දිමුත්ගේ ජවයෙන් ගාල්ලට නව ජීවයක්

1980

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC T20 ක්‍රිකට් තරගාවලියේ ගාලු කණ්ඩායම ලබා ගත් පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට අද (25) සමත් විය. රංගිරි දඹුලු ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේ දී ඔවුන් හමුවේ පරාජය වූයේ මහනුවර කණ්ඩායමයි.

අර්ධ ආබාධිත තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එකට එක කරති

අර්ධ ආබාධිත තත්ත්වයට පත් ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී කඩුලු 5ක ජයක්…

ගාලු කණ්ඩායමේ නිත්‍ය නායක සුරංග ලක්මාල් අද දිනයේ දී විවේක ගන්වා තිබීම නිසාවෙන් කණ්ඩායමේ නායකත්ව වගකීම පැවරී තිබුණේ දිමුත් කරුණාරත්න වෙතයි. ඔහු කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.  

ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය ලෙස පිටියට පැමිණි නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස්ගේ සබඳතාවය තරගයේ දෙවන පන්දුවාරය තුල දී නිමා කරමින් ලකුණු 10ක් ලබා සිටි දික්වැල්ලව දවා ගැනීමට යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක නිපුන් රන්සික සමත් විය. නිමා වූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලියේ දී පැවති ටෙස්ට් තරග තුල ඉතාමත් හොඳින් ලකුණු අතරට පිවිසුණු වමතින් පිත්ත හසුරුවන දිමුත් කරුණාරත්න දික්වැල්ලගේ හිඩැස පිරවීම වෙනුවෙන් පිටියට පැමිණි අතර ඔහු තරගය පුරාවට ඉතාමත් වර්ණවත් පිතිකරණයක නිරත වෙමින් පන්දු 49ක් තුල ලකුණු 80ක් ලබා ගැනීමට සමත් විය. එම ඉනිම 4 පහර 12කින් හා එක් 6 පහරකින් බලගැන්විනි.

දිමුත් හා එකතු වී දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක සබඳතාවයක් ගොඩනැගූ කුසල් මෙන්ඩිස් 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 40ක් ලබා ගත්තේ පන්දු 28ක් වැය කරමිනි. ජනක සම්පත් හා චරිත් අසලංක පිළිවෙළින් දිමුත්ගේ හා මෙන්ඩිස්ගේ කඩුලු දවා ගත්හ. අසේල ගුණරත්න නොදැවී ක්‍රීඩා කරමින් ලකුණු 14*ක් ගාලු ලකුණු පුවරුවට එකතු කරන ලදි. අවසානයේ ඔවුන්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල දී කඩුලු 5ක් දැවී ලකුණු 193ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී මාලින්ද පුෂ්පකුමාර කඩුලු 2යි.

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියක තරග කාලසටහන නිකුත් වේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග තුනකින් හා විස්සයි – විස්ස ක්‍රිකට් තරග පහකින් සමන්විත කාන්තා…

පන්දුවාර 20ක් තුල ලකුණු 194ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමේ අදිටනින් පිටියට පිවිසි මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වන තික්ෂිල ද සිල්වා හා ලහිරු තිරිමාන්න හට මේ තරගයේ දී සාර්ථක ආරම්භයක්  ලබා ගැනීමට නොහැකි විය. එම සබඳතාවයට තිත තැබුවේ වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතයි.

මේ තරගාවලිය පුරාවට පිත්තෙන් ලකුණු අතරට පැමිණි වමතින් පිත්ත හසුරවන තිරිමාන්න පන්දු 11ක් තුල ලකුණු 20ක් රැස්කරගෙන සිටිය දී දඟපන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස්ගේ පන්දුවක් හමුවේ දික්වැල්ල වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන ලදි. භානුක රාජපක්ෂ හා පිටියේ එක්වූ දසුන් ශානක සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවයක් ගොඩනංවමින් මහනුවර කණ්ඩායම තරගය පිළිබඳව යම් බලාපොරොත්තුවක් රැගෙන ආව ද, ඔවුන් දෙදෙනා දැවී යාමත් සමඟම තරගයේ වාසිය සිය කණ්ඩායම දෙසට නංවා ගැනීමට ගාලු පන්දු යවන්නන් සමත් විය. 4 පහර 6ක් හා 6 පහර 3ක් සමඟ ලකුණු 63ක් ලබාගත් භානුක ඒ සඳහා වැය කළේ පන්දු 33ක් පමණි.

මහනුවර ඉනිමේ 17 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දී ඔවුන්ගේ සියලුම නිත්‍ය පිතිකරුවන් ක්‍රීඩාගාරයේ අසුන් ගෙන සිටි අතර කඩුල්ලේ රැඳී සිටියේ මාලින්ද පුෂ්පකුමාර හා ලසිත් මාලිංගයි. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා 8 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක සටන්කාමි සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. කෙසේ නමුත් අත්දැකීම් බහුල ක්‍රීඩක අසේල ගුණරත්න අවසන් පන්දුවාර කිහිපය ඉතාමත් හොඳින්ම ක්‍රියාත්මක කිරීම නිසා මහනුවර කණ්ඩායමට නියමිත ඉලක්කය වෙත ළඟා වීමට නොහැකි විය.

පන්දු යැවීමේ දී කාසුන් රාජිත, නිශාන් පීරිස්, කසුන් මදුසංක හා ජෙෆ්රි වැන්ඩර්සේ අතරේ කඩුලු 2ක බැගින් බෙදී යන ලදි.

ගාල්ල – 193/5 (20): දිමුත් කරුණාරත්න 80, කුසල් මෙන්ඩිස් 40, මලින්ද පුෂ්පකුමාර 2/38.

මහනුවර – 186/8 (20): භානුක රාජපක්ෂ 63, මලින්ද පුෂ්පකුමාර 26, දසුන් ශානක 24.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<