මුහුණට මුහුණ ගැටුණු මෙන්ඩිස් හා ජයසූරිය තෙවැනි තරගයට අවිනිශ්චිතයි

88

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ (3) දිනයේ දී පැවැත්වුණු දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී පන්දු රකිමින් සිටිය දී ශෙහාන් ජයසූරිය හා කුසල් මෙන්ඩිස් මුහුණට මුහුණ ගැටී සිදුවුණු හදිසි අනතුර නිසාවෙන් ඔවුන් දෙදෙනා ආබාධයකට ලක්විය.

ඒ නිසාවෙන් ඔවුන් ජයසූරිය හා මෙන්ඩිස් අනිද්දා (06) පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා පවසයි.

ශ්‍රී ලංකාව එක් වෙනසක් සමඟ තීරණාත්මක දෙවන තරගයට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ…

නවසීලන්ත ඉනිමේ 19 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී වනිඳු හසරංග යොමු කළ පන්දුවකට මිචෙල් සැන්ට්නර් මිඩ් විකට් කලාපයට ඉහළින් එල්ල කරන ලද පහර හතරේ සීමාව ආසන්නයේ දී උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට ශෙහාන් ජයසූරිය සමත් විය. 

ජයසූරිය උඩ පන්දුව රැක ගනිද්දී පන්දුව වෙත වේගයෙන් ඇදී ආ කුසල් මෙන්ඩිස් සිය වේගය පාලනය කරගැනීමට නොහැකිව ජයසූරිය හා මුහුණට මුහුණ ගැටුණු අතර ඒ නිසා ජයසූරිය රැක ගත් දක්ෂ උඩපන්දුව නතර වූයේ ලකුණු 6 සීමාවේය. එහි දී ඔවුන් දෙදෙනාම ආබාධයට ලක්වීම නිසාවෙන් වහාම පිටියෙන් ඉවත් කොට ප්‍රතිකාර කිරීමට අදාළ නිලධාරීන් කටයුතු කළේය.

නවසීලන්තය ක්‍රීඩකයෝ එකපෙළට ආබාධවලට; අලුත් අයෙක් තරගාවලියට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ (3) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ….

කෙසේ නමුත් මෙන්ඩිස්ව අද සවස MRI පරීක්ෂණයක් සඳහා යොමු කර එහි ප්‍රතිඵලය අනුව ඉදිරි ප්‍රතිකාර කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා නිවේදනයක් නිකුත් කරමින් ද මෙල් මහතා පවසා සිටියේය. 

ඔවුන් දෙදෙනාගෙන් හිස්වන ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය සඳහා තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ආදේශ කිරීමේ කිසිම සූදානම් නොමැති බව එහි දී වැඩිදුරටත් අදහස් දක්වා තිබෙන ද මෙල් මහතා පවසා තිබේ

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා තරගාවලියේ සියලුම තරග සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<