Home Sinhala දසුන්ගේ හුදකලා සටන අපතේ යයි

දසුන්ගේ හුදකලා සටන අපතේ යයි

112

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම අතර අද (29) කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ දී පැවති පුහුණු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 33ක පහසු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

පිතිකරුවන්ගේ දුර්වලතා වාර්තා ගත ජයග්‍රහණයකට හරස් වෙයි

ගාල්ලේ දී පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ……

වර්ෂාව හේතුවෙන් මදක් ප්‍රමාද වී ඇරඹි මෙම තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට නවසීලන්ත කණ්ඩායම තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 තුළ ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි මාටින් ගප්ටිල් හා කොලින් මන්රෝ අතර සාර්ථක සබඳතාවයක් පැවති අතර මුල් පන්දුවාර 8 තුළ කිසිවකු නොදැවී ලකුණු 69ක් රැස්කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට බැට දෙමිනි. ඒ අතරින් පන්දු 27ක දී ලකුණු 48ක් ලබා ගනිමින් ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ කොලින් මන්රෝ අනතුරුව පිටියෙන් ඉවත් වීමට තීරණය කළේ තවත් පිතිකරුවෙකුවට අවස්ථාව ලබා දීම වෙනුවෙනි.

නමුත් ඉන්පසු පිටියට එක්වූ ටිම් සෙයිෆාට් හට සහ අනෙක් අන්තයේ සිටි මාටින් ගප්ටිල් දෙදෙනාටම වැඩි වෙලාවක් පිටියේ රැඳීමට අවකාශ නොලැබුණු අතර මුළු සංඛ්‍යාව ලකුණු 74 දී පළමු කඩුල්ල ලෙස ගප්ටිල් පන්දු 24ක දී ලකුණු 22කට ද, සෙයිෆාට් පන්දු 10ක දී ලකුණු 5ක් ද ලබා දැවී ගියේ පිළිවෙළින් ශෙහාන් ජයසූරිය සහ වනිඳු හසරංගගේ පන්දු හමුවේය.

ලකුණු පුවරුව 84/2ක්ව සටහන්ව තිබිය දී ටොම් බෲස් සහ රොස් ටේලර් දෙදෙනා පිටියේ එක්වූ අතර වැඩි වේලාවක් යාමට මත්තෙන් බෲස්ව ද ක්‍රීඩාගාරයට හරවා යැවීමට වනිඳු සමත් වූයේ පන්දු 10ක දී ලකුණු 13ක් ලබා සිටිය දීයි. 

අනතුරුව හුදකලා ඉනිමක නිරත වූ රොස් ටේලර් පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් පන්දු 24ක දී වේගවත් ලකුණු 41ක් ලබා ගත්තේ නවසීලන්ත පිතිකරණ නැංගුරම බවට පත් වෙමිනි. පන්දුවාර 17ක දී නවසීලන්ත ලකුණු පුවරුව 139/4ක් සටහන් වද්දී ඔහුත් පිටියෙන් ඉවත් වීමට තීරණය කළේ තවත් පිතිකරුවෙකුට අවස්ථාව ලබා දීම වෙනුවෙනි.

නවසීලන්ත පිතිකරණයේ අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව ඉක්මවීමට නොහැකි වූ අතර එහි දී ඩැරල් මිචෙල් ලකුණු 9කට සහ ස්කොට් කුගල‍ෙයිජින් එක් ලකුණකට දැවී ගිය අතර නවසීලන්ත ඉනිම අවසන් විට පිටියේ රැඳී සිටි මිචෙල් සැන්ටනර් සහ ටිම් සවුති දෙදෙනාම ලකුණු 13 බැගින් නොදැවී ලබා සිටියේ ය.

අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට තිත තබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයෙන් බිහි වූ තවත් එක් ……….

පන්දු යැවීමේ දී වනිඳු හසරංග තම පන්දුවාර 4 තුළ ලකුණු 35කට කඩුලු 2ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම සටහන් කළ අතර කසුන් රාජිත සහ ශෙහාන් ජයසූරිය එක් කඩුල්ල බැගින් දවා ගනු ලැබීය.

ලකුණු 169ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා බවට පත් වූයේ ධනුෂ්ක ගුණතිලක සහ සධීර සමරවික්‍රම යුගලයයි.

එහෙත් අසාර්ථක ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු දෙකම දවා ගැනීමට ස්කොට් කුගල‍ෙයිජින් සමත් විය. දැවී ගිය පිතිකරුවන් වූ ධනුෂ්ක පන්දු 16ක දී ලකුණු 19ක් සහ සධීර පන්දු 7ක දී ලකුණු 4ක් පමණක් ලබා දැවී ගියේ ඉනිම ආරම්භයේ දී ම තරගයේ වැඩි වාසි නවසීලන්තය වෙතට හිමිකර දෙමිනි.

ඉන් නොනැවතී ක්‍රියාත්මක වූ නවසීලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි සහ සිව්වැනි කඩුලු ද ඉක්මනින්ම දවා ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකාවට පීඩනය තවත් වැඩි කර දෙමිනි. එහි දී පන්දු 13ක දී ලකුණු 3ක් පමණක් ලබා ගනිමින් ඉතා දුර්වල ඉනිමක් ක්‍රීඩා කළ නායක අෂාන් ප්‍රියන්ජන් ද කුගල‍ෙයිජින් ඉදිරියේ දැවී ගියේ ඔහුගේ තුන්වැනි ගොදුර බවට පත්වෙමිනි. ඒ සමඟම ඇන්ජලෝ පෙරේරා ද ආ විගසම එක් ලකුණකට දැවී ගියේ මුළු ලකුණු පුවරුව 37/4ක් බවට පත්කරමිනි.

ඒ වන විට පිටියේ අනෙක් අන්තයේ පිතිකරණයේ යෙදෙමින් සිටි භානුක රාජපක්ෂ සමඟ එක්වූ නවක පිතිකරු බවට පත් වූයේ ශෙහාන් ජයසූරියයි. ඔවුන් දෙදෙනා එක්ව මන්දගාමී ලකුණු 43ක සබඳතාවයක් පැවැත්වූ අතර එය කිසිසේත් ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. ඒ අතරින් භානුක පන්දු 23කදී ලකුණු 22ක් ලබා ගත් අතර ශෙහාන් පන්දු 25ක දී ලකුණු 26ක් ලබා ගත්තේය. දුර්වල පිතිහරඹයක නිරත වූ ඔවුන් දෙදෙනාම දැවී ගියේ ඉෂ් සෝධිගේ පන්දුකරණය හමුවේ ය. 

අනතුරුව පිටියට පිවිසි වනිඳු හසරංගවත් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට ඉෂ් සෝධි සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් අසරණ කරමිනි. ඉන්පසුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 94/7ක් ලෙස දිස් විය. ඉන්පසු පිටියට පිවිසි ලහිරු මධුශංකට ලබා ගත හැකි වූයේ ද ලකුණු 12ක් පමණි.

විනිසුරු තීරණ වරද්දා ගත් දෙදෙනා ඉවතට

නිමා වූ අළුබඳුන ක්‍රිකට් තරගයේ දී බෙන් ස්ටෝක්ස්ගේ …….

අනෙක් අන්තයෙන් එකා පිට එක දැවී යද්දී හුදකලා සටනක නිරත වූ දසුන් ශානක පන්දු 11කින් වේගවත් ලකුණු 25ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා පිතිකරණයට අස්වැසිල්ලක් වූ එකම පිතිකරුවා බවට පත්වෙමිනි. 

ඉනිම අවසන් වන විට නොදැවී පිතිකරණයේ යෙදී සිටි ලක්ෂාන් සඳකැන් පන්දු 12ක දී ලකුණු 13ක් සහ කසුන් රාජිත පන්දු 3ක් ලබා සිටියේ ය.

පන්දු යැවීමේ දී නවසීලන්තය වෙනුවෙන් හොඳම පන්දු යැවීම සනිටුහන් කළ ස්කොට් කුගලෙයිජින් ලකුණු 19කට කඩුලු 4ක් දවා ගත් අතර ඔහුට අනගි සහයක් ලබා දුන් ඉෂ් සෝධි ලකුණු 43කට කඩුලු 3ක් දවා ගනු ලැබීය.

ඒ අනුව නියමිත පන්දුවාර 20 තුළ ශ්‍රී ලංකාවට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණක් වන අතර අවසානයේ නවසීලන්තය ලකුණු 33ක පහසු ජයක් ලබා ගැනීමට සමත් විය.

Photos: New Zealand vs Sri Lanka Board President’s XI – T20 Match

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය එළඹෙන 1 වෙනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Result


Sri Lanka Board President’s XI
135/9 (20)

New Zealand
168/7 (20)

Batsmen R B 4s 6s SR
Colin Munro retired 48 27 6 1 177.78
Martin Guptill b Shehan Jayasuriya 22 24 0 2 91.67
Tim Seifert ( st Sadeera Samarawickrama b Wanindu Hasaranga 6 7 0 0 85.71
Tom Bruce st Sadeera Samarawickrama b Wanindu Hasaranga 13 10 0 0 130.00
Ross Taylor retired 41 23 0 4 178.26
Daryl Mitchell b Kasun Rajitha 9 11 0 0 81.82
Mitchell Santner not out 13 10 0 0 130.00
Scott Kuggeleijn run out (Dasun Shanaka) 1 1 0 0 100.00
Tim Southee not out 13 4 3 0 325.00


Extras 2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0)
Total 168/7 (20 Overs, RR: 8.4)
Fall of Wickets 1-70 (7.6) Colin Munro, 2-83 (8.3) Tim Seifert (, 3-74 (8.6) Martin Guptill, 4-105 (12.6) Tom Bruce, 5-139 (16.6) Ross Taylor, 6-153 (18.6) Daryl Mitchell, 7-155 (19.2) Scott Kuggeleijn,

Bowling O M R W Econ
Nuwan Pradeep 2 0 18 0 9.00
Kasun Rajitha 3 0 23 1 7.67
Danushka Gunathilaka 1 0 12 0 12.00
Lahiru Madushanka 3 0 33 0 11.00
Shehan Jayasuriya 2 0 7 1 3.50
Lakshan Sandakan 3 0 26 0 8.67
Wanindu Hasaranga 4 0 36 2 9.00
Dasun Shanaka 2 0 15 0 7.50


Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka c Colin Munro b Scott Kuggeleijn 20 16 4 0 125.00
Sadeera Samarawickrama c Martin Guptill b Scott Kuggeleijn 4 7 0 0 57.14
Bhanuka Rajapaksa c Scott Kuggeleijn b Ish Sodhi 22 23 0 1 95.65
Ashan Priyanjan c Tim Southee b Scott Kuggeleijn 3 13 0 0 23.08
Angelo Perera c Colin de Grandhomme b Mitchell Santner 1 2 0 0 50.00
Shehan Jayasuriya c Tom Bruce b Ish Sodhi 26 25 2 1 104.00
Dasun Shanaka c Tim Southee b Daryl Mitchell 25 11 2 2 227.27
Wanindu Hasaranga c Tim Seifert ( b Scott Kuggeleijn 0 1 0 0 0.00
Lahiru Madushanka c Martin Guptill b Ish Sodhi 12 7 1 1 171.43
Lakshan Sandakan not out 13 12 1 0 108.33
Kasun Rajitha not out 3 3 0 0 100.00


Extras 6 (b 0 , lb 0 , nb 0, w 6, pen 0)
Total 135/9 (20 Overs, RR: 6.75)
Fall of Wickets 1-20 (3.2) Sadeera Samarawickrama, 2-24 (3.5) Danushka Gunathilaka, 3-35 (7.1) Ashan Priyanjan, 4-37 (8.1) Angelo Perera, 5-80 (14.1) Bhanuka Rajapaksa, 6-80 (14.2) Shehan Jayasuriya, 7-94 (15.1) Wanindu Hasaranga, 8-110 (16.5) Lahiru Madushanka, 9-125 (18.2) Dasun Shanaka,

Bowling O M R W Econ
Ish Sodhi 4 0 43 3 10.75
Tim Southee 3 0 13 0 4.33
Seth Rance 4 0 25 0 6.25
Scott Kuggeleijn 4 0 19 4 4.75
Mitchell Santner 4 0 22 1 5.50
Daryl Mitchell 1 0 11 1 11.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<