අෂේල් සහ රෙවාන් අර්ධ ශතක රැස් කරයි

86

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (03) පළමු දිනයට නිමා වූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදා ක්‍රිකට් සමාජය අතර තරගයේ දී අෂේල් සිගේරා සහ රෙවාන් කෙලි අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙණුනි. 

පළමු දිනයට වර්ෂාවට අරක්ගනී

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ නැගිඑන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට…

සී කාණ්ඩයේ තරගයක් ලෙසින් කටුනායක ගුවන් හමුදා මූලස්ථාන ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බ්ලුම්ෆීල්ඩ් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් පිටියට පිවිස තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 249ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් තරගයේ පළමු දිනය අවසන් වන විට ගුවන් හමුදා ක්‍රිකට් සමාජය තම පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 25ක් ලබා සිටියේය. 

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය ඉනිම ගෞරවනීය තත්ත්වයට ගෙන ඒමේ දී දකුණත් පිතිකරු අෂේල් සිගේරා පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තේය. ඊට අමතරව වමත් පිතිකරු රෙවාන් කෙලි පන්දු 98ක දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තේය. ඊට අමතරව කවින් පීරිස් පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේය. 

ලකුණු සහ කඩුලු මැෂින් දෙක නැවතත් කණ්ඩායමට

ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට රැගෙන ආ හෙඩින්ග්ලි ටෙස්ට් තරගය කිසිසේත් …

කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් පිට දඟපන්දු යැවූ ලක්ෂාන් ප්‍රනාන්දු ලකුණු 82කට කඩුලු 4ක් දවා ගත්තේය. මෙම තරගය හෙට (04) දිනයේත් ක්‍රියාත්මක වීමට නියමිත ය. 

බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (76.2) අෂේල් සිගේරා 76, රෙවාන් කෙලි 66, කවීන් පීරිස් 45, ලක්ෂාන් ප්‍රනාන්දු 4/84, නුස්කි අහමඩ් 3/40

ගුවන් හමුදා ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වෙන විට) කඩුලු 2ක් දැවී 25 (15) ශාබික් ඉස්තාරි නොදැවී 14

මේ අතර මෙම තරගාවලියේ ඩී කාණ්ඩයේ තරගයක් වන මුවර්ස් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම අතර තරගය හෙට (04) මුවර්ස් පිටියේ දී ආරම්භ වීමට නියමිතය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<