ධනුෂ්ක ගුණතිලක ගැන SLC පරීක්ෂණයක් ආරම්භ කරයි

904

ධනුෂ්ක ගුණතිලක හට සියලු ආකාරයේ ආකෘතිවලට බලපාන සේ ජාත්‍යන්තර තරග තහනමක් ලබා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක වූ අතර AFP පුවත් සේවය වාර්තා කරන අන්දමට ජූලි 22 වැනි ඉරිදා කණ්ඩායම රැඳී සිටි හෝටලයේ සිදු වූ ලිංගික අතවරයක් සම්බන්ධ සිදුවීමක් එම තහනමට හේතු වී ඇත.

කෞෂාල් සිල්වාට නායකත්වයක්

සංචාරක දකුණු අප්‍රිකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමඟ සිව්දින හා එක්දින තරගාවලියකට එක්වන…

නෝර්වේජියානු කාන්තාවක් පැමිණිලි කර ඇත්තේ 26 හැවිරිදි බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලංකා සම්භවයක් ඇති ධනුෂ්ක ගුණතිලකට සම්බන්ධකම් ඇති පුද්ගලයෙකු තමන්ට අතවර කිරීමට උත්සහ කළ බවය.    

Danushka Gunathilaka suspended from international cricket

Danushka Gunathilaka has been suspended from all forms of …

” නෝර්වේජියානු කාන්තාවක් ලිංගික අතවරයක් පිළිබඳ පැමිණිල්ලක් කර තිබුණා” යැයි ද බ්‍රිතාන්‍ය පුද්ගලයා මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විටත් පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක බවත් ද පොලිස් ඉහල නිලධාරියෙකු AFP පුවත් සේවයට පවසා තිබුණි. එම අතවරය පිළිබඳ ධනුෂ්ක ගුණතිලක හට චෝදනා එල්ල වී නැතත් ක්‍රීඩක චර්යා ධර්ම පද්ධතිය කඩ කළ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන්නට තීරණය කර තිබේ.

ඉරිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ගුණතිලක හට තරග තහනමක් පනවන බව ශ්‍රී ලංකා ආයතනය ප්‍රකාශ කළ අතර එහි දක්වා තිබුණේ ක්‍රීඩක චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කළ නිසා ගුණතිලකට තහනමක් පනවන බව පමණි. එහි කිසිදු හේතුවක් දක්වා තිබුණේ නැත.  

ධනුෂ්ක ගුණතිලකට අන්තර්ජාතික තරග තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ක්‍රීඩක චර්යාධර්ම පද්ධතිය’ කඩ කිරීමේ සිද්ධියක් පිළිබඳ විමර්ශන …

මේ සිදුවීම ධනුෂ්ක සම්බන්ධ වූ තෙවැනි විනය කඩ කිරීමේ සිදුවීමයි. 2017 ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාව සමඟ පැවති තරගාවලිය අතරතුර රාත්‍රි සාදයකට සහභාගී වී උදෑසන පුහුණුවීම් සඳහා නොපැමිණීම නිසා සීමිත පන්දුවාර තරග හයක තරග තහනමක් ඔහුට නියම කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.   

තවද මිර්පුර් හිදී තමිම් ඉක්බාල් සමඟ ඇතිවූ සිදුවීමක් නිසා ICC චර්යා ධර්ම සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් කඩ කළේ යැයි ධනුෂ්ක ගේ විනය වාර්තාවට එක් ‘අයහපත් ලකුණක්’ එක්විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<