Home Sinhala ධනංජය ද සිල්වාගෙන් සුපිරි ශතකයක්

ධනංජය ද සිල්වාගෙන් සුපිරි ශතකයක්

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

206
Pakistan tour of Sri Lanka 2022 - 2nd Test

සත්කාරක ශ්‍රී ලංකා හා සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නියමිත කාලයට පෙර අවසන් කරන්නට අද (27) සිදු වුනා.

පාකිස්තානය තරගය ජය ගැනීම සඳහා තවත් ලකුණු 419ක් ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකාව සිය ජයග්‍රහණය සඳහා කඩුලු 9ක් දවා ගත යුතුව තිබෙනවා.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද දිනයේ දී පන්දුවාර 26ක් පමණ ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ නැහැ. තරගය අදට නතර කරන විට දෙවැනි ඉනිමේ දී ලකුණු 508ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 89ක් ලබාගෙන සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන Imam-ul-Haq ලකුණු 46*ක් හා නායක Babar Azam ලකුණු 26*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා. පාකිස්තාන දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස Abdullah Shafique ලකුණු 16කට දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුනේ දුනිත් වෙල්ලාලගේ පසුපසට දිවගොස් රැකගත් සුපිරි උඩ පන්දුවක් නිසයි.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබා සිටි අතර ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 360ක් ලබා සිටිය දීයි. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 508ක ඉලක්කයක් පාකිස්තානයට ලබා දුන්නා.

සිය 9 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ධනංජය ද සිල්වා ලකුණු 109කට දුවද්දී දැවී ගියා. ධනංජය සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල දුවද්දී දැවී යාමකට හසුව දැවී ගිය පළමු අවස්ථාව මෙයයි. පන්දු 171කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 16ක් ඇතුළත්. රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 45*යි.

නායක දිමුත් කරුණාරත්න ද සිය ආබාධය පසෙකලා මැදපෙළ පිතිකරුවෙක් ලෙස ලකුණු 61ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ අතර, ඔහු ධනංජය ද සිල්වා සමඟ 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 126ක අගනා සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා. වෙල්ලාලගේ ලකුණු 18යි.

පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක Naseem Shah හා Mohammad Nawaz කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. Yasir Shah, Nauman Ali හා Agha Salman අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

Result


Sri Lanka
378/10 (103) & 360/8 (91.5)

Pakistan
231/10 (88.1) & 261/10 (77)

Batsmen R B 4s 6s SR
Oshada Fernando c Mohammad Rizwan b Mohammad Nawaz 50 70 4 3 71.43
Dimuth Karunaratne c Naseem Shah b Yasir Shah 40 90 3 0 44.44
Kusal Mendis run out (Agha Salman) 3 10 0 0 30.00
Angelo Mathews c Mohammad Rizwan b Nauman Ali 42 106 5 0 39.62
Dinesh Chandimal c Fawad Alam b Mohammad Nawaz 80 137 9 2 58.39
Dhananjaya de Silva b Naseem Shah 33 61 3 1 54.10
Niroshan Dickwella c Mohammad Rizwan b Naseem Shah 51 54 6 1 94.44
Dunith Wellalage c Babar Azam b Naseem Shah 11 20 2 0 55.00
Ramesh Mendis b Yasir Shah 35 52 4 1 67.31
Prabath Jayasuriya lbw b Yasir Shah 8 17 0 0 47.06
Asitha Fernando  not out 4 13 1 0 30.77


Extras 21 (b 4 , lb 5 , nb 12, w 0, pen 0)
Total 378/10 (103 Overs, RR: 3.67)
Bowling O M R W Econ
Hasan Ali 17 3 59 0 3.47
Naseem Shah 18 3 58 3 3.22
Nauman Ali 21 2 64 1 3.05
Agha Salman 6 0 25 0 4.17
Mohammad Nawaz 19 3 80 2 4.21
Yasir Shah 22 2 83 3 3.77
Batsmen R B 4s 6s SR
Abdullah Shafique b Asitha Fernando  0 2 0 0 0.00
Imam-ul-Haq b Dhananjaya de Silva 32 54 4 0 59.26
Babar Azam b Prabath Jayasuriya 16 34 3 0 47.06
Mohammad Rizwan lbw b Ramesh Mendis 24 35 3 0 68.57
Fawad Alam lbw b Ramesh Mendis 24 69 1 0 34.78
Agha Salman c Dhananjaya de Silva b Prabath Jayasuriya 62 126 4 1 49.21
Mohammad Nawaz c Niroshan Dickwella b Ramesh Mendis 12 37 1 0 32.43
Yasir Shah lbw b Ramesh Mendis 26 97 0 1 26.80
Hasan Ali b Prabath Jayasuriya 21 54 0 1 38.89
Nauman Ali c Niroshan Dickwella b Ramesh Mendis 1 11 0 0 9.09
Naseem Shah not out 4 10 1 0 40.00


Extras 9 (b 4 , lb 5 , nb 0, w 0, pen 0)
Total 231/10 (88.1 Overs, RR: 2.62)
Bowling O M R W Econ
Asitha Fernando  20 2 63 1 3.15
Prabath Jayasuriya 37 10 80 3 2.16
Ramesh Mendis 21.1 6 47 5 2.23
Dhananjaya de Silva 4 0 15 1 3.75
Dunith Wellalage 6 1 18 0 3.00
Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Mohammad Rizwan b Naseem Shah 15 25 2 0 60.00
Oshada Fernando lbw b Yasir Shah 19 24 3 0 79.17
Kusal Mendis lbw b Mohammad Nawaz 15 30 2 0 50.00
Angelo Mathews c Babar Azam b Agha Salman 35 62 4 1 56.45
Dinesh Chandimal c Mohammad Rizwan b Naseem Shah 21 58 0 0 36.21
Dimuth Karunaratne c Abdullah Shafique b Nauman Ali 61 105 3 0 58.10
Dhananjaya de Silva run out (Yasir Shah) 109 171 16 0 63.74
Dunith Wellalage c Mohammad Rizwan b Mohammad Nawaz 18 27 1 0 66.67
Ramesh Mendis not out 45 54 4 0 83.33


Extras 22 (b 13 , lb 3 , nb 5, w 1, pen 0)
Total 360/8 (91.5 Overs, RR: 3.92)
Bowling O M R W Econ
Hasan Ali 10 0 44 0 4.40
Naseem Shah 12.5 1 44 2 3.52
Yasir Shah 21 2 80 1 3.81
Mohammad Nawaz 21 4 75 2 3.57
Nauman Ali 14 0 54 1 3.86
Agha Salman 12 2 41 1 3.42
Babar Azam 1 0 6 0 6.00


Batsmen R B 4s 6s SR
Abdullah Shafique c Dunith Wellalage b Prabath Jayasuriya 16 51 3 0 31.37
Imam-ul-Haq c Niroshan Dickwella b Ramesh Mendis 49 90 4 0 54.44
Babar Azam lbw b Prabath Jayasuriya 81 146 6 1 55.48
Mohammad Rizwan b Prabath Jayasuriya 37 69 6 0 53.62
Fawad Alam run out (Niroshan Dickwella) 1 9 0 0 11.11
Agha Salman c Kusal Mendis b Prabath Jayasuriya 4 6 1 0 66.67
Mohammad Nawaz c Dinesh Chandimal b Ramesh Mendis 12 29 1 0 41.38
Yasir Shah c Kusal Mendis b Prabath Jayasuriya 27 25 6 0 108.00
Hasan Ali b Ramesh Mendis 11 10 1 1 110.00
Nauman Ali not out 0 9 0 0 0.00
Naseem Shah c Dunith Wellalage b Ramesh Mendis 18 21 1 2 85.71


Extras 5 (b 2 , lb 0 , nb 3, w 0, pen 0)
Total 261/10 (77 Overs, RR: 3.39)
Bowling O M R W Econ
Asitha Fernando  6 1 20 0 3.33
Prabath Jayasuriya 32 5 117 5 3.66
Ramesh Mendis 30 7 101 4 3.37
Dhananjaya de Silva 2 0 4 0 2.00
Dunith Wellalage 7 0 17 0 2.43



තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 378ක් රැස් කළා. පිළිතුරු ලෙස පාකිස්තානය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 231ක්. මේ තරගයේ සහ තරගාවලියේ තීරණාත්මක අවසන් දිනය හෙට (28) ක්‍රියාත්මක වන අතර දැනට 1-0ක් ලෙස පාකිස්තානය ඉදිරියෙන් සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<