“ඉන්දීය සටනට කලින් පන්දු රැකීම හදාගන්න ඕන” – සෆ්රාස් අහමඩ්

188

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන තරගයට පෙර තම කණ්ඩායමේ පන්දු රැකීම සංවර්ධනය කර ගත යුතු බව පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් පවසා සිටියි.

වෝනර් හා කමින්ග්ස් කැන්ගරුවන්ට ජය ගෙනෙයි!

2019 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව ………

ඊයේ (12) පාකිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර එංගලන්තයේ ටෝන්ටන් හිදී පැවැත්වුණු තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 41කින් ජය ගත් අතර එහි දී පාකිස්තානු කණ්ඩායමේ පන්දු රැකීම ඉතාමත් දුර්වල මට්ටමක පැවතුනි.

“අපි අපේ පන්දු රැකීම ඉතාමත් ඉක්මනින් හදාගන්න ඕන. මොකද අපට තියෙන මීළඟ තරග ටික ජය ගන්න ඒක ගොඩක් වැදගත්, විශේෂයෙන් ඉන්දු – පාකිස්තාන තරගය ඒ අතර ඉදිරියෙන් තිබෙනවා. මම නැවත වතාවක් කියන්නේ අපේ පන්දු රැකීම සංවර්ධනය කරගත්තේ නැත්නම් මේ තරගාවලියේ ඉදිරියට යන්න වෙන්නේ නැහැ.” සෆ්රාස් අහමඩ් තරගයට පසුව පැවසීය.

එය එසේ වුවත් ගෙවී ගිය වසර 27 කාලය තුල පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුල එකඳු වතාවක් හෝ පාකිස්තාන කණ්ඩායම විසින් ඉන්දිය කණ්ඩායම පරාජය කර නොමැත.

ඊයේ (12) පැවති පාකිස්තාන – ඕස්ට්‍රේලියා තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තානු නායක සර්ෆරාස් අහමඩ් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා දුන් අතර ඔවුන් පන්දුවාර 49ක දී සියලු දෙනා දැවී ලකුණු 307ක් වාර්තා කරන ලදි.

“වර්ෂාව නිසා ලෝක කුසලානයට මොකද වෙන්නේ?” ICC පහදයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ …..

මෙහි දී නායක ඒරන් ෆින්ච් හා ඩේවිඩ් වෝනර් පළමු කඩුල්ලට ලකුණු 146ක් එක් කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ අඩිතාලම සකස් කරමිනි. ඊට පාකිස්තානු පන්දු රකින්නන්ගෙන් ද විශාල සහයක් හිමි වූයේ ඔවුන් වෙත ලැබුණු උඩ පන්දු කිහිපයක්ම ගිලිහී යාම හේතුවෙනි.

එහි දී ඒරන් ෆින්ච් ලකුණු 26 දී දවා ගැනීමට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට අවස්ථාවක් තිබූ නමුත් පළමු ස්ලිප් කලාපයේ සිටි අසීෆ් අලී අතින් ලැබුණු උඩපන්දුව ගිලිහී යන ලදි. එයින් කඩුල්ලේ රැඳී සිටීමට තවත් වේලාවක් ලබා ගත් නායක ෆින්ච් සිය ඉනිම ලකුණු 82ක් දක්වා රැගෙන ගියේ පාකිස්තානු කණ්ඩායම දැඩි පීඩනයකට හසු  කරමිනි. තවද ඩේවිඩ් වෝනර් ලබා දුන් උඩපන්දුවක් නැවත වතාවක් තර්ඩ් මෑන් කලාපයේ සිටි අසීෆ් අලී අතින් ගිලිහී ගියේය.

“අපි තරගයේ ප්‍රබල සාධකයක් වුනු කාසියේ වාසිය දිනා ගත්තා, නමුත් අවාසනාවන්ත ලෙස තරගය තුල දී වුනු පන්දු රැකීමේ දුර්වලතා නිසා මේ තරගයේ අපට තිබුණ වාසිය අපෙන් ගිලිහුණා. ඒ වගේම අපේ මැදපෙළ බිඳ වැටීමත් මේ තරගය පරාජයට පත් වෙන්න ලොකු හේතුවක් වුනා.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ සෆ්රාස් පැවසීය.

“අපි දැන් මේ තරගාවලිය තුල ඉස්සරහට එන්න ඕන, ඉන්දීය කණ්ඩායම කියන්නේ ලෝකේ ඉන්න හොඳ ක්‍රිකට් කණ්ඩායමක්. අපේ උපරිම දස්කම් පෙන්නුම් කරලා වැරදි අවම කරලා තරගය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ” යැයි අවසන් ලෙස සෆ්රාස් පවසා සිටියේය.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන තරගය ජුනි මස 16 වැනිදා මැන්චෙස්ටර් හිදී පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<