බටහිර ආසියානු යොවුන් චෙස් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 4ක්

156

Online තාක්ෂණය ඔස්සේ පැවති බටහිර ආසියානු යොවුන් චෙස් ශූරතාවයේ දී රන් පදක්කම් දෙකක්, එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබෙනවා.

තරගාවලියේ වයස අවුරුදු 18න් පහළ පිරිමි කාණ්ඩය යටතේ තරග වැදුණු හර්ෂණ තිලකරත්න සහ වයස අවුරුදු 10න් පහළ කාන්තා කාණ්ඩයේ තරග වැදුණු ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන රන් පදක්කම් දිනා ගන්නට සමත්ව තිබෙනවා.

එමෙන්ම 18න් පහළ පිරිමි කාණ්ඩයේ රිදී පදක්කම දිනා ගැනීමට සුසල් ද සිල්වා සමත් වූ අතර අවුරුදු 12න් පහළ කාන්තා ලෝකඩ පදක්කම හිමි වුනේ එසන්දි නිවෙන්සා හටයි.

මෙම තරගාවලියේ රන් පදක්කමක් දිනා ගත් ඔෂිනි දේවින්ද්‍යා පසුගිය දා පැවති ලෝක Online චෙස් ශූරතාවයේ දී 10න් පහළ කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වීම ද කැපී පෙනුණා.

බටහිර ආසියානු යොවුන් චෙස් ශූරතාවයේ දී දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට ඉහළ ගෞරවය ගෙන ඒමට සමත් වූ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ThePapare.com අපේ සුබ පැතුම්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<