හැටහය වැනි මොරටු – සුමංගල මහා ක්‍රිකට් සටන ලබන 16 වැනිදා

135

මොරටුව මොරටු විද්‍යාලය හා ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැත්වෙන 66 වන මොරටු මහා ක්‍රිකට් සටන ලබන මාර්තු 16 හා 17 මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ධනුෂ්කගේ තුන් ඉරියව් දස්කම් වෙන්නප්පුවට ජයගෙන එයි

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා හලාවත සාන්ත මරියා විද්‍යාලය අතර හත්වැනි වරටත් …

අතීතයෙන් බිඳක්

1952 දී ආරම්භ වූ මොරටු විද්‍යාලය හා ශ්‍රී සුමංගල විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය වසර 65ක් පුරා වාර්ෂිකව සංවිධානය වන මහා ක්‍රිකට් තරගයකි. ක්‍රීඩා කර ඇති තරග 65න් ශ්‍රී සුමංගල විද්‍යාලය තරග 8ක් ජයගෙන ඇති අතර මොරටු විද්‍යාලය ජයගෙන ඇත්තේ තරග 7ක් පමණි.

තරග 50ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර ඉරේෂ පුෂ්පකුමාරගේ නායකත්වයෙන් තරග කළ ශ්‍රී සුමංගල විද්‍යාලය 2007 දී අවසන් වරට මහා ක්‍රිකට් තරග ජය පානදුරට රැගෙන යද්දී අනුරුද්ධ කල්හාරගේ නායකත්වයෙන් මොරටු මහා විද්‍යාලය 2010 දී අවසන් වරට මහා ක්‍රිකට් තරග ජය මොරටුවට රැගෙන යාමට සමත් විය.

මොරටු මහා විද්‍යාලය

මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් මෙවර පාසල් ක්‍රිකට් වාරයේ වැඩිම ලකුණු වාර්තා කළ ශෙහද ප්‍රනාන්දු මෙවර කණ්ඩායම මෙහෙයවනු ලබයි. මේ වන විට ලකුණු 385ක් රැස්කරගෙන සිටින ඔහුට අනගි සහයක් වෙමින් කණ්ඩයමේ උපනායක හා ප්‍රධානතම පිතිකරු ලෙස නිශාන් මදුෂ්ක සිය වගකීම ඉටු කරනු ලබයි.

පසුගිය දා නිමා වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩයම නියෝජනය කිරීමේ වරම් ද හිමි කර ගත් ඔහු මෙවර තරග වාරයේ දී ක්‍රීඩා කළ තරග තුනේ දී ලකුණු 270ක් රැස් කිරීමට සමත් විය.

මෙවර තරග වාරයේ ලකුණු 300 සීමාව ඉක්මවා ගිය ජනිත් සේව්මිත්ගේ පිත්ත ද මෙවර ක්‍රියාත්මක වනු ඇතැයි කණ්ඩයම අපේක්ෂා කරයි. පිතිකරණ ලැයිස්තුව තවත් ශක්තිමත් කරමින් මේ වන විට ලකුණු 275 සීමාවට ළඟා වී සිටින නදීත් මිචේන්ද්‍රගේ දකුණත් පිත්ත ද 66 වන මොරටු – සුමංගල සටනේ දී ක්‍රියාත්මක වනු ඇතැයි සියලු දෙනා බලාපොරොත්තුවේ.

පන්දු යැවීමේ බලඇණිය මෙහෙයවමින් දකුණත් දඟපන්දු යවන ක්‍රීඩක ෂෙහාන් ජීවන්ත කටයුතු කරන අතර කඩුලු 34ක් කණ්ඩයම වෙනුවෙන් දවා ගෙන ඇති ඔහුගේ දඟපන්දු ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට මහත් තර්ජනයක් වනු ඇත.

මෙවර වයස අවුරුදු 19න් පහළ ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ ක්‍රීඩා කරන මොරටු මහා විද්‍යාලය සම්පූර්ණ තරග ජයග්‍රහණ එකක් වාර්තා කරගෙන ඇති අතර තරග හතරක් සම්පූර්ණයෙන්ම පරාජය වී තිබේ. කෙසේ වෙතත් කණ්ඩයම් 36කින් 32 වන ස්ථානය දිනා ගත් මොරටු මහා විද්‍යාලය ලබන වසරේ දීත් පළමු කාණ්ඩයේ ක්‍රීඩා කරනු ඇත.

අපේක්ෂිත කණ්ඩයම – ශෙහද ප්‍රනාන්දු (නායක), නිශාන් මධුෂ්ක (උප නායක), ෂෙහාන් ජීවන්ත, නදීත් මිචේන්ද්‍ර, ජනිත් සේව්මිත්, මදුෂ්ක නිලක්ෂණ, නිරාජ් කවිෂ්ක, රශ්මික කවිෂ්ක, එරාන් හංසමාල්, චමිඳු රවිෂ්ක, වරුණ නිමන්ත.

කාර්තික්, පාන්ඩ්‍යා හා තාකූර්ගේ දස්කම් නිසා ශ්‍රී ලංකාව වැට උඩට

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 70 වන සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා …

ශ්‍රී සුමංගල විද්‍යාලය

මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ ශ්‍රී සුමංගල විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නිපුන දේශාන් මෙවර කණ්ඩයම මෙහෙය වීමේ වගකීම සමඟ පිතිකරණයේ යෙදුණු ඇත. කළුතර විද්‍යාලයට එරෙහිව ලකුණු 253ක දැවැන්ත ඉනිමක් ක්‍රියාත්මක කළ ඔහුගේ පිත්තෙන් ශතක දෙකක් ද සමඟින් ලකුණු 882ක් වාර්තා වී තිබීම නිපුනගේ කඩුල්ල තරගයේ වැදගත්ම කඩුල්ල වීමට හේතු වි තිබේ.

නිපුන හට අනගි සහයක් වෙමින් ඉසුරු උමංග ද ලකුණු 582ක් සිය නම යටතේ වාර්තා කර ගනිමින් මෙවර සටන් බිමට පිවිසෙනු ඇත.

ශතක දෙකක් සමඟින් ලකුණු 482ක් රැස්කරගෙන සිටින කඩුලු රකින පිතිකරු පසිඳු ශානජිත්ගේ පිත්තේ බලය ද මෙවර සුමංගල විද්‍යාලයට ඉතා වැදගත් වනු ඇත. ප්‍රවේගකාරී පිතිකරු තරණ ගන්දර ද ලකුණු 470ක් රැස්කර ගනිමින් මෙවර තරග වාරයේ දී සිය දස්කම් පෙන්වා ඇති අතර ඉතා ප්‍රබල පිතිකරණ ලැයිස්තුවක් සමඟින් ශ්‍රී සුමංගල විදුහල මෙවර තරග බිමට පිවිසීමට නියමිතය.

අනුක ප්‍රදීපික කණ්ඩයමේ ප්‍රබලම පන්දු යවන්නා වන අතර මෙවර තරග වාරයේ දී කඩුලු පහ බැගින් ලබාගත් අවස්ථා 9ක් ද ඇතුළුව කඩුලු 65ක් දවාගෙන සිටීම අනුකගේ වටිනාකම තවත් වැඩි කරනු ඇත. අනුකට අනගි සහයක් වෙමින් ජනිත් ඉඳුවර හා නායක නිපුන දේශාන් පිළිවෙළින් කඩුලු 45ක් හා 30ක් බැගින් දවාගෙන ඇති අතර, අන්තර් පාසල් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයේ ක්‍රීඩා කළ ශ්‍රි සුමංගල කණ්ඩයම තරග 3ක් සම්පූර්ණයෙන්ම ජය ගැනීමට සමත්ව තිබේ.

අනුමානිත කණ්ඩයම – නිපුන දේශාන් (නායක), ජනිඳු ඉඳුවර, පසිඳු ශානජිත්, අනුක ප්‍රදීපිකා, ඉසුරු උමංග, තරණ ගන්දර, පූර්ණ ප්‍රභාත්, අංජන මදුවන්ත, හිමේෂ ද සිල්වා, ශලන ඉෂාර, හර්ෂණ මිහිරංග.

තරංගගේ සුපිරි ශතකයෙන් ටැමිල් යූනියන්ට ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ සීමිත පන්දුවාර තරගවලියේ ඊයේ (12) පැවති තරගවලින් රාගම ක්‍රීඩා සමාජය,…

අවසන් වශයෙන්,

මොරටු විද්‍යාලය හා ශ්‍රී සුමංගල විද්‍යාලය අන්තර් සමාජ ලීග් තරගාවලියේ කාණ්ඩ දෙකක ක්‍රීඩා කළ ද, කණ්ඩයම් දෙකම එක හා සමාන දස්කම් පෙන්වීම නිසා මෙවර තරගයේ දී වැඩි වාසි කාටදැයි කිව නොහැක. දෙවෙනි කාණ්ඩයේ ක්‍රීඩා කරන ශ්‍රී සුමංගල කණ්ඩයම ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇතත්, පළමු කාණ්ඩයේ ක්‍රීඩා කරමින් ලබාගත් අත්දැකීම් හා වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩයම නියෝජනය කළ ක්‍රීඩකයෙකුගේ අත්දැකීම් ද සමඟින් මොරටු විද්‍යාලය ද ඉතා ඉහළ බලාපොරොත්තු සහිතව සටනට පිවිසෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<