංචිතය මගහැරී තිබෙනවා.

සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස Mohamed Amanulla සහ සහය පුහුණුකරුවන් ලෙස Ratnam Jusmin සහ Saman Dayawansa කටයුතු කරනවා. ශ්‍රී ලංකාව AFC 23න් පහළ පාපන්දු ශූරතාවලිය සඳහා A කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයේ සිටින අනෙකුත් රටවල් වන්නේ කටාර්, යේමනය සහ සිරියාවයි.

තරගාවලිය සඳහා නම්ළ අවසන් සංචිතය,

NAME CLUB POSITION
Sasanga Dilhara Defenders Midfielder
Asela Madushan Sea Hawks Midfielder
Lakshan Dananjaya New Youngs Midfielder
Shenal Sandesh Blue Star Forward
Daniel Magrath Blue Star Midfielder
Abdul Basith Colombo Defender
Shabeer Razooniya Colombo Forward
Rifkhan Mohamed Defenders Forward
Nuwan Gimhana Defenders Goalkeeper
Bathurtheen Thasleem New Star Defender
Gihan Chathuranga New Youngs Defender
Rumesh Mendis New Youngs Midfielder
Mohamed Murshid Ratnam Goalkeeper
Aman Faizer Renown Midfielder
Raza Rumy Renown Midfielder
Mohamed Mushfir Renown Defender
Udayanga Perera Sea Hawks Goalkeeper
Mohamed Kurshid Sea Hawks Midfielder
Shishan Prabudda Police Midfielder
Pathum Vimukthi Up Country Lions Defender
Kannan Thenushan Uruthirapuran Midfielder
Yuvarasa Thanusan Uruthirapuran Midfielder
Vikum Avishka Sea Hawks Defender

තරගාවලියේ කාලසටහන:

  • ශ්‍රී ලංකාව – සිරියාව (ඔක්තෝබර් 25)
  • ශ්‍රී ලංකාව – කටාර් (ඔක්තෝබර් 28)
  • ශ්‍රී ලංකාව – යේමනය (ඔක්තෝබර් 31)

තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<