කංකානම්ගේ, සංජුල සහ තිලාන් ලංකන් ඉහළට ඔසවයි

226

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමුවැනියා වීමට ලංකන් ක්‍රිකට් සමාජය ඊයේ (17) සමත් විය.

ලංකන් සහ බ්ලූම්ෆීල්ඩ් අතර පැවති තරගය ප්‍රසාද ලකුණු පුවරුවේ පළමුවැනියා තීරණය කරන තරගය වූ අතර එහි දී ඔවුන් පෙරමුණට පැමිණියේ පළමු ඉනිමෙ ජයග්‍රහණයක් වාර්තා කරමිනි. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ප්‍රසාද ලකුණු පුවරුවේ හිමි වූ තැන තෙවැනි ස්ථානයයි.

ශ්‍රී ලංකා A සංචිතයේ වෙනසක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා නම් කළ ටෙස්ට් සංචිතයේ සිටි වමත් දඟපන්දු ‍යවන…

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර පැවති තරගයෙන් ලකුණු 8ක ජයග්‍රහණයක් ලබා ගත් නාවිකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි තැනට පත්වූහ. සිව්වැනි තැන මේ වන විට හිමිව ඇත්තේ ගාල්ල ක්‍රීඩකයන්ට ය.

ලංකන්, නාවික, බ්ලූම්ෆීල්ඩ් සහ ගාල්ල ක්‍රීඩකයෝ මේ වන විට තරගාවලියේ සියලුම තරග නිමා කර ඇත. කුරුණෑගල යූත්, පානදුර, ගුවන් හමුදාව සහ කළුතර ටවුන් ක්‍රීඩකයන්ට තවත් තරගය බැගින් ඉතිරි ව ඇත. ප්‍රසාද ලකුණු පුවරුව මේ වන විට ලැයිස්තු ගතව ඇත්තේ ඉහත පිළිවෙළ අනුව ය.

ලංකන් ක්‍රිකට් සමාජය සහ බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජ පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනූ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ පළමු වෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සංචාරක ලංකන් ක්‍රිකට් සමාජයට පිරිනැමූ අතර ඔවුන් පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 410ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ ලබා ගත්තේ ලකුණු 315ක් පමණි.

ලකුණු 95ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ලංකන් ක්‍රීඩකයෝ එවර කඩුලු 6ක් දැවී ලකුණු 248ක් ලබා ගත්හ. ජයග්‍රහණය සඳහා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයන්ට ලැබුණ අභියෝගය ලකුණු 344කි. තරගයට නතර කරන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 116ක් ලබා සිටියහ. එම ඉනිමේ දී තිළාන් තුෂාර පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 54ක් ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළේය.

ලංකන් ක්‍රිකට් සමාජ පළමු ඉනිම වෙනුවෙන් එස්. කංකානංගේ පන්දු 217කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 117ක් ලබා ගනිමින් කැපි පෙණුනි. දෙවැනි ඉනිමේ දී ඔවුන්ගේ ඉනිමේ කැපී පෙණෙන ක්‍රීඩකයා වූයේ සංජුල අබේවික්‍රම ය. ඔහු පන්දු 154කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 113ක් ලබා ගත්තේ ය.

බ්ලූම්ෆිල්ඩ් ක්‍රීඩා සමාජයේ තිළාන් තුෂාර තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. ඔහු පළමු ඉනිමේ දී ප්‍රතිවාදීන්ට එරෙහි ව කඩුලු 4ක් දවා ගත් අතර පන්දුවට පහර දීමේ දී පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේ ය.

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 410 (108.4) සංජුල අබේවික්‍රම 29, අවිශ්ක පෙරේරා 47, ලහිරු ඩිල්ශාන් 62, ලක්ෂිත මනසිංහ 59, එස්. කංකානංගේ 117, ෂිෆ්රාන් මුතාලිප් 37, ශශික දුල්ශාන් 37, තිළාන් තුෂාර 4/64, අසේල් සිගේරා 3/41

බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 315 (75.4) අසන්ත සිංගප්පුලිගේ 25, අරවින්ද ප්‍රේමරත්න 26, කසුන් අබේරත්න 70, සනෝජ් දර්ශික 21, කසුන් ඒකනායක 57, තිළාන් තුෂාර 67, අයන්ත ද සිල්වා 2/47, අශාන් මලීෂ 2/44, සිෆ්රාන් මුතාලිප් 4/57

ලංකන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 248 (52.4) සංජුල අබේවික්‍රම 113, ලහිරු ඩිල්ශාන් 41, ලක්ෂිත මනසිංහ 49, මැදවංශ 3/53, සනෝජ් දර්ශික 3/27

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 116 (16) අසන්ත සිංගප්පුලිගේ 45, තිළාන් තුෂාර 54

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ 12ක් සමඟ A කණ්ඩායම ඉන්දියාවට

මේ මස 25 වැනිදා සිට ජුනි මස 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම…

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගය

වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 8ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙම තරගයේ දී පරාජිත කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යැවූ 31 වියැති රජීව වීරසිංහ තරගයේ දී ලකුණු 68කට කඩුලු 12ක් දවා ගැනීමට සමත් වීම කැපී පෙණුනි. ඔහු ප්‍රතිවාදී පළමු ඉනිමේ දී ලකුණු 30කට කඩුලු 6ක් ද දෙවැනි ඉනිමේ දී ලකුණු 38කට කඩුලු 6ක් ලබා ගත්තේ ය.

කාසියේ වාසිය දිනූ නාවික හමුදා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 130ක් පමණි. ඊට පිළිතුර ලෙසින් පිටියට පිවිසි ප්‍රතිවාදී ගාලූ ක්‍රීඩකයන්ගේ ඉනිම ලකුණු 57කට සීමා කිරීමට නාවිකයෝ සමත් වූහ.

දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 73ක් අතැතිව පිටියට පිවිසි නාවික හමුදා ක්‍රීඩකයෝ එම ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 118ක් පමණි. ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ගාලු ක්‍රීඩකයන්ට ලබා ගත යුතු වූයේ ලකුණු 192කි. එහෙත් ඔවුන්ගේ ඉනිම ලකුණු 183ක දී නිමා විය.

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 130 (34.1) ඩබ්ලිව්. මයන්ත 43, තරුෂාන් ඉද්දමල්ගොඩ 32, ෂෙවෝන් ෆොන්සේකා නොදැවී 26, අකලංක ගනේගම 3/29, රජීව වීරසිංහ 6/30

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 57 (20.2) සමීන් කඳනාරච්චි 13, සවිඳු පීරිස් 4/21, ඩිලංක අවර්ඩ්ට් 3/07, තරුෂාන් ඉද්දමල්ගොඩ 2/01

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 118 (39.5) සුපුන් ලීලාරත්න 27, තරුෂාන් ඉද්දමල්ගොඩ 18, රජීව වීරසිංහ 6/38, චතුර ලක්ෂාන් 2/18

ගාල්ල ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලු ම දෙනා දැවී 183 (52.1) ලක්ෂාන් රොද්‍රිගෝ 24, නිසල් රන්දික 35, හස්නයින් බොකාරි 63, දමිත හුණුකුඹුර 20, සවිඳු පීරිස් 5/53, ඩිලංක අවර්ඩ්ට් 3/64

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<