තරගාවලියේ තෙවන හා අවසන් දිනයේ (30) උදෑසන අවසන් පූර්ව වටයේ තරග ක්‍රියාත්මක වූ අතර එම තරග වලින් යුද හමුදාව සහ ගුවන් හමුදාව අවසන් මහා තරගය සඳහා අසුන් වෙන්කර ගැනීමට සමත් විය.
අවසන් පූර්ව වටයට සියල්ල සුදානම්
තරගාවලියේ දෙවන දිනයේ (29) සවස ද මූලික වටයේ තවත් තරග 3ක් පැවැත්වුනු අතර එම තරග වලින් ජයග්‍රහණය ලබා ගැනීමට පොලිස්, ගුවන් හමුදා සහ යුද හමුදා පැසිපන්දු කණ්ඩායම් සමත් විය…
පොලිස් කණ්ඩායමට එරෙහිව යුද හමුදා කණ්ඩායම

තරගයේ ආරම්භය පොලිස් කණ්ඩායමට සුබදායක වූ අතර ඔවුන් ලකුණු 6ක් ලබා ගත්තේ ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 2ක් පමණක් ලබා දෙමිනි. නමුත් නැවත තරගයට අවතීර්ණ වූ යුද හමුදා පිල ලකුණු 14-8ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු සටහන 36-28ක් ලෙස දැක්වූයේ යුද හමුදා කණ්ඩායම ඉදිරියෙන් තබමිනි.
පොලිස් කණ්ඩායම තරගයේ දිගින් දිගටම ලකුණු රැසක් කිරීමට සමත් විය.
යුද හමුදා කණ්ඩායමේ #15 ක්‍රීඩක බාලසූරියගේ දක්ෂතා මෙම තරගය පුරාවට කැපී පෙනෙන්ට විය.

තරගය පුරා යුද හමුදා කණ්ඩායම තමන්ට ලැබුණු දෙවන හා තෙවන අවස්ථාවල දී වාර්තා කළ ලකුණු ගණන් ඉතා ඉහල අගයක් ගන්නා ලදි.
තරගය පුරා පොලිස් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක G. අරුල්ගේ ක්‍රීඩා විලාශය කාගේත් ප්‍රශංසාවට ලක්විය.
තරගයෙන් අනතුරුව අප වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
“තරගය පරාජය වීම ගැන කණගාටු වෙනවා, කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ගේ විශාල සහයක් ලැබෙනවා කණ්ඩායම තුල දී, ඉදිරි තරගය ජය ගන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.”

“ඉදිරියේ දී පැවැත්වෙන අවසන් මහා තරගය ජය ගැනීම අපේ අරමුණයි, කණ්ඩායමක් වශයෙන් අපි හොඳින් ක්‍රීඩා කළා. නවක ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගැන සතුටු වෙනවා.”
Photo Album : Hebert Memorial Cup Basketball Tournament – Semi Finals
ගුවන් හමුදා කණ්ඩයම හා යාපනය කණ්ඩයම

තරගය ආරම්භයේ දී ගුවන් හමුදා කණ්ඩායම යාපනය ක්‍රීඩකයින්ගේ රිද්මයට ක්‍රීඩා කරන බවක් පෙනෙන්නට වූ අතර තරගයේ පළමු කාර්තුව ලකුණු 14-06ක් ලෙස නිමා විය.

එසේම තරගයේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කර ගැනීමට ද ඔවුන් සමත් විය. ගුවන් හමුදා ක්‍රීඩක ඔසද උමයංගගේ ක්‍රීඩා විලාශය මෙම තරගයේ දී කැපී පෙනුණු අතර තරගයේ ජය තහවුරු කිරීමට ද ඔහු දායක විය.
ගුවන් හමුදා කණ්ඩායම තරගයේ තෙවන කාර්තුවේ දී ලකුණු 25ක් රැස් කිරීමට සමත් විය.

තරගයෙන් අනතුරුව ගුවන් හමුදා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ගවී කුරේ අප වෙත මෙසේ අදහස් දැක්විය.
”අපි පසුගිය කාල වකවානුවේ දී දක්ෂතා අතරට පැමිණියා, අපි බලාපොරොත්තු වෙනවා යුද හමුදා කණ්ඩායම පරාජය කර ශූරතාවය දිනා ගැනීමට.”

අවසන් මහා තරගය අද (30) සවස 6.00ට මයිකල්ස් පැසිපන්දු පිටියේ දී පැවැත්වේ.
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට






















