2020 මලල ක්‍රීඩාවට කොහොම ද? 

89

2020 වසර සඳහා වන මලල ක්‍රීඩා කාලසටහන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් පසුගියදා නිකුත් කෙරුනි. මෙවර මලල ක්‍රීඩා තරගාවලි ආරම්භ වන්නේ ජනවාරි මස 10 වනදා ආරම්භ වන ශ්‍රී ලංකා නාවික හමුදා මලල ක්‍රීඩා තරගාවලියෙනි. එය ත්‍රිකුණාමලයේ දී ජනවාරි මස 10 වනදා සහ 11 වනදා යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.

බීච් වොලිබෝල්, මලල ක්‍රීඩා පිටියෙන් 2019 වර්ණවත් වෙයි

2019 වසර නිමා වූයේ ජය පරාජය, සිනහව කඳුල හා නව බලාපොරොත්තු….

ඉන් අනතුරුව මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරගාවලිය ජනවාරි මස 18 සහ 19 යන දින වලදී දිගන ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ. ජනවාරි මස නිමා කරමින් 2019 වසරේ තෝරාගත් කනිෂ්ඨ ක්‍රීඩක පුහුණු තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. ඒ ජනවාරි මස 25 සහ 26 දින වලදීය. 

9 වන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය චීනයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සත් දෙනෙකු සහභාගී වීමට නියමිතය. මෙම තරගාවලිය පෙබරවාරි මස 12 වනදා සහ 13 වනදා යන දෙදින තුළ දී පැවැත්වීමට නියමිතය. 

පෙබරවාරි මස 14 වනදා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකා තරගාවලිය පැවැත්වෙන අතර ඉන් අනතුරුව පෙබරවාරි මස 15 වනදා සහ 16 වනදා ලෝක කිලෝමීටර් 20 ඇවිදීමේ තරගාවලිය පැවැත්වේ. පෙබරවාරි මස අවසන් කරමින් කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම තම දෙවන පුහුණු තරගාවලිය සඳහා පෙබරවාරි මස 29 වනදා සහ මාර්තු මස 01 වනදා සහභාගී වීමට නියමිතය. 

මෙම වසරේ මාර්තු මාසය තරමක් කාර්‍යබහුල මාසයක් වනු ඇත. මාර්තු මස 13 වනදා සිට 15 වනදා දක්වා IAAF ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතය. මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම තම තුන්වන පුහුණු තරගාවලිය සඳහා සහභාගී වේ. එදිනම 15 වන ආසියානු රට හරහා තරගාවලිය හොංකොං හිදී පැවැත්වීමට නියමිතය. IAAF අර්ධ මැරතන් තරගාවලිය ද මාර්තු මාසයේ දී පැවැත්වේ. 

2020 වසරේ අප්‍රේල් මාසයේ දී ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සහ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා වන සුදුස්සන් තේරීමේ තරගාවලි පැවැත්වීමට නියමිතය. 

මැයි මාසය ආරම්භ කරමින් මැයි මස 02 වනදා සහ 03 වනදා IAAF ලෝක ඇවිදීමේ තරගාවලිය රුසියාවේ මින්ස්ක් හිදී පැවැත්වේ. ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම මැයි මස 14 වනදා සිට 17 වනදා දක්වා 19 වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය. එම තරගාවලිය තායිලන්තයේ බැංකොක් හිදී පැවැත්වේ. 

ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 7ක්

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ දී නිමා වූයේ ශ්‍රී ලංකාව දකුණු….

ඔලිම්පික් උළෙල සඳහා වන අවසන් සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලෙස 98 වන ජාතික ශූරතා තරගාවලිය ජුනි මස 02 වනදා සිට 04 වනදා දක්වා දියගම සහ සුගතදාස ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට නියමිතය. ආසියානු සහය දිවීමේ තරගාවලිය ද ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතය. ජුනි මස 11 වනදා සිට 14 වනදා දක්වා ජාතික කනිෂ්ඨ තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. ජුනි මස 13 සහ 14 යන දිනවල දී T. Kolpakova ජාත්‍යන්තර තරගාවලිය කසකස්ථානයේ දී පැවැත්වේ. G. Kosanov අනුස්මරණ තරගාවලිය ජුනි මස 27 සහ 28 යන දිනවල දී පැවැත්වේ. 

IAAF වයස අවුරුදු 20 න් පහළ තරගාවලිය ජූලි මස 07 වනදා සිට 12 වනදා දක්වා කෙන්යාවේ නයිරෝබි හිදී පැවැත්වේ. ආසියානු අර්ධ මැරතන් තරගාවලිය ජූලි මස 19 වනදා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිතය. 

ලෝක ක්‍රීඩා වසන්තය හෙවත් 32 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි මස 31 වනදා ජපානයේ ටෝකියෝ හිදී ආරම්භ වන අතර එය අගෝස්තු මස 09 වනදා දක්වා පැවැත්වේ. 

උණ ගැනුණ මලල ක්‍රීඩා පිටිය සුවපත් කළ පදක්කම් වෙද්දු

දකුණු ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙසින් නම් ලද දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ….

සැප්තැම්බර් මාසයේ දී 32 වන ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතය. එහිදී මැරතන් තරගාවලිය සැප්තැම්බර් මස 04 වනදා සිට 06 වනදා දක්වා පැවැත්වෙන අතර සෙසු තරග සැප්තැම්බර් 17 වනදා සිට 20 වනදා දක්වා හෝ 24 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එම තරගාවලිය පැවැත්වෙන ස්ථානය තවමත් තීරණය කර නොමැත. 

2020 වසරේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තරග ඉසව් සියල්ල පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැදී සිටින්න, ThePapare.com සමඟම. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<