අසලංක සහ හිමාෂගේ ශතකයට චරණගෙන් කඩුලු 7ක්

2494

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් පළාත් දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ තරග අද (11) දිනයේ දී ආරම්භ විය.

අද දිනය තුළ පිතිකරණයෙන් හිමාෂ ලියනගේ හා චරිත් අසලංක කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර පන්දු යැවීමෙන් චරණ නානායක්කාර ලකුණු 22කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

දෙදින පළාත් ක්‍රිකට් තරගාවලියේ සංචිත නම් කෙරේ

අවුරුදු 23න් පහළ අන්තර් පළාත් දෙදින ක්‍රිකට් තරගාවලිය අදින් (11) ආරම්භ වන අතර ඒ සඳහා කණ්ඩායම් 10කින් ක්‍රීඩකයින්..

දකුණු පළාත හා නැගෙනහිර පළාත

B කාණ්ඩයේ තරගයක් ලෙස මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු පළාත් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

පිතිකරණයට වඩාත් උචිත තණතීරුවක් සහිත සූරියවැව ක්‍රීඩාංගණයේ දී දකුණු පළාත් කණ්ඩායම තම පළමු ඉනිම දියත් කිරීමට පිටියට අවතීර්ණ වූ අතර, පන්දුවාර 54ක් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 201ක් වැනි සැලකිය යුතු මට්ටමේ ලකුණු පුවරුවක් ගොඩනඟා ගැනීමට ඔවුන්ට හැකි විය.

චරිත් අසලංක ශතකයක් සමඟින් ලකුණු 103ක් ලබාගෙන සිටිය දී දැවී ගිය අතර, අනතුරුව පිටියට අවතීර්ණ වූ පසිඳු ඉසිර හා සිතාර ගිම්හාන ද අර්ධ ශතක දෙකක් ලබා ගනිමින් තම කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට ක්‍රියා කළහ. දකුණු පළාත් කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි අධීෂ තිරන්ජන ලකුණු 43යි.

පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම දියත් කළ නැගෙනහිර පළාත් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 19යි.

දකුණු පළාත් පළමු ඉනිම – කඩුලු 5ක් දැවී ලකුණු 350 dec (පන්දුවාර 89): චරිත් අසලංක 103, පසිඳු ඉසිර 66, සිතාර ගිම්හාන 50, අධීශ තිරන්ජන 43*

නැගෙනහිර පළාත් පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – එක් කඩුල්ලක් දැවී ලකුණු 19 (පන්දුවාර 6)


බස්නාහිර පළාත් උතුර හා බස්නාහිර පළාත් දකුණ

B කාණ්ඩය යටතේ මෙම තරගය පැවැත්වූයේ කොළඹ පොලිස් පිටියේදීයි. බස්නාහිර පළාත් උතුර කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ඒ අනුව පිටියට පැමිණි බස්නාහිර පළාත් දකුණු කණ්ඩායමේ පිතිකරුවන් එකා පසුපස එකා දවා ගනිමින් කණ්ඩායම අසරණ කිරීමට චරණ නානායක්කාර හා බිනුර ප්‍රනාන්දු සමත් විය. එහි දී චරණ ලකුණු 22කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් වූ අතර, බිනුර කඩුලු 3ක් දවා ගන්නා ලදි.

බස්නාහිර පළාත් උතුර පළමු ඉනිම ලකුණු 39ක් වැනි අඩු ලකුණු මට්ටමකට සීමා කිරීමෙන් අනතුරුව තම පළමු ඉනිම දියත් කළ බස්නාහිර පළාත් උතුර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 155ක් රැස්කර ගැනීමට සමත් විය. එහි දී සහන් ආරච්චිගේ හා සාලින්ද උශාන් පිළිවෙළින් ලකුණු 41ක් හා ලකුණු 25ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී මිශේන් සිල්වා කඩුලු 4යි.

ලකුණු 116ක පළමු ඉනිමේ අවාසියක් ඇතිව පිටියට අවතීර්ණ වූ බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම තරගයේ පළමු දිනය අවසන් වන විට තම දෙවන ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 58ක් ලබා ගන්නා ලදි. එහි දී රශ්මිත ඕපාත ලකුණු 20ක් ලබාගත් අතර, ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් ඔවුන් තවත් ලකුණු 58ක් ලබා ගත යුතුව ඇත.

බස්නාහිර පළාත් දකුණ පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 39 (පන්දුවාර 15.2): චරණ නානායක්කාර 7/22, බිනුර ප්‍රනාන්දු 3/17.

බස්නාහිර පළාත් උතුර පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 155 (පන්දුවාර 53.3): සහන් ආරච්චිගේ 41, සාලින්ද උශාන් 25, බිනුර ප්‍රනාන්දු 24, නිශාන් පීරිස් 22, මිශේන් සිල්වා 4/41, සඳකැන් පතිරණ 3/54, ලක්ෂිත මානසිංහ 2/12.

බස්නාහිර පළාත් දකුණ දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 4ක් දැවී ලකුණු 58 (පන්දුවාර 21): රශ්මිත ඕපාත 20


වයඹ පළාත හා මධ්‍යම පළාත

කොළඹ බී. ආර්. සී පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ වයඹ පළාත් කණ්ඩායම අතර ගත් අතර ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙම තරගය A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විය.

වයඹ පළාතේ ඇරයුමින් පළමුව පිටියට පැමිණි මධ්‍යම පළාත් කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 114ක් ලබා ගන්නා ලදි. එහි දී තම කණ්ඩායමේ ඉනිම සවිමත් කළ ශැනොගීත් ශන්මුගනාදන් ලකුණු 36ක් ලබා ගත් අතර ඔහුට සහය දුන් රොන් චන්ද්‍රගුප්ත ලකුණු 32ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී තරිඳු රත්නායක ලකුණු 23ක් තුළ කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ වයඹ පළාත් කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 139ක් ලබා ගත්තේ ලකුණු 25ක පළමු ඉනිමේ වාසියක්ද සමඟයි. ලකුණු 74ක් ලබාගෙන කඩුලු 5ක් බිඳ වැටී තිබූ අවස්ථාවේ දී ලකුණු 139ක් වැනි ලකුණු මට්ටමකට වයඹ ඉනිම ගොඩනැංවූ මිනෝද් භානුක දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 72ක් ලබා  ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී මොහොමඩ් ශිරාස් ලකුණු 45ක් තුළ කඩුලු 6ක් දවා ගනිමින් මධ්‍යම පළාතට යම් අස්වැසිල්ලක් ලබා දෙන ලදි.

තරගයේ ප්‍රථම දිනය අවසන් වන විට තම දෙවන ඉනිම ක්‍රීඩා කරන මධ්‍යම පළාත කඩුලු 4ක් දැවී ලකුණු 112ක් ලබාගෙන සිටි අතර, ඩිලාන් ජයලත් තම අර්ධ ශතකය සම්පූර්ණ කරගෙන ලකුණු 63ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී වයඹ පළාත් කණ්ඩායම වෙනුවෙන් ශෙහාන් මදුසංක කඩුලු 2ක් දවා ගන්නා ලදි. මධ්‍යම පළාත වයඹ පළාත් පළමු ඉනිමට වඩා ලකුණු 87ක් ඉදිරියෙන් පසුවෙයි.

මධ්‍යම පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු  114 (පන්දුවාර 33.2): ශැනොගීත් ශන්මුගනාදන් 36, රොන් චන්ද්‍රගුප්ත 32, තරිඳු රත්නායක 4/23, ශෙහාන් මදුසංක 3/41, අරවින්ද අකුරගොඩ 2/12.

වයඹ පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 139 (පන්දුවාර 34.5): මිනෝද් භානුක 72, අරවින්ද අකුරගොඩ 23, මොහොමඩ් ශිරාස් 6/45, ප්‍රමෝද්‍ය අබේකෝන් 3/12

මධ්‍යම පළාත් දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 4ක් දැවී ලකුණු 112 (පන්දුවාර 23): ඩිලාන් ජයලත් 63, ශෙහාන් මදුසංක 2/30


උතුරු පළාත හා බස්නාහිර පළාත් මධ්‍යම

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම කොළඹ මුවර්ස් තණතීරුව මත පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙම තරගය A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විය.

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමේ ආරාධනය පරිදි පළමුව පිතිකරණයට පිටියට පැමිණි උතුරු පළාත් පිතිකරුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 166ක් රැස්කරගත්හ.

එහි දී රෙවාන් කේලි ලකුණු 39ක් ලබා ගන්නා විට සාලිත් ප්‍රනාන්දු හා තරුෂ ප්‍රනාන්දු ලකුණු 30 බැගින් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී ජනිත් ලියනගේ ලකුණු 38ක් තුල කඩුලු 3ක් දවාගත් අතර ඔහුට සහය වූ සහන් නානායක්කාර, මනෙල්කර් ද සිල්වා හා ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

දිනය අවසන් වන විට බස්නාහිර පළාත් පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 205ක් ලෙස සනිටුහන් විය. එවන් මට්ටමකට ඉනිම ගොඩනංවමින් සුපිරි ශතකයක් තම ඉනිමට එක් කර ගැනීමට හිමාෂ ලියනගේ සමත් විය. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ඔහු ලකුණු 120*ක් ලබාගත් අතර, අනෙක් අන්තයෙන් ක්‍රීඩා කරන ජනිත් ලියනගේ නොදැවී ලකුණු 28යි.

පළමු දිනය අවසානයේ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම උතුරු පළාත් පළමු ඉනිම වඩා ලකුණු 39ක් පෙරමුණේ පසුවෙයි.

උතුරු පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 49.4): රෙවාන් කේලි 39, සාලිත් ප්‍රනාන්දු 30, තරුෂ ප්‍රනාන්දු 30, ජනිත් ලියනගේ 3/38, සහන් නානායක්කාර 2/15, මනෙල්කර් ද සිල්වා 2/15, ලසිත් ඇඹුල්දෙණිය  2/38.

බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 3ක් දැවී ලකුණු 205 (පන්දුවාර 41): හිමාෂ ලියනගේ 120*, අකිල් ඉන්හාම් 30, ජනිත් ලියනගේ 28*.

මෙම තරග සියල්ලේම දෙවන හා අවසන් දිනය හෙට (12) එම ක්‍රීඩාංගණවල දී ම ක්‍රියාත්මක වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට