Home Sinhala පිතිකරුවන්ගේ දුර්වලතා වාර්තා ගත ජයග්‍රහණයකට හරස් වෙයි

පිතිකරුවන්ගේ දුර්වලතා වාර්තා ගත ජයග්‍රහණයකට හරස් වෙයි

124

ගාල්ලේ දී පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකාව එම තරගය ජය ගත් නමුත්, අද (26) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී නිමාවුණු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය නිසා ඉනිමකින් හා ලකුණු 65කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය. 

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සමකරමින් ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහනට ලකුණු 60ක් එකතු කරගැනීමට නවසීලන්තය සමත් විය. 

යොවුන් ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

8 වන වරට පැවැත්වෙන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට්…

පී. සරා ඕවල් පිටියේ පැවති තෙත බරිත ස්වභාවය නිසා උදෑසන 9.45ට ආරම්භ වීමට නියමිතව තිබූ අද දිනය ආරම්භ වූයේ උදෑසන 10.15ටයි. දිනය ආරම්භ කරමින් බී. ජේ වොට්ලින්ග් (ලකුණු 81*) හා කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් (ලකුණු 83*) පිටියට පිවිසියේය. 

කෙසේ නමුත් දිනය ආරම්භ කරමින් ලසිත් ඇඹුල්දෙණිය ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරයේ දෙවන පන්දුවේ දී, ග්‍රෑන්ඩ්හෝම් ස්වීප් පහරක් එල්ල කරමින් ඩීප් square ලෙග් කලාපය හරහා 6 පහරක් එල්ල කිරීමට වෑයම් කළ ද, ලහිරු කුමාර ඒ පන්දුව සාර්ථකව රැකගන්නා ලදි. 

වොට්ලින්ග් හා පිටියේ එක්වූ ටිම් සවුති පන්දු 28ක් තුල වේගවත් ලකුණු 49ක් නවසීලන්ත පළමු ඉනිමට එකතු කරමින් ඔවුන්ගේ ලකුණු සටහන ශක්තිමත් කළේය. අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 431ක් ලබා ගත් නවසීලන්තය සිය ඉනිම අත්හිටුවන ලදි. 

ඉනිම අවසන් කරන විට සිය ටෙස්ට් දිවියේ 7 වැනි ශතකය ලබා ගත් වොට්ලින්ග් 4 පහර 9ක් සමඟින් ලකුණු 105*ක් වාර්තා කර ගත් අතර පන්දු 10කට මුහුණ දුන් සවුති වේගවත් ලකුණු 24*ක් රැස්කර ගත්තේ 4 හා 6 පහර 2ක් සමඟිනි.

දකුණතින් දඟපන්දු යවන දිල්රුවන් පෙරේරා ලකුණු 114කට කඩුලු 3ක් දවා ගන්නා විට, ලසිත් ඇඹුල්දෙණිය හා ලහිරු කුමාර පිළිවෙළින් කඩුලු දෙකක් හා එකක්  දවා ගන්නා ලදි.

අළුබඳුන කැලඹූ අවසන් කඩුල්ලේ වික්‍රමය!

තරගයක් ජයග්‍රහණය කිරීමට උරදීම සඳහා ඕනෑම ක්‍රීඩකයෙකුට හැකිය…..

නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 187ක් පසුපසින් සිටිමින් ශ්‍රී ලංකා දෙවන ඉනිම ආරම්භ කළ ලහිරු තිරිමාන්න හා කුසල් පෙරේරා පළමු පන්දු 14 අවසන් වන විට ක්‍රීඩාගාරයේ රැඳී සිටියේය.

පෙරේරා මේ තරගය පුරාවට පන්දු 7කට මුහුණ දුන් නමුත් එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට අපොහොසත් වූයේ පළමු වතාවට ඉනිම් දෙකේ දී ම ලකුණු නොලබාම දැවී යමිනි. 11 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී ලකුණු 7ක් ලබා සිටි අත්දැකීම් බහුල පිතිකරුවෙක් වන ඇන්ජලෝ මැතිව්ස් දැවී යාමත් සමඟම ශ්‍රී ලංකා ලකුණු සටහන 11/3ක් ලෙස සටහන් විය. ධනංජය ද සිල්වා හා කුසල් මෙන්ඩිස්ට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නවසීලන්ත දඟපන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 33ක් ලබා සිටි අතර ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ නිරෝෂන් දික්වැල්ල හා දිමුත් කරුණාරත්නයි.  

ඔවුන් දෙදෙනා එක්ව දිනය පුරාවට පිතිකරණයේ නිරත වීමට සැලසුම් කොට තිබුනත්, 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු ඔවුන්ගේ සබඳතාවය බිඳ දැමීමට සවුති සමත් වූයේ ලකුණු 21ක් ලබාගෙන සිටි කරුණාරත්නව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. 

Photos: Sri Lanka vs New Zealand | 2nd Test – Day 5

ඊට පෙර කරුණාරත්න ලකුණු 8ක් ලබාගෙන සිටිය දී උඩපන්දුවක් රැකගැනීම වෙනුවෙන් පිටියේ විනිසුරුවරයා ලබා දුන් තීරණය අභියෝගයකට ලක්කරමින් තෙවැනි විනිසුරු වෙත ගිය අතර එහි දී එය දැවී නොයෑමක් ලෙස සටහන් විය.

අනතුරුව පිටියට පැමිණි දිල්රුවන් පෙරේරා ද අනෙක් අන්තයෙන් ස්ථාවර වීමට වෙරදැරූ දික්වැල්ලට යම් සහායක් ලබා දීමට නොහැකි විය. දිල්රුවන්ගේ පිට ඉන්නට තරමක් පිටතින් ඇදී ආ පන්දුවක් ඔහුගේ පිත්තේ පිටත අග්‍රයේ වැදී පළමු ස්ලිප් කලාපයේ සිටි රොස් ටේලර්ගේ දෑත් මත සිර වූ නිසාවෙන් ශ්‍රී ලංකාවට දෙවන ඉනිමේ  7 වැනි කඩුල්ල ද අහිමි විය. 

පසුපෙළ පිතිකරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනංවමින් තරගය බේරාගැනීමට වෑයම් කළ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 13 වැනි ටෙස්ට් අර්ධ ශතකය ද සමඟ ලකුණු 51ක් වාර්තා කළේ පන්දු 161ක් ක්‍රීඩා කරමිනි. එය ඔහු ටෙස්ට් ක්‍රිකට් තරගයක එක් ඉනිමක දී මෙතෙක් ක්‍රීඩා කළ වැඩිම පන්දු ප්‍රමාණය සහිත ඉනිම විය. 

සුරංග ලක්මාල් ඒ සඳහා ඔහුට ඉතාමත් හොඳ සහායක් ලබා දුන් අතර ඔවුන් දෙදෙනා 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 40ක සබඳතාවයක් වාර්තා කළේය. සමර්විල්ගේ පන්දුවක් හමුවේ ලකුණු 14ක් ලබා සිටි ලක්මාල් දැවී ගියේය.

ග්‍රෑන්ඩ්හෝම් ඇතුළු නවසීලන්ත පිතිකරුවෝ ශ්‍රී ලංකාව අසරණ කරති

විටින් විට ඇදහැලෙන වර්ෂාවට ද කාලය වැය කරමින් පැවැත්වෙන ශ්‍රී ලංකා….

 කෙසේ නමුත් ලසිත් ඇඹුල්දෙණියගේ අන්තය ද රැකගනිමින් ක්‍රීඩා කිරීමට වෙර දැරූ දික්වැල්ල අජාස් පටෙල්ගේ පන්දුවක් හමුවේ ස්වීප් පහරක් එල්ල කරමින්  බැක්වර්ඩ් ශෝර්ට් ලෙග් කලාපයේ සිටි ලේතම් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේ සටන්කාමී ඉනිමක් නිමාවට පත්කරමිනි. 

ඉන් මොහොතකට පසුව ඇඹුල්දෙණිය ද දවා ගත් නවසීලන්ත පන්දු යවන්නෝ ශ්‍රී ලංකා දෙවන ඉනිමට ලකුණු 122 දී තිත තබන ලදි. 

ඒ නිසාවෙන්  2009 වසරට පසුව නවසීලන්තයට එරෙහිව ලබා ගැනීමට හැකිව තිබූ ටෙස්ට් තරගාවලි ජයක් අහිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය. කෙසේ නමුත් 2013 වසරට පසුව දෙරට අතර පැවැත්වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වූ පළමු වතාව මෙයයි.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට්, විලියම් සමර්විල්, අජාස් පටෙල්, ටිම් සවුති කඩුලු 2ක බැගින් දවා ගන්න විට  කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් එක් කඩුල්ලක් දවා ගත්තේය. 

Result


Sri Lanka
244/10 (90.2) & 122/10 (70.2)

New Zealand
431/6 (115)

Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne c BJ Watling b Tim Southee 65 165 6 0 39.39
Lahiru Thirimanne c Kane Williamson b William Somerville 2 35 0 0 5.71
Kusal Mendis c BJ Watling b Colin de Grandhomme 32 70 4 0 45.71
Angelo Mathews c BJ Watling b Trent Boult 2 29 0 0 6.90
Kusal Perera lbw b Trent Boult 0 4 0 0 0.00
Dhananjaya de Silva b Trent Boult 109 148 16 2 73.65
Niroshan Dickwella c BJ Watling b Tim Southee 0 3 0 0 0.00
Dilruwan Perera lbw b Ajaz Patel 13 54 1 0 24.07
Suranga Lakmal c BJ Watling b Tim Southee 10 24 1 0 41.67
Lasith Embuldeniya lbw b Tim Southee 0 2 0 0 0.00
Lahiru Kumara not out 5 11 0 0 45.45


Extras 6 (b 1 , lb 2 , nb 3, w 0, pen 0)
Total 244/10 (90.2 Overs, RR: 2.7)
Fall of Wickets 1-29 (14.4) Lahiru Thirimanne, 2-79 (32.3) Kusal Mendis, 3-93 (41.1) Angelo Mathews, 4-93 (41.5) Kusal Perera, 5-130 (57.3) Dimuth Karunaratne, 6-130 (57.6) Niroshan Dickwella, 7-171 (74.5) Dilruwan Perera, 8-214 (83.5) Suranga Lakmal, 9-224 (85.1) Lasith Embuldeniya, 10-244 (90.2) Dhananjaya de Silva,

Bowling O M R W Econ
Trent Boult 22.2 6 75 3 3.38
Tim Southee 29 7 63 4 2.17
Colin de Grandhomme 17 3 35 1 2.06
William Somerville 6 3 20 1 3.33
Ajaz Patel 16 4 48 1 3.00
Batsmen R B 4s 6s SR
Jeet Raval c Dhananjaya de Silva b Dilruwan Perera 0 9 0 0 0.00
Tom Latham lbw b Dilruwan Perera 154 251 15 0 61.35
Kane Williamson c Kusal Mendis b Lahiru Kumara 20 28 2 0 71.43
Ross Taylor c Dhananjaya de Silva b Lasith Embuldeniya 23 43 3 0 53.49
Henry Nicholls c Dhananjaya de Silva b Dilruwan Perera 15 46 0 0 32.61
BJ Watling not out 105 226 4 0 46.46
Colin de Grandhomme c Lahiru Kumara b Lasith Embuldeniya 83 77 5 5 107.79
Tim Southee not out 24 10 2 2 240.00


Extras 7 (b 0 , lb 4 , nb 0, w 3, pen 0)
Total 431/6 (115 Overs, RR: 3.75)
Fall of Wickets 1-1 (3.1) Jeet Raval, 2-34 (12.5) Kane Williamson, 3-84 (26.2) Ross Taylor, 4-126 (42.3) Henry Nicholls, 5-269 (85.3) Tom Latham, 6-382 (110.2) Colin de Grandhomme,

Bowling O M R W Econ
Dilruwan Perera 37 4 114 3 3.08
Dhananjaya de Silva 5 1 10 0 2.00
Suranga Lakmal 11 2 32 0 2.91
Lahiru Kumara 25 0 115 1 4.60
Lasith Embuldeniya 37 4 156 2 4.22


Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne run out (Ajaz Patel) 0 5 0 0 0.00
Kusal Perera c BJ Watling b Trent Boult 0 3 0 0 0.00
Kusal Mendis b William Somerville 20 63 3 0 31.75
Angelo Mathews c Ross Taylor b Colin de Grandhomme 7 30 0 0 23.33
Dhananjaya de Silva c Tim Southee b Ajaz Patel 1 19 0 0 5.26
Niroshan Dickwella c Tom Latham b Ajaz Patel 51 161 4 0 31.68
Dimuth Karunaratne lbw b Tim Southee 21 70 2 0 30.00
Dilruwan Perera c Ross Taylor b Tim Southee 0 12 0 0 0.00
Suranga Lakmal c Tom Latham b William Somerville 14 45 2 1 31.11
Lasith Embuldeniya c Kane Williamson b Trent Boult 5 11 0 0 45.45
Lahiru Kumara not out 0 3 0 0 0.00


Extras 3 (b 0 , lb 2 , nb 0, w 1, pen 0)
Total 122/10 (70.2 Overs, RR: 1.73)
Fall of Wickets 1-0 (0.5) Lahiru Thirimanne, 2-4 (2.2) Kusal Perera, 3-11 (11.3) Angelo Mathews, 4-22 (18.3) Dhananjaya de Silva, 5-32 (21.5) Kusal Mendis, 6-73 (43.5) Dimuth Karunaratne, 7-75 (47.4) Dilruwan Perera, 8-115 (65.3) Suranga Lakmal, 9-118 (69.3) Niroshan Dickwella, 10-122 (70.2) Lasith Embuldeniya,

Bowling O M R W Econ
Trent Boult 14.2 8 17 2 1.20
Tim Southee 12 6 15 2 1.25
Ajaz Patel 19 3 31 2 1.63
Colin de Grandhomme 4 1 8 1 2.00
William Somerville 21 6 49 2 2.33



  • තරගයේ වීරයාටොම් ලේතම් 
  • තරගාවලියේ වීරයා – බී. ජේ. වොට්ලින්ග්

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලබන මස පළමු වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වෙන පුහුණු ක්‍රිකට් තරගය මේ මස 29 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රිකට් සමාජ පිටියේ දී පැවැත්වේ. 

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<