ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම ගැන දිමුත් කතා කරයි

99

ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායම් මෑත කාලය තුල තරගාවලි කිහියක්ම ජයග්‍රහණය කළ නමුත් විස්සයි විස්ස කණ්ඩායම සහභාගී වූ අවසන් විස්සයි විස්ස තරග 26න් ජයග්‍රහණය කර ඇත්තේ තරග 7ක් පමණයි. එය ප්‍රතිශතයක් ලෙස බැලූ විට 26.92%ක් පමණ වෙනවා. 

වැදිබණ නොකියූ වැඩ්ඩන්ගේ වදන්

ක්‍රිකට් ලෝකය තුළ වැඩවලින් කෙසේ වුවත් කටින් දිනන්නට උත්සාහ කරන කයිවාරුකාරයන්..

ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න ThePapare.com ක්‍රිකට් chat වැඩසටහන සමඟින් එකතු වෙමින් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මාවතකට ගෙන ඒමට කළ යුතු දෑ පිළිබඳව ප්‍රේක්ෂකයෙක් ලෙසින් මෙලෙස අදහස් දැක්වුවා.

“මට හිතන්නේ ගොඩක් වෙලාවට T20 තරග ආකෘතිය අනෙක් තරග ආකෘති දෙකට වඩා ගොඩක් වෙනස් නිසා තමයි අපේ කණ්ඩායමට එහෙම වෙලා තියෙන්නේ, එකේ දී කරන දේවල් හරියටම හරිම තැන දී කරන්න ඕන. එක විකට් එකක් ගන්න හරි එක ලකුණක් හරි එහේ මෙහෙ වුනොත් T20 වල ඒක අල්ලන් ආයිත් කාලයක් ලැබෙන්නේ නැහැ. එක විකට් එකකින් එක කඩුල්ලකින් එක පන්දුවකින් මුළු තරගයම අනික් පැත්ත ගැහෙන්න පුළුවන්. හැබැයි ටෙස්ට් සහ එක්දිනවල විස්සයි විස්සවලට සාපේක්ෂව ඒ අඩුපාඩුවක් හදාගන්න පොඩි හරි වෙලාවක් තියෙනවා.”

“මම දකින විදිහට අපේ විස්සයි විස්ස කණ්ඩායමේ ගොඩක් අඩුපාඩු තියෙනවා. ක්‍රීඩකයෝ විදිහට අපේ පිතිකරණ ලැයිස්තුවේ වුනත් ගොඩක් Panic (කලබල) වෙනවා. වෙන රටවල ක්‍රීඩකයින් එක්ක බැලුවහම අපේ රටේ ක්‍රීඩකයින්ගේ power නැත්නම් ඇඟේ strength එක ටිකක් අඩුයි. ඒක නිසා power play එකේ දී ගොඩක් වේගයෙන් ලකුණු ගහන්න ගිහිල්ලා පළවෙනි පන්දුවාර කිහිපය දී ම කඩුලු කිහිපයක් දැවී යනවා. කඩුලු 4-5ක් පන්දුවාර 10ක් වගේ වෙද්දී දැවී ගියායින් පස්සේ අන්තිම පන්දුවාර 10 ඇදගෙන ලොකු ලකුණකට යන්න ගොඩක් අමාරුයි.”

“අනික් රටවල ක්‍රීඩකයින්ට අපිට සාපේක්ෂව ගොඩක් power එක තියෙනවා. ඊට වඩා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රිමියර් ලීග් තරගාවලිවල අත්දැකීම ඒ ගොඩක් ක්‍රීඩකයින්ට තියෙනවා. ඒ ගොල්ලෝ කරන්නේ පළවෙනි පන්දුවාර 5-6 ඒ කියන්නේ powerplay එකේ දී වුනත් ලකුණු ගහන්නේ ගොඩක් ලොකු රිස්ක් එකක් ගන්නේ නැතිව. 

අපි බැලුවොත් ඉන්දියාවේ රෝහිත් ශර්මා ඒ වගේ ක්‍රීඩකයෙක් ඇරෙන්න අනෙක් ගොඩක් ක්‍රීඩකයින් බිම දිගේ gaps වලට ගහල ඉතාමත් ලේසියෙන් ලකුණු ගන්නවා. අපේ ක්‍රීඩකයින් gaps වලින් කවර් කරනවාට වඩා ගොඩක් උඩින් ගහන්න හදනවා. powerplay එකේ දී වැඩිපුර රිස්ක් එකක් අරගෙන ring එකට උඩින් ගහන්න යන එක තමයි අපේ ටීම් එකේ පිතිකරණයේ මම දකින ලොකුම අඩුපාඩුව.”

සංගාට ලොකු ලොකු තනතුරුවලට උනන්දුවක් නැහැලු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ දක්ෂ කඩුලු රකින පිතිකරුවෙකු වන කුමාර්..

“හැබැයි අපි දැකලා තියෙනවා විකට්ස් නොදී කුසල් පෙරේරා අවිශ්ක ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයින් අපිට හොඳ ආරම්භයක් ලබාදු න්නොත් ගොඩක් හොඳ total එකකට අපි යනවා ලේසියෙන්ම. එහම වෙන්නේ අපි මුල් ටිකේ විකට්ස් අඩුවෙන් දීලා ගහන නිසා.”

“පන්දු යවන අංශය බැලුවොත් T20 තරගයක යවන එක නිලකුණු පන්දුවක් වුනත් ඒ පන්දු යවන කණ්ඩායමට ගොඩක් වටිනවා. ඒ වගේම පිතිකරණ කණ්ඩායමට ඒක ගොඩක් ලොකු පීඩනයක්. අපි එක් තරගයක දී යවන නිලකුණු පන්දු ප්‍රමාණය තව වැඩි කරගන්න ඕනේ. මම හිතන විදිහට අපේ මාලි අයියා (ලසිත් මාලිංග) ඇරුනහම අනික් පන්දු යවන්නන්ට death ඔව්ර්ස් වල තැනේ පන්දුව දාගෙන ඉන්නේ කොහොහම ද, කොහාට ද බොලේ දාන්න ඕනේ කියන එක ගැන තියෙන ඇගෙන්ම එන අවබෝධය සහ අත්දැකීම ටිකක් මදි. ඒ ටික අපේ තව sharp වෙන්න ඕනේ කියලා මම හිතනවා.”

Video -දිමුත් සහ චන්දිමාල් සමඟ – ThePapare.com ක්‍රිකට් chat

කොරෝනා වසංගතය නිසාවෙන් මේ වන විට දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතිං..

“ඒ වගේම මැද පන්දුවාරවල දී ප්‍රතිවාදීන්ගේ කණ්ඩායමේ කඩුලු දවා ගන්න අපි වැඩි පන්දුවාර ප්‍රමාණයක් වැය කරනවා. ගොඩක් වෙලාවට. ඒක T20 වල විතරක් නෙමෙයි එක්දින සහ ටෙස්ට් වලත් මම දකිනවා. කඩුලු දවා ගන්න පුළුවන් options අපිට වැඩිවුනොත් අපිට T20 වලත් තරග දිනලා දැනට ඉන්න තැනට වඩා යම් ඉදිරියකට එන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හොඳ සැලැස්මකට අනුව ඒ ඒ අදාළ පන්දු යවන්නන් හරි තැන දී හරිම වෙලාවට යොදා ගත්තොත් අපේ තියෙන හැකියාවන් එක්ක අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්.”

“අපි අනික් රටවල් වල ක්‍රීඩකයින් කරන හැමදේම කරන්න යන්න හොඳ නැහැ. මොකද ඒක ඒ ගොල්ලන්ගේ ආවේණික විදිහක් වෙන්න පුළුවන්. අපි අපේම විදිහකට, වෙනම සැලැස්මකට අපේ දක්ෂතාවයන් භාවිතා කරන්න ඕන කියලා මට හිතෙනවා. අපේ ක්‍රීඩකයින් එහෙම සෙල්ලම් කරලත් තියෙනවා. අපේ අය එහෙම කරලා තියෙන නිසයි මම මෙහෙම කියන්නේ. 

මම විස්සයි විස්ස කණ්ඩායමේ හිටියේ නැති වුනාට හැම විස්සයි විස්ස තරගයක්ම මම බලනවා. මම මේ මට පේන තියෙන අඩුපාඩු ටික කියන්නේ නායකයෙක් විදිහටවත්, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විදිහටවත් නෙමෙයි, ප්‍රේක්ෂකයෙක් විදිහට. අපි පොඩ්ඩක් අනික් අයගේ games plan පැත්තකට දාලා අපේම විදිහේ plan එකක් හරියට හදාගෙන ගැහුවා නම් මම හිතනවා අපිට T20 වල තරග තව ගොඩක් දිනන්න පුළුවන් කියලා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<