ඉම්තියාස්, මිලාන්, අයන සහ චතුර දක්ෂතා අතරට

88

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ  තවත් තරගයක් අද (04) ආරම්භ වූ අතර එම තරගයේ දී ඉම්තියාස් ස්ලාසා, චතුර මිලාන් සහ අයන සිරිවර්ධන පිතිකරුවන් ලෙසින් දක්ෂතා දක්වද්දී, නිමා වූ තරගයේ දී චතුර ඔබේසේකර දිනයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළේය. 

අෂේල් සහ රෙවාන් අර්ධ ශතක රැස් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ……

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් සමාජය (D කාණ්ඩය)

මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී අද (04) ආරම්භ වූ මෙම තරගය ක්‍රීඩාංගණයේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් ආරම්භ වූයේ පස්වරු 1.30ට ය. කාසියේ වාසිය දිනා ගත් මුවර්ස් ක්‍රීඩා සමාජ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබා ගනිමින් දිනය අවසන් වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 283ක් ලබා සිටියහ.

එම ඉනිම වෙනුවෙන් දකුණත් පිතිකරු ඉම්තියාස් ස්ලාසා පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඊට අමතරව චතුර මිලාන් පන්දු 39ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 84ක දී ලකුණු 73ක් ලබා ගත්හ. 

ඊට අමතරව නායක අයන සිරිවර්ධන පන්දු 29ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තේය. දිනය අවසන් වෙන විට ලහිරු අත්තනායක නොදැවී ලකුණු 22ක් සහ යොහාන් අංජුල නොදැවී ලකුණු 21ක් ලබා සිටියහ. 

පන්දු යැවීමේ දී වමතින් දඟ පන්දු යැවූ ෂෙහාන් විජේරත්න ලකුණු 62කට කඩුලු 3ක් ලබා සිටියේය. 

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වෙන විට) කඩුලු 5ක් දැවී 283 (56) භාග්‍ය ශාවින්ද 27, මොහොමඩ් ශාමාස් 24, ඉම්තියාස් ස්ලාසා 51, අයන සිරිවර්ධන 42, චතුර මිලාන් 45, ලහිරු අත්තනායක නොදැවී 22, යොහාන් අංජුල නොදැවී 21, ෂෙහාන් විජෙරත්න 3/62

මුහුණට මුහුණ ගැටුණු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනා අන්තිම තරගෙට නැහැ?

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ (3) දිනයේ දී පැවැත්වුණු දෙවන විස්සයි….


ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය (C කාණ්ඩය)

කටුනායක ගුවන් හමුදා මූලස්ථාන ක්‍රිකට් පිටියේ දී අද (04) නිමා වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවද තරගයේ වැඩි වාසි සංචාරක බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයන් සතු විය. 

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බ්ලූම්ෆීල්ඩ් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් පිටියට පිවිස තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 249ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් තරගයේ පළමු දිනය අවසන් වෙන විට ගුවන් හමුදා ක්‍රිකට් සමාජය තම පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 25ක් ලබා සිටි අතර අද ඔවුන් එම ඉනිම අවසන් කරද්දී ලබා ගත්තේ ලකුණු 74ක් පමණි. 

එම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී දකුණතින් පිට දඟපන්දු යැවූ චතුර ඔබේසේකර ලකුණු 09කට කඩුලු 4ක් දවා ගත්තේය. ඊට අමතරව අෂේල් සිගේරා සහ දිලීප ජයලත් ද කඩුලු 3 බැගින් දවා ගත්හ. 

ජෙහාන්ගේ පන්දුකරණයෙන් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ නැගීඑන ක්‍රිකට් කණ්ඩායම…..

ලකුණු 175ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 153ක් ලබා ගනිමින් පරාජයෙන් බේරීමට සමත් වූහ.

එම ඉනිමේ දී ශාබික් ඉස්තාරි ලකුණු 48ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී වමතින් පා දඟපන්දු යැවූ දිලීප ජයලත් ලකුණු 55කට කඩුලු 4ක් දවා ගත්තේය. ඊට අමතරව චතුර ඔබේසේකර ලකුණු 23කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 32කට කඩුලු7ක් දවා ගත්තේය.  

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (76.2) අෂේල් සිගේරා 76, රෙවාන් කෙලි 66, කවීන් පීරිස් 45, ලක්ෂාන් ප්‍රනාන්දු 4/84, නුස්කි අහමඩ් 3/40

ගුවන් හමුදා ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වෙන විට පන්දුවාර 15ක දී කඩුලු 2ක් දැවී 25) සියලුම දෙනා දැවී 74 (38.4) ශාබික් ඉස්තාරි 17, අෂේල් සිගේරා 3/25, දිලීප ජයලත් 3/31, චතුර ඔබේසේකර 4/09

ගුවන් හමුදා ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 153 (71) ශාබික් ඉස්තාරි 48, චාමිකර හේවගේ 28, ශෂික ප්‍රියමාල් නොදැවී 27, අෂේල් සිගේරා 2/39, දිලීප ජයලත් 4/55, චතුර ඔබේසේකර 3/23

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<