චන්දිමාල්ගේ අභියාචනාව සිකුරාදා

431

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට සාන්ත ලුසියා හිදී පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ‘පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම පිළිබඳ’ චෝදනා එල්ල වූ අතර දිනේෂ් චන්දිමාල් එම චෝදනා සියල්ල සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

චන්දිමාල්ගෙන් අභියාචනාවක්; තුන්වැනි ටෙස්ට් තරගයට අවසර?

පන්දුවේ ස්වභාවය වෙනස් කළා යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වරදකරු කළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට, අනිද්දා…….

ICCය අද තහවුරු කළේ ICC චර්යා ධර්ම සංග්‍රහ කොමිසමේ සභාපති ගරු මයිකල් බෙලොෆ් (Michael Beloff QC) මහතා චන්දිමාල්ගේ අභියාචනාව විමසන අධිකරණ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බවයි.  

එළඹෙන 22 වන සිකුරාදා චන්දිමාල්ගේ නීතිඥ මහතා ඇතුළු පිරිසත්, ICC අධිකරණ කමිටුවත් දුරකථන මාර්ගයෙන් හෝ වීඩියෝ සංවාද මාර්ගයෙන් නඩු විභාගයට එක්වනු ඇත.

චන්දිමාල්ට 100% දඩයක් සහ තරග තහනමක්; හතුරු සහ ගුරූටත් චෝදනා

සාන්ත ලුසියා හි පැවති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවන දිනයේ උදෑසන ඇති වූ ‘පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ’ චෝදනාව පිළිබඳ සිදුවීම් මාලාව නිසා තරගය….

ICCය මේ නඩු විභාගයේ ප්‍රතිඵල සාමාන්‍ය ආකාරයට මාධ්‍ය නිවේදනයක් මගින් නිවේදනය කරන බව දැනුම් දුන් අතර එතෙක් කිසිදු නිවේදනයක් නිකුත් නොකරන බවද පවසා සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<