සල්පිටි රයිගම් කෝරල සටන ටිරෝන් පිටියේ දී

213

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 18 වන වරටත් පැවැත්වෙන “සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් තරගය” මේ මස 22 සහ 23 දෙදින පුරා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී පැවැත්වේ.

පිළියන්දලත් හොරණත් 18 වැනි වරට සටනට

මෙරට ප්‍රධාන පෙළේ මැදි විදුහල් ද්විත්වයක් වන ….

2001 වර්ෂයේ සිට පැවත එන සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් සටනේ ඉතිහාසය පිරික්සා බලන විට 2005, 2009 හා 2010 යන වර්ෂවල දෙදින ක්‍රිකට් තරගය ජය ගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය සමත්ව ඇත. අනෙකුත් තරග සියල්ලම ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. එසේම මේ පාසල් දෙක අතර සීමිත පන්දුවාර තරග හතරක් මේ වන විට පවත්වා ඇති අතර එයින් තරග 3ක් ජයග්‍රහණය කර ඇත්තේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය විසිනි. අනෙක් තරගය (2018) ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටස නියෝජනය කරන මෙම විද්‍යාල දෙකම මෙවර තරගාවලියේ දී තමන්ගේ කාණ්ඩ යටතේ දැක්වූ දක්ෂතා අනුව මෙවර මහා තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි බොහෝ දෙනෙක්ගේ අපේක්ෂාවයි.

පිළියන්දල මධ්‍ය විද්‍යාලය

1887 දී මෙරට පාසල් පද්ධතියට එකතු වූ පිළියන්දල මධ්‍ය විද්‍යාලය මෙවර තරග වාරයේ දී (2018/19) තරග 15කට සහභාගී වී ඇති අතර ඉන් තරග 7ක පූර්ණ ජයග්‍රහණ ලබාගෙන ඇත. එහි දී ඔවුන් හමුවේ පානදුර රාජකීය විද්‍යාලය, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, පාදුක්ක සිරි පියරතන විද්‍යාලය ඇතුළු විද්‍යාල කිහිපයක් පරාජය වී ඇත. ඊට අමතරව ඉන් තරග 8ක දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ඇත්තේ එකඳු තරගයක් හෝ පූර්ණ පරාජයකට ලක්නොවෙමිනි.

නිල් මහා සටනේ 140 වැනි දිගහැරුම ලබන මාසයේ

මල්ෂාන් ගුණතිලක තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් පිළියන්දල මධ්‍ය විද්‍යාල කණ්ඩායම මෙහෙය වීමේ කාර්යයේ නිරත වේ. පසුගිය වර්ෂයේ දී පිළියන්දල මැදි විදුහල් කණ්ඩායම මෙහෙය වූ 6 වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙක් වන වමතින් පා දඟපන්දු යවන හේෂාන් මදුසංක මෙවර තරග වාරයේ දී තරග 15කට සහභාගි වී කඩුලු 85ක් ලබාගෙන ඇත්තේ දෙවන පෙළ ක්‍රිකට් තරග කාණ්ඩයේ වැඩිම කඩුලු ලාභියා වෙමිනි. දකුණතින් පිතිකරණයේ නිරත වන උප නායක චමෝද සඳරු මෙවර පාසල් ක්‍රිකට් තරගාවලිය තුළ තරග 15කට සහභාගී වී ශතක 4ක් හා අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1019ක් ලබාගෙන ඇත. පිළියන්දල මධ්‍ය විද්‍යාලය මෙවර දෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ C කාණ්ඩය නියෝජනය කරන ලදි.

ඉහත දැක්වූ ක්‍රීඩකයින්ට අමතරව රුචිර අධිකාරි, චමෝද් සඳරු, මල්ශාන් ගුණතිලක යන ක්‍රීඩකයින් මෙවර පාසල් මහා ක්‍රිකට් ගැටුමේ දී පිළියන්දල මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් වැඩි දස්කම් දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම

මල්ශාන් ගුණතිලක (නායක), චමෝද් සඳරු (උපනායක), හේෂාන් මදුසංක, රුචිර අධිකාරී, ජමිත් දිල්ශාන්, සසංඛ ලක්ෂාන්, සඳුන් සත්සර, උෂාන් දීමන්ත, ආකාශ් අකලංක, අශේන් රොද්‍රිගෝ, දනිඳු හිරුමාල්, ලක්ෂිත කුලරත්න, හේසර දිල්කිත්, ජයංග මදුශාන්, ලශාන් වගීෂ, සංදේශ ප්‍රවීන්, චනූප ජනුල්, මොවින් පේසර, මෙනුර මෙත්සඳ, රමෝද්‍ය ශ්‍රී රවිශ්ක, දර්ශන උඩවත්තගේ (විදුහල්පති), එරංග ගුණරත්න (ප්‍රධාන පුහුණුකරු), හර්ෂණ ප්‍රමෝද් (සහාය පුහුණුකරු), හර්ෂණ ප්‍රමෝද් (සහාය පුහුණුකරු), සුදේශ් හර්ෂ (සහාය පුහුණුකරු), අරුණ ලියනගේ (ක්‍රිකට් භාර ආචාර්ය)

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය

වසර 113ක ඉතිහාසයකට හිමිකම් කියන හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ දී B කාණ්ඩය නියෝජනය කරමින් තරග 13කට සහභාගී වී ඉන් එක තරගයක් පූර්ණ ලෙස ජයග්‍රහණය කර ඇත. ඒ කොළඹ අසෝක විද්‍යාලයට එරෙහිව ය. ඊට අමතරව පළමු ඉනිමේ ජයග්‍රහණ 7ක් හිමිකරගෙන ඇති හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිමේ පරාජයන් තුනකට හිමිකම් කියයි.

කණ්ඩායමේ නායකත්වය වර්ණලාභී ක්‍රීඩකයෙක් වන තිලිණ තාරින්ද වෙත හිමිව ඇත. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරණයෙන් ලකුණු 464ක් ලබාගෙන ඇත්තේ දවා ගත් කඩුලු 48ට අමතරවයි. ඔහු තක්ෂිලාවේ තුන් ඉරියව් අංශය සවිමත් කරද්දී ඔවුන්ගේ විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු අතර සිටින එරංග ජයකොඩි තරග 12කට සහභාගි වී ලකුණු 647කට ආසන්නව ලකුණු රැස් කර ගෙන ඇත්තේ එක තරගයකට ලකුණු 50කට ආසන්න ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමිනි. එසේම  ඒ අතරට අර්ධ ශතක 5ක් ද අන්තර්ගතව ඇත.

අලුත් ක්‍රීඩකයෙක් කණ්ඩායමට; කාසියේ වාසිය සත්කාරකයින්ට

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ එංගලන්තයට …

ඉහත දැක්වූ ක්‍රීඩකයින්ට අමතරව උප නායක සසිඳු ජනෙත්, සසංක අදීප, චමිඳු රන්විනු, සෙනෙත් වින්විනු හා එරංග ජයකොඩි යන ක්‍රීඩකයින් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් මෙවර පාසල් මහා ක්‍රිකට් ගැටුමේ දී වැඩි දස්කම් දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම

තිලින තාරින්ද (නායක), සසිඳු ජනෙත් (උප නායක), චමිඳු රන්විනු, සෙනෙත් වින්විනු, තිසර සචින්තන, එරංග ජයකොඩි, සසංක අදීප, ගිහාන් මධුභාෂ්, උමේෂ් ප්‍රසාද්, මලිත් කෞශල්‍ය, බිනුප සන්දිනු, සහන් ගයන්ත, රොමේෂ් ධනුෂ්ක, රවීන් රන්සිළු, කේ. කේ. පී. එම්. ජයතිලක මිය (විදුහල්පතිණිය), කමල් සුජීව මහතා (පුහුණුකරු, ක්‍රිකට් භාර ආචාර්ය), ගවින්ද බස්නායක (සහාය පුහුණුකරු)

සල්පිටි රයිගම් ‍කෝරල ක්‍රිකට් සංග්‍රාමය ලෙසින් ප්‍රසිද්ධියට පත් මේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී දෙපිලේම ක්‍රීඩකයෝ තම දක්ෂතා උපරියෙන්ම දැක්වීමට සූදානම්ව සිටී.

විද්‍යාල දෙක අතර පැවැත්වෙන වාර්ෂික දෙදින ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 22 හා 23 පැවැත්වෙන අතර සීමිත පන්දුවාර තරගය පෙබරවාරි 24 වැනිදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී පැවැත්වේ. මේ තරග සියල්ලම මොරටුව ටිරොන් ප්‍රනාන්දු පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි තරග වාර්තා හා තරග ඡායාරූප ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්ව සිටියි.

ඔබ සිතන විදිහට මේ වසරේ දී මහා තරගය සහ එක්දින තරගය ජයග්‍රහණය කරනු ලබන්නේ කුමන පාසල විසින් ද? ඔබේ අදහස පහතින් Comment කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<