ශානකගෙන් ගිනිකෙළි; ධනංජයගේ පිළට ජය 

4627

කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම සහ ධනංජය ද සිල්වාගේ කණ්ඩායම අතර අද (01) දින පැවති පුහුණු තරගයේ දී දසුන් ශානක දියත් කළ පසු ප්‍රහාරය නිසාවෙන් කඩුළු 4ක ජයක් ලබා ගැනීමට ධනංජය ද සිල්වාගේ කණ්ඩායමට හැකි විය. මෙම පුහුණු තරගය පැවැත්වුනේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දීයි. 

දික්වැල්ල, චන්දිමාල් හා තිසරගේ ශතකවලින් පල්ලෙකැලේ උණුසුම්

දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම හා නිරෝෂන් දික්වැල්ලගේ කණ්ඩායම අතර පැවති පුහුණු තරගය අඩු ආලෝක…

ලකුණු 190ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ධනංජය ද සිල්වාගේ කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන දසුන් ශානක හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් එල්ල කරමින් පන්දු 33ක දී වේගවත් ලකුණු 77ක් රැස්කර ගත්තේ සුපිරි ප්‍රහාරයක් දියත් කරමිනි. නායක ධනංජය ද සිල්වා පන්දු 37ක දී ලකුණු 42ක් රැස්කර ගෙන ඉනිමේ මැදපෙළ සවිමත් කරන ලදි. එම කණ්ඩායම සඳහා සාර්ථක ආරම්භයක් ලබා දුන් වමත් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන නිරෝෂන් දික්වැල්ල පන්දු 18ක දී ලකුණු 31ක් සිය නමට ඉදිරියෙන් සටහන් කරගනිමින් දස්කම් දක්වන ලද්දේ තරගය උණුසුම් වන බවට කල් තියාම ඉඟි පහළ කරමිනි. 

කෙසේ නමුත් පන්දුවාර 19කුත් පන්දු 2ක් පමණක් වැය කරමින් ලකුණු 190 ඉලක්කය පසුකළ ගිය ධනංජය ද සිල්වාගේ පිළ කඩුලු 4කින් මේ තරගය ජයගත් අතර පන්දු යැවීමේ දී ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත සහ සුරංග ලක්මාල් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය. 

16 වසරකට පසුව සැබෑවීමට තිබූ සිම්බාබ්වේ සිහින පස්සට

කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එළඹෙන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සිම්බාබ්වේ…

තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 189ක් රැස්කර ගත්හ. එම ඉනිම සඳහා සවිමත් ලකුණු සටහන් සකස් කළ දකුණතින් පිතිකරණයේ නිරත වන දිනේෂ් චන්දිමාල් සහ වමතින් පිතිකරණයේ නිරත වන තිසර පෙරේරා නැවතත් අර්ධ ශතක අතරට පිවිසෙමින් සිය දස්කම් දැක්වීම නොකඩවා පවත්වාගත්තේ ඊයේ (30) පැවති පුහුණු එක්දින තරගයේ දී දැක්වූ දස්කම් වලට අමතරවයි. 

මෙන්ඩිස්ගේ කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 28ක් තුළ වේගවත් ලකුණු 42ක් ලකුණු සටහනට අන්තර්ගත කළේ හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් එල්ල කරමිනි. නායක මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 16කට සීමා වූ අතර ඒ ඉනිමට හතරේ පහර 2ක් ඇතුළත් විය. 

චන්දිමාල් (ලකුණු 63*) සහ පෙරේරා (ලකුණු 50*) සිය නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී සිය අර්ධ ශතක රැස්කර ගත් අතර චන්දිමාල්ගේ ඉනිම සඳහා හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් අන්තර්ගත වන විය. අනෙක් අන්තයෙන් ඔහුට සහය වූ පෙරේරාගේ ඉනිම හතරේ පහර 6කින් සහ යෝධ හයේ පහරකින් අලංකාරවත් විය. 

කුසල් මෙන්ඩිස්ගේ පිළ – 189/4 (20): දිනේෂ් චන්දිමාල් 63*, තිසර පෙරේරා 50*, අවිශ්ක ප්‍රනාන්දු 42, කුසල් මෙන්ඩිස් 16. 

ධනංජය ද සිල්වාගේ පිළ – 191/6 (19.2): දසුන් ශානක 77, ධනංජය ද සිල්වා 42, නිරෝෂන් දික්වැල්ල 31, ලහිරු තිරිමාන්න 19, ලක්ෂාන් සඳකැන් 2/27, සුරංග ලක්මාල් 2/32, කසුන් රාජිත 2/37. 

පසුගිය 22 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ මෙම දෙවන නේවාසික පුහුණු කඳවුර සාර්ථක ලෙස දින 10ක් පුරා ක්‍රියාත්මක වූ අතර මෙම අවසන් නේවාසික පුහුණු කඳවුර හෙට (2) දිනෙන් අවසන් වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<