හශාන් සංදීපගේ කඩුලු 7 ඩී. එස්. හදවත් බිඳ දමයි

1341
Mahanama College Champions

කොළඹ මහානාම විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර ඊයේ (10) රාත්‍රියේ අවසන් වූ 11 වන රන් මහා සටනේ සීමිත පන්දුවාර තරගය ලකුණු 24කින් ජයග්‍රහණය කිරීමට මහානාම විද්‍යාලය සමත් වූ අතර, එහි දී ඩී. එස්. සේනානායක විද්‍යාලයේ කඩුලු 7ක් දවාලූ හශාන් සංදීපගේ පන්දු යැවීම ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පිතිකරුවන්ට මරු පහරක් විය.

නුවරට තියුණු ජයක්; තවත් තරගයක් සමව නිමා වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශූරයින්ගේ කුසලානය උදෙසා ප්‍රබල ක්‍රීඩක සංචිතයකින් කණ්ඩායම සන්නද්ධ කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ…

ඩී. එස්. සේනානායක විද්‍යාලයට වසර 50ක් සපිරෙන මේ වසර තුළ දී පැවැත්වුන මෙම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය ඔවුන්ට පමණක් නොව මහානාම විද්‍යාලයටත් වැදගත් තරගයකි. ඒ නිසාවෙන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ විදුලි ආලෝක මධ්‍යයේ දිවා රාත්‍රි තරගයක් ලෙස මෙම  තරගය පැවතියේ “අරවින්ද ද සිල්වා අභියෝග ශූරතා” කුසලානය වෙනුවෙනි.

ඉතා උණුසුම් කාලගුණික තත්ත්වයක් මැද තරගය ඊයේ (9) දහවල් ආරම්භ වූ අතර, එහි කාසියේ වාසිය ජයග්‍රහණය කළ මහානාම විද්‍යාලයේ නායක මලිඳු මදුරංග තම කණ්ඩායම වෙත පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගන්නා ලදි.  

නමුත් මහානාම විද්‍යාලයට සාර්ථක මුල් පෙළ සබඳතාවයක් ගොඩනැංවීමට නායක ටොරින් පිටිගල ඇතුළු ඩී. එස්. සේනානායක පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. නිදුක වැලිකලගේ දැවී යාමත් සමඟින් මහානාම විද්‍යාලයේ ප්‍රේක්ෂකයෝ මදක් නිහඬ වූහ.

ඉන්පසු පිටියට පැමිණි පවන්ත වීරසිංහ, නායක මලිඳු මදුරංග හා එක්වී එක් එක් ලකුණක බැගින් ලබා ගනිමින් මහානාම විද්‍යාලයේ ප්‍රේක්ෂකාගාරයට නැවතත් බලාපොරොත්තු ඇති කරවන ලදි.

දක්ෂ ලෙස ලකුණු ලබා ගනිමින් තම විද්‍යාලයේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කර ගැනීමට ගිය මලිඳු, ලකුණු 25ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යන ලදි. තම අර්ධ ශතකය ලබා ගැනීමට පසුව වේගවත් පිතිකරණයක් දියත් කළ වීරසිංහ ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී ටොරින් පිටිගල කඩුලු 3ක් දවා ගන්නා විට, විහාන් ගුණසේකර කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

රාත්‍රි ආලෝකය මධ්‍යයේ ලකුණු 245ක අභියෝගාත්මක ලකුණක් හඹා යාමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක පිතිකරුවන්ව මුල සිටම ග්‍රහණයට හසු කර ගැනීමට මහානාම පන්දු යවන්නෝ සමත් වූහ. බව සනාථ කරමින් ශෙසාඩ් අමීන් හා පසිදු ආධිත්‍යයගේ ආරම්භක සබඳතාවය ලකුණු 26කට සීමා කිරීමට ඔවුන් සමත් විය. වන විට ආධිත්‍යය ලකුණු 16ක් ලබාගෙන සිටියේය.

ශෙසාඩ් සමඟින් අනතුරුව පිටියේ එක්වූ විහාන් ගුණසේකර තෙවන කඩුල්ලට ලකුණු 68ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවිය. තරගයේ ප්‍රධාන චරිතයක් වූ හශාන් සංදීප ලකුණු 62ක් ලබාගෙන සිටි ශෙසාඩ්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය. එතැන් පටන් ආරම්භ වූ ඩී. එස්. පිතිකරණයේ පරිහානිය කෙතරම් දුරට ගියේ ද නම්, එක් මොහොතක කඩුලු 6ක් දැවී ලකුණු 165ක් ලෙස ඔවුන්ගේ ලකුණු පුවරුව දිස්විය.

නායක ටොරින් පිටිගල හා ශසික ගමගේ 7 වන කඩුල්ල සඳහා ලකුණු 43ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වුවත්, අවසානයේ මහානාම විද්‍යාලය ලකුණු 24කින් තරගය ජයග්‍රහණය කරමින් රන් මහා සටන් ඉතිහාසයේ තම 6 වන එක්දින ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූයේ, සුවහසක් මහානාම ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය.

මහානාම විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 244 (50): පවන්ත වීරසිංහ 84, හෙශාන් හෙට්ටිආරච්චි 63*, මලිඳු මදුරංග 25, ටොරින් පිටිගල 3/48, විහාන් ගුණසේකර 2/41

ඩී. එස්.සේනානායක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 220 (48.4): ශෙසාඩ් අමීන් 62, විහාන් ගුණසේකර 30, ටොරින් පිටිගල 30, ශසික ගමගේ 22, හශාන් සංදීප 7/50

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට