Home Sinhala ජෙහාන්ගේ පන්දුකරණයෙන් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්

ජෙහාන්ගේ පන්දුකරණයෙන් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්

111

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ නැගීඑන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන නිල නොවන ටෙස්ට් තරගයේ දෙවන දිනය බංග්ලාදේශයේ කොක්ස් බසාර් ෂෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (04) ආරම්භ විය. 

පළමු දිනයට වර්ෂාවට අරක්ගනී

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ නැගිඑන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට….

තරගයේ පළමු දිනය වූ ඊයේ දිනය පුරාවටම වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් පන්දු වාරයක් හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අතර අද දිනය ද වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය ආරම්භ වූයේ පැය දෙකක පමණ ප්‍රමාදයකින් අනතුරුවයි.

තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ බංග්ලාදේශ කණ්ඩායම අද දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 57ක් ලබා සිටියේය. කෙසේ වෙතත් අද දිනය පුරාවටත් වරින්වර වර්ෂාව පතිත වීම හේතුවෙන් යැවීමට හැකි වූයේ පන්දුවාර 23ක් පමණි. 

දිනය අවසානයේ නොදැවී පන්දුවට පහර දෙමින් පිටියේ රැඳී සිටි පිතිකරුවන් දෙදෙනා වූ නජ්මුල් හොසේන් ෂන්ටෝ සහ අෆිෆ් හොසේන් පිළිවෙළින් ලකුණු 26ක් සහ 16ක් ලබා සිටියේය.

බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වශයෙන් පිටියට පිවිසියේ සයිෆ් හසන් සහ අමිනුල් ඉස්ලාම් පිතිකරණ යුගලයයි. නමුත් වැඩි වේලාවක් යාමට මත්තෙන් තරගයේ ලකුණු පුවරුව 6ක් වන විට ඉනිමේ ප්‍රථම කඩුල්ල වශයෙන් ලකුණු 4ක් ලබා සිටි සයිෆ් හසන් දැවී ගියේ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි. මොහොමඩ් ෂිරාස්ගේ පන්දුවක් හමුවේ නිෂාන් පීරිස්ට උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී ගියේය.

ඉන්දියාවෙන් බිහි වූ සුපිරි පිතිකාරිණිය විස්සයි විස්සෙන් සමුගනියි

ඉන්දියාවෙන් දැනට බිහි වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතරේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවක් වන මිතාලියා රාජ්….

අංක 3 පිතිකරුවා වශයෙන් පිටියට පිවිසියේ බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ෂන්ටෝ ය. නමුත් වැඩි වේලාවක් යාමට මත්තෙන් අනෙක් අන්තයේ රැඳී සිටි අමිනුල් ඉස්ලාම් ද ලකුණු 9කට දැවී ගියේ බංග්ලාදේශ ලකුණු පුවරුව 21/2ක් වශයෙන් සටහන් කරමිනි. නිෂාන් පීරිස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ඔහු පිටියෙන් ඉවත් විය.

අනතුරුව පිටියට එක් වූයේ යසීර් අලී ය. නමුත් නැවතත් ක්‍රියාත්මක වූ නිෂාන් පීරිස් විසින් යැවූ පන්දුවකට කඩුලු රකින මිනෝද් භානුක වෙත උඩ පන්දුවක් ලබා දී ඔහු දැවී ගියේ කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර ය. බංග්ලාදේශ ඉනිමේ තෙවැනි කඩුල්ල ද බිඳ වැටුණේ කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 21ක්ව තිබිය දී ය. 

ඉන්පසුව පිටියට පිවිසියේ අෆිෆ් හොසේන් ය. කෙසේ නමුත් තරගයේ 17 වැනි පන්දුවාරය අතරවාරයේ දී යළිත් වතාවක් පිටියට වර්ෂාව ඇද හැලුණු අතර ඒ වන විට බංග්ලාදේශ ලකුණු පුවරුව 30/3ක් ලෙස සටහන් විය.

ලකුණු සහ කඩුලු මැෂින් දෙක නැවතත් කණ්ඩායමට

ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට රැගෙන ආ හෙඩින්ග්ලි ටෙස්ට් තරගය කිසිසේත් බලාපොරොත්තු…

නැවත වතාවක් තරගය ආරම්භ වූයේ තේ පානයෙන් ද අනතුරුවයි. නමුත් තරගයේ අවසන් සැසියේ දී ක්‍රීඩා කළ හැකි වූයේ තවත් පන්දුවාර 6ක් පමණක් වූ අතර ඒ අතරවාරයේ බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනා මුළු ලකුණු සංඛ්‍යාව 57ක් දක්වා ලකුණු පුවරුව රැගෙන ගියේය. 

දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක නජ්මුල් හොසේන් ෂන්ටෝ ලකුණු 26ක් සහ අෆිෆ් හොසේන් ලකුණු 16ක් රැස්කරගෙන සිටියි. පන්දු යැවීමේ දී ජෙහාන් ඩැනියෙල් ලකුණු 10කට කඩුලු 2ක් ද, මොහොමඩ් ෂිරාස් ලකුණු 21කට එක් කඩුල්ලක් ද දවා ගැනීමට සමත් විය. තරගයේ තෙවැනි දිනය හෙටයි (05).

Result

Match drawn

Sri Lanka Emerging Team

Bangladesh Emerging Team
208/3 (66)


Batsmen R B 4s 6s SR
Saif Hassan c Nishan Peiris b Mohamed Shiraz 4 10 1 0 40.00
Aminul Islam b Jehan Daniel 9 31 1 0 29.03
Najmul Hossain Shanto not out 88 173 10 3 50.87
Yasir Ali c Minod Bhanuka b Jehan Daniel 0 4 0 0 0.00
Afif Hossain not out 100 180 11 2 55.56


Extras 7 (b 1 , lb 3 , nb 2, w 1, pen 0)
Total 208/3 (66 Overs, RR: 3.15)
Fall of Wickets 1-6 (1.6) Saif Hassan, 2-21 (11.2) Aminul Islam, 3-21 (11.6) Yasir Ali,

Bowling O M R W Econ
Asitha Fernando 14 4 31 0 2.21
Mohamed Shiraz 18 4 41 1 2.28
Jehan Daniel 11 6 28 2 2.55
Nishan Peiris 13 1 63 0 4.85
Amila Aponso 10 0 41 0 4.10



තරගාවලියේ සියලුම තතු සඳහා  රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<