රගර්වලින් බැරි​ ​වුන දේ පේරාදෙණිය හොකීවලින් කරයි

345

13 වැනි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ හොකී තරග පසුගිය අගෝස්තු 2, 3 හා 4 වැනිදා මාතර උයන්වත්ත හොකී ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී පිරිමි ශූරතාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් කාන්තා ශූරතාව සබරගමුව විශ්වවිද්‍යාලයටත් හිමි විය. 

බටහිර ආසියානු බේස්බෝල් කුසලානය ශ්‍රී ලංකාවට

මෙවර ශ්‍රී ලංකාවේ දී පැවති 14 වන බටහිර ……

පිරිමි අවසන් තරගය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලය තරග කල අතර එම තරගයේ පළමු අර්ධය නිමා වීමටත් පෙර තම පළමු ගෝලය වාර්තා කිරීමට පේරාදෙණිය ක්‍රීඩකයන් සමත් විය. තරගය පුරාම තම ග්‍රහණය මඳකට හෝ ලිහිල් නොකළ පේරාදෙණිය ක්‍රීඩකයන් කොළඹ කණ්ඩායමට ලකුණු ලබා ගැනීමට කිසිදු ඉඩක් ලබා දුන්නේ නැත. ඒ අනුව තරගයේ ජයග්‍රහණය පේරාදෙණිය කණ්ඩායම සතු වූයේ ගෝල 1-0ක් ලෙසිනි. 

අවසන් තරගය (පිරිමි): පේරාදෙණිය 1 – 0 කොළඹ 

තරගාවලියේ කාන්තා අවසන් තරගය සඳහා සබරගමුව විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සුදුසුකම් ලබා සිටි අතර එම තරගයේ පළමු අර්ධයේම ගෝලයක් ලබාගැනීමට ජයවර්ධනපුර කණ්ඩායම සමත් වූයේ එම අර්ධයේ පෙරමුණ ලබා ගනිමිනි. නමුත් දෙවන අර්ධයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ සබරගමුව කණ්ඩායම එම අර්ධයේ දී ගෝල දෙකක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කලහ. 

අවසන් තරගය (කාන්තා): සබරගමුව 2 – 1 ශ්‍රී ජයවර්ධනපුර 

පිරිමි හා කාන්තා තුන්වැනි ස්ථාන ලබා ගැනීමට පිළිවෙළින් රජරට විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලය සමත් විය. ‍තුන්වැනි ස්ථානය සඳහා වන තරගයේ දී රජරට විශ්වවිද්‍යාලය රුහුණ විශ්වවිද්‍යාලය ගෝල 3-2ක් ලෙස පරාජය කල අතර කොළඹ විශ්වවිද්‍යාලය යාපනය විශ්වවිද්‍යාලය පරාජය කළේ ගෝල 4-0ක් ලෙසිනි. 

තරගාවලියේ කාණ්ඩ වටය කාණ්ඩ හතරකින් සමන්විත වූ අතර ඒ යටතේ විශ්වවිද්‍යාල 12 බැගින් කාන්තා හා පිරිමි තරග සඳහා එක්ව සිටියහ. 

කාණ්ඩ වටය (පිරිමි)

A කාණ්ඩය යටතේ රජරට විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය හා නැගෙනහිර විශ්වවිද්‍යාලය තරග වැදුණු අතට එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට රජරට විශ්වවිද්‍යාලය සමත් වූයේ කොළඹ (2-0) හා නැගෙනහිර (8-0) විශ්වවිද්‍යාල පරාජය කරමිනි. කාණ්ඩයේ දෙවන ස්ථානය ලබාගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සමත් විය. 

B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් වූයේ එම කාණ්ඩයේ අනෙකුත් කණ්ඩායම් වූ පේරාදෙණිය (2-1) හා ඌව (6-0) කණ්ඩායම් පරාජය කරමිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය කාණ්ඩයේ දෙවන ස්ථානය ලබාගත්හ. 

මොරටුව, වයඹ හා සබරගමුව කණ්ඩායම් C කාණ්ඩය යටතේ තරග වැදුණු අතර එහි පෙරමුණ ගැනීමට මොරටුව කණ්ඩායම සමත් විය. ඔවුන් සබරගමුව (2-0) හා වයඹ (5-0) පරාජය කළේය. සබරගමුව කණ්ඩායම වයඹ කණ්ඩායම ගෝල 2-0ෙක් ලෙස පරාජය කරමින් කාණ්ඩයේ දෙවන ස්ථානය ලබාගැනීමට සමත් විය. 

D කාණ්ඩයේ පෙරමුණ යාපනය කණ්ඩායමට හිමි වූයේ ඔවුන් රුහුණ (2-0) හා කැළණිය (2-0) පරාජය කිරීම නිසාවෙනි. රුහුණ විශ්වවිද්‍යාලය එම කාණ්ඩයේ දෙවන ස්ථානය ලබාගනිමින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්හ.

මධ්‍යම පළාත හොකී කුසලාන දෙකම උස්සයි

45 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළට සමගාමීව ………..

කාණ්ඩ වටය (කාන්තා) 

කාන්තා තරග ද කාණ්ඩ 4ක් යටතේ පැවති අතර එම කාණ්ඩ වලින් රජරට, කැළණිය, සබරගමුව හා ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම් කාණ්ඩවල පෙරමුණ ගනිමින් කාණ්ඩ වටය නිමා කළ අතර මොරටුව, පේරාදෙණිය, යාපනය හා කොළඹ කණ්ඩායම් කාණ්ඩ වටයේ දෙවන ස්ථාන ලබාගනිමින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා පිවිසියේය. 

අර්ධ අවසන් පූර්ව වටය (පිරිමි)

පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා යාපනය විශ්වවිද්‍යාලය 

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කළේය.

මොරටුව විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලය

නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් ලබා සිටි අතර දඬුවම් පහර මඟින් 3-2ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා රුහුණ විශ්වවිද්‍යාලය

කණ්ඩායම් දෙකම ගෝල දෙක බැගින් ලබාගෙන තරගය නිමා කළ අතර රුහුණ විශ්වවිද්‍යාලය දඬුවම් පහර 5-3ක් ලෙස වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කළේය.

රජරට විශ්වවිද්‍යාලය හා සබරගමුව විශ්වවිද්‍යාලය

නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල ලබා නොසිටි අතර රජරට විශ්වවිද්‍යාලය තරගය ජයග්‍රහණය කළේ දඬුවම් පහර 4-3ක් ලෙසිනි. 

අර්ධ අවසන් පූර්ව වටය (කාන්තා) 

පේරාදෙණිය විශ්වවිද්‍යාල හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කළේය.

සබරගමුව විශ්වවිද්‍යාල හා මොරටුව විශ්වවිද්‍යාලය
සබරගමුව කණ්ඩායම දෙවන අර්ධයේ දී ලබා ගත් ගෝලයත් සමඟින් තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කළේය.

කැළණිය විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලය 

ගෝල තත්ත්වය 1-1ක් ලෙස සමවීම නිසා දඬුවම් පහර මගින් තරගයේ ජයග්‍රාහකයා තෝරා ගත් අතර එහි දී දඬුවම් පහර 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලය සමත් විය. 

‍රජරට විශ්වවිද්‍යාලය හා යාපනය විශ්වවිද්‍යාලය
ගෝල 3-0ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට රජරට විශ්වවිද්‍යාලය සමත් විය. 

අවසන් පූර්ව වටය (පිරිමි)

පළමු අවසන් පූර්ව තරගයේ දී කොළඹ විශ්වවිද්‍යාලය රුහුණ විශ්වවිද්‍යාලය ගෝල 2-1ක් ලෙස පරාජය කළ අතර දෙවන තරගයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගෝල 2-0ක් ලෙස රජරට විශ්වවිද්‍යාලය පරාජය කළේය. 

අවසන් පූර්ව වටය (කාන්තා)

සබරගමුව විශ්වවිද්‍යාලය ගෝල 5-2ක් ලෙස පළමු අවසන් පූර්ව තරගයේ දී කොළඹ කණ්ඩායම පරාජය කළ අතර ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම අවසන් තරගයට පිවිසියේ යාපනය කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජය කරමිනි.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<