Home Sinhala ඉන්දීය අණසක හමුවේ ලහිරු කුමාර ශ්‍රී ලංකා ජාමය බේරයි

ඉන්දීය අණසක හමුවේ ලහිරු කුමාර ශ්‍රී ලංකා ජාමය බේරයි

7981

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේ අද (13) පැවැත්වූ සිව්වැනි නිල නොවන එක්දින තරගය වර්ෂාවට හේතුවෙන් තීරණයක් රහිතව අතහැර දැමීමට සිදු විය.

චාමිකගේ පන්දුකරණයෙන් ශ්‍රී ලංකා ජයග්‍රහණ ඉඩෝරයට තිත

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේ අද (10) පැවැත්වූ තෙවන නිල නොවන එක්දින තරගයෙන්…

දිවා තරගයක් ලෙස හුබ්ලි හිදී පැවැත්වූ මෙම තරගය සඳහා උදෑසන වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එම හේතුවෙන් තරගය පන්දුවාර 24කට සීමා වූ අතර තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක අෂාන් ප්‍රියන්ජන් තීරණය කළේය.

එහි දී ඉන්දීය A කණ්ඩායම තම නියමිත පන්දුවාර 24 තුල කඩුලු 4ක් දැවී ලකුණු 208ක් ලබා ගත්තේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පිතිකරණයේ යෙදීමට හැකි වූයේ ඉතා සුළු කාලයක් වන අතර දෙවන වර වර්ෂාව පතිත වී තරගය අතහැර දමන විට ශ්‍රී ලංකාව පන්දුවාර 1.5ක දී එක් කඩුල්ලක් දැවී ලකුණු 10ක් ලබා සිටියේ ය.

ඉන්දීය ඉනිමේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බවට පත් වූයේ නායක රුටුරාජ් ගයික්වාඩ් සහ ෂුබ්මන් ගිල් දෙදෙනා ය.

ඔවුන් දෙදෙනා අතර ලකුණු 56ක සබඳතාවයක් පැවැත්වූ අතර අවසානයේ ඉන් ලකුණු 19ක් ලබා සිටි ගිල් දැවී ගියේ සඳකැන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.

අනතුරුව ගයික්වාඩ් හා එක්වුණු අන්මෝල්පරිට් සිං එක්ව ලකුණු 125ක සබඳතාවයක් පිහිටවීමට සමත් වූයේ ඉන්දීය කණ්ඩායමේ සාර්ථකම සබඳතාවය ගොඩනගමිනි. එහි දී ඉනිමේ දෙවන කඩුල්ල වශයෙන් ගයික්වාඩ් පන්දු 59කින් වේගවත් ලකුණු 84ක් ලබා දැවී ගියේ ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ සඳකැන් අතට උඩපන්දුවක් ලබා දෙමිනි.

කෙසේ වෙතත් අනෙක් අන්තයේ රැඳී සිටි අන්මෝල්පරිට් සිං තම ඉනිම නොනවත්වා අවසානය තෙක්ම ක්‍රියාත්මක කළේ ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස පන්දු 46ක දී ප්‍රවේගකාරී ලකුණු 85ක් නොදැවී ලබා ගනිමිනි.

පාන්ඩ්‍යාගේ වටිනාකම කොච්චරක් ද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දීය කණ්ඩායමට ජය ගැනීම වෙනුවෙන් හාර්ඩික් පාන්ඩ්‍යා ඉතාමත් වැදගත් හා ප්‍රබල තුරුම්පුවක්…

එහෙත් ගයික්වාඩ්ගෙන් පසුව අන්මෝල්පරිට් සිංට සහය දැක්වීමට අනෙක් අන්තයෙන් පිතිකරණයට පැමිණි කිසිදු ඉන්දීය මැදපෙළ පිතිකරුවෙකුට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ සලසා නොදුනි.

එහි දී ඉන්දීය නායක ඉෂාන් කිශාන් ලකුණු නොලබා ද, දීපක් හූඩා ලකුණු 11කටත් දැවී ගිය අතර ඉනිම අවසන් වන විට අන්මෝල්පරිට් සමඟ නොදැවී පිටියේ රැඳී සිටි ප්‍රශාන්ත් චොප්රා එක් පන්දුවකින් ලකුණු 6ක් ලබා සිටියේ ය.

අවසානයේ ඉන්දීය A කණ්ඩායම තම නියමිත පන්දුවාර 24 තුල කඩුලු 4ක් දැවී ලකුණු 208ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳම පන්දු යැවීම සටහන් කළ ලහිරු කුමාර 34/2ක් ලෙස තම පන්දු යැවීම සටහන් කළේය.

“ඉන්දීය සටනට කලින් පන්දු රැකීම හදාගන්න ඕන” – සෆ්රාස් අහමඩ්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන තරගයට පෙර තම කණ්ඩායමේ පන්දු රැකීම සංවර්ධනය…

එහෙත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකාවට පිතිකරණයේ යෙදීමට හැකි වූයේ පන්දුවාර 1.5ක් පමණක් වන අතර නැවතත් තරගයට වර්ෂාවට පතිත වන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 10ක් ලබා සිටියේ ය.

මෙම තරගය වර්ෂාවට සේදී යාමත් සමඟම තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ සියලු අවකාශ ඇහිරී ගිය අතර තරගාවලිය අවසන් වීමට තවත් එක් තරගයක් පමණක් ඉතිරිව තිබිය දී 2-1ක් ලෙස තවමත් එහි පෙරමුණේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි.

ඒ අනුව එළඹෙන අවසන් එක්දින තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත් තරගාවලිය සම කිරීමට පමණක් ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වේ. තරගාවලියේ පස්වැනි සහ අවසන් නිල නොවන එක්දින තරගය එළඹෙන 15 වැනිදා හුබ්ලි හීදීම පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka A Team
10/1 (1)

India A Team
208/4 (22)

Batsmen R B 4s 6s SR
Shubman Gill b Lakshan Sandakan 19 21 1 2 90.48
Ruturaj Gaikwad b Lahiru Kumara 84 59 3 4 142.37
Anmolpreet Singh not out 85 46 10 2 184.78
Ishan Kishan b Lahiru Kumara 0 1 0 0 0.00
Deepak Hooda c Bhanuka Rajapaksa b Chamika Karunaratne 11 5 0 1 220.00
Prashant Chopra not out 6 1 0 1 600.00


Extras 3 (b 0 , lb 0 , nb 1, w 2, pen 0)
Total 208/4 (22 Overs, RR: 9.45)
Fall of Wickets 1-56 (7.3) Shubman Gill, 2-181 (20.1) Ruturaj Gaikwad, 3-190 (20.5) Ishan Kishan, 4-201 (21.4) Deepak Hooda,

Bowling O M R W Econ
Ishan Jayaratne 5 0 49 0 9.80
Lahiru Kumara 4 0 34 2 8.50
Chamika Karunaratne 5 0 57 1 11.40
Lakshan Sandakan 4 0 36 1 9.00
Akila Dananjaya 4 0 32 0 8.00


Batsmen R B 4s 6s SR
Niroshan Dickwella lbw b Washington Sundar 8 5 1 0 160.00
Sadeera Samarawickrama not out 2 2 0 0 100.00
Bhanuka Rajapaksa not out 0 4 0 0 0.00


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 10/1 (1 Overs, RR: 10)
Fall of Wickets 1-9 (0.6) Niroshan Dickwella,

Bowling O M R W Econ
Washington Sundar 1 0 9 1 9.00
Sandeep Warrier 0.5 0 1 0 2.00