චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහ චෝදනා පිළිගනී

961
SRI LANKA CAPTAIN

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ මහතා ඔවුන් අතින් ICC චර්යා ධර්ම සංග්‍රහයේ 2.3.1 කොටස ඔවුන් අතින්  උල්ලංඝනය වී ඇති බව පිළිගෙන තිබෙනවා.

චන්දිමාල්ගේ අභියාචනාව සිකුරාදා

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට සාන්ත ලුසියා හිදී පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට්..

සාන්ත ලුසියා හිදී පැවති ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ උදෑසන පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කිරීම ICC චර්යා ධර්ම සංග්‍රහයේ 2.3.1 කොටස උල්ලංඝනය කරමින් සිදු කරන ලද 3 වැනි මට්ටමේ වරදක් බව ICC ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් මහතා පසුගිය අඟහරුවාදා (19) ප්‍රකාශ කළ අතර ටෙස්ට් කණ්ඩායම් නායක චන්දිමාල්, පුහුණුකරු හතුරුසිංහ මහතා හා කළමනාකරු වන ගුරුසිංහ මහතා අද (22) ඒ වරද පිළිගෙන තිබෙනවා.

එසේම පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම යන චෝදනාවට ලක්ව සිටින චන්දිමාල්ගේ අභියාචනාව විභාග කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය කමිටු සභාපති වන මයිකල් බැලොෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඊයේ (21) දිනයේ දී පත් කරන ලදි.

චන්දිමාල්ට 100% දඩයක් සහ තරග තහනමක්; හතුරු සහ ගුරූටත් චෝදනා

සාන්ත ලුසියා හි පැවති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවන දිනයේ උදෑසන ඇති වූ ‘පන්දුවේ ස්වභාවය..

ඒ අනුව අද (22) දිනයේ දී ස්කයිප් (Skype) තාක්ෂණය ඔස්සේ හෝ දුරකතන සංවාදයක් හරහා චන්දිමාල් හා මේ විශේෂ කමිටුව අතර සංවාදයක් පැවැත්වෙන අතර එහි දී චන්දිමාල් හට අභියාචනාවට අදාළ හේතු සාධක හා කරුණු දැක්වීම සිදු කළ හැකි වෙයි.

ක්‍රීඩාවේ ජීවගුණයට හානි කිරීමේ මේ වරද තෙවැනි මට්ටමේ වරදක් නිසා එම වරද සිදු කළ අයගේ විනය වාර්තාවට දඬුවම් ලකුණු  (suspension points) ලකුණු 4 – 8 දක්වා ප්‍රමාණයක් එක්වෙනු ඇත. ඒ අනුව ඔවුන් හට ඉදිරියේ දී පැවැත්වෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් මග හැරීමේ යම් අවදානමක් ද තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<