චාමිකගේ පන්දුකරණයෙන් ශ්‍රී ලංකා ජයග්‍රහණ ඉඩෝරයට තිත

32249

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේ අද (10) පැවැත්වූ තෙවන නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් ලබමින් කලකට පසු ජයග්‍රාහී රිද්මයට පිවිසීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

ඉන්දීය අණසක හමුවේ හුදෙකලා වූ ශෙහාන්ගෙන් තවත් ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේ අද (08) පැවැත්වූ දෙවන නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දීය…

දිවා තරගයක් ලෙස බෙලගාම් හිදී පැවැත්වූ මෙම තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට ඉන්දීය නායක ඉෂාන් කිශාන් තීරණය කළ අතර එහි දී ඉන්දීය A කණ්ඩායම තම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 8ක් දැවී ලකුණු 291ක් ලබා ගත්තේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 46කින් ලබාගැනීමට අවශ්‍යව තිබූ ලකුණු 266ක ඉලක්කය පන්දු වාර 43.5ක දී සපුරා ගැනීමට සමත් විය.

ඒ අනුව ඉන්දීය ඉනිමේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බවට පත් වූයේ නායක ඉෂාන් කිශාන් සහ ප්‍රශාන්ත් චොප්‍රා ය. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල සඳහා සාර්ථක ලකුණු 72ක සබඳතාවයක් පැවැත්වූ අතර ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක ඉෂාන් කිශාන් දැවී ගියේ පන්දු 32ක දී ලකුණු 25ක් ලබා තිබිය දී ය.

අනතුරුව නො.3 පිතිකරු ලෙස රිකී බුයි පිටියට පිවිසි අතර වැඩි වේලාවක් යාමට මත්තෙන් ඔහු ද දැවී ගියේ ඉන්දීය ලකුණු පුවරුව 94/2ක් බවට පත් කරමිනි. එහි දී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 2ක් පමණි.

කෙසේ වෙතත් අනෙක් අන්තයේ රැඳී සිටි ආරම්භක පිතිකරු ප්‍රශාන්ත් චොප්‍රා ඉන්දීය ඉනිමේ නියමුවා බවට පත්වූයේ අතිවිශිෂ්ට ලෙස පන්දු 129ක දී ලකුණු 125ක් ලබා ගනිමිනි. පන්දු තෝරා බේරා ගනිමින් තරමක් තැන්පත් ලෙස තම ආරම්භය ලබාගත් ඔහු තම අවසානයේ ශතකයක් දක්වා ම එම ඉනිම දිගු කර ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට බැට දෙමිනි.

ඉන්දීය ප්‍රේක්ෂකයින් කළ වැඩේට කෝලිගේ අප්‍රසාදය

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම දෙනෙකුගේ අවධානය දිනා ගත් තවත් එක් තරගයක් ඊයේ (9) ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර ලන්ඩන් හිදී පැවැත්විය.

චොප්‍රාට අනගි සහයක් ලබා දුන් දීපක් හූඩා පන්දු 64ක දී ලකුණු 53ක් ලබා ගත්තේ ඔවුන් දෙදෙනා අතර සබඳතාවය ලකුණු 109ක් දක්වා රැගෙන යමිනි.

මුළු ලකුණු සංඛ්‍යාව 203ක් වන විට ඉනිමේ තෙවන කඩුල්ල ලෙස සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ප්‍රශාන්ත් චොප්‍රා තම ඉනිම අවසන් කළේ චාමික කරුණාරත්නගේ පන්දුවකට සංගීත් කුරේ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

ඒ සමඟින්ම හූඩාගේ ඉනිමත් අවසන් වූයේ නැවත වරක් ක්‍රියාත්මක වූ චාමිකගේ පන්දුවක් හමුවේ කමිඳු මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ මුළු ලකුණු සංඛ්‍යාව 246ක් වන විට ය.

ඉන්පසු පිටියේ එක් වූ ශිවාම් ඩුබේ සහ අන්මෝල්පරිට් සිං පිතිකරණ දෙදෙනාට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට නොහැකි වූ අතර ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 28ක් සහ 4ක් ලබා දැවී ගියේ ඉන්දීය ලකුණු පුවරුව 265/6ක් බවට පත් කරමිනි.

අනතුරුව පිටියට පිවිසි වොෂින්ටන් සුන්දර් පන්දු 18ක දී ප්‍රවේගකාරී ලකුණු 26ක් ලබා ගත්තේ වේගවත් අවසානයක් කරා ඉන්දීය ඉනිම රැගෙන යමිනි. ඒ සමඟින් ඉන්දීය ඉනිම අවසන් වූයේ 291/8ක් ලෙස විශාල ලකුණු පුවරුවක් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කරමිනි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චාමික කරුණාරත්න ඉනිම අවසානයේ 36/5ක් ලෙස තම පන්දු යැවීම සටහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නියමුවා බවට පත්වෙමිනි.

පිළිතුරු ඉනිම සඳහා ලකුණු 292ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ නිරෝෂන් දික්වැල්ල සහ සංගීත් කුරේ පිතිකරණ යුගලයයි.

පෙර තරගවලට හාත්පසින්ම වෙනස් ලෙස අතිසාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඔවුන් දෙදෙනා සමත් වූ අතර ඒ අතරින් කලකට පසු ලකුණු අතරට ආ දික්වැල්ල පන්දු 58ක දී වේගවත් ලකුණු 62ක් ලබා ගත්තේ ශ්‍රී ලංකාවට නව බලාපොරොත්තුවක් එක් කරමිනි. මුළු ලකුණු 82 දී ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ ශිවාම් ඩුබේගේ පන්දුවක් හමුවේ කඩුලු රකින කිශාන් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

අනතුරුව පිටියට පිවිසි සධීර සමරවික්‍රම ආ විගසින්ම ලකුණු 5කට දවා ගැනීමට ඩුබේ සමත් වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 92/2ක් බවට පත්කරමිනි.

අනතුරුව පිටියට පිවිසියේ මෙම තරගාවලියේ සාර්ථකම ශ්‍රී ලංකා පිතිකරුවා වන ෂෙහාන් ජයසූරියයි.

වාසනාවක් ලෙසින් වෙස් වලා පැමිණෙන අවාසනාව

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය දිනෙන් දිනම උණුසුම් වෙමින් පවතියි. දැවැන්තයන්ගේ ගැටුම්, ඒක පාර්ශවීය පාලනයෙන් යුතු තරග මෙන්ම ඉතිහාසය නැවත මතක් කළ….

ලකුණු අතර සිටින ෂෙහාන් සමඟ එක් වූ සංගීත් තැන්පත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 103ක දී ලකුණු 88ක් ලබා ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම බවට පත්වෙමිනි. ඔවුන් දෙදෙනා එක්ව තෙවන කඩුල්ල සඳහා ලකුණු 109ක සබඳතාවයක් පිහිට වූ අතර සංගීත් දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 203/4 ලෙස පරිවර්තනය විය. ඔහු දැවී ගියේ සන්දීප් වොරියර්ගේ පන්දුවක් හමුවේ ය.

නමුත් ඉන් අනතුරුව පිටියට පිවිසි නායක අෂාන් ප්‍රියන්ජන් ආ විගසම ලකුණු නොලබා දැවී ගියේ තම නායකත්වයේ වගකීම ද පැහැර හරිමිනි.

ඉන්පසු අංක 6 පිතිකරු ලෙස පිටියට එක් වූයේ ප්‍රහාරාත්මක පිතිකරු දසුන් ශානකයි.

ඒ අතරවාරයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් මද වේලාවකට තරගය නතර කළ අතර නැවත තරගය ආරම්භ වූයේ පන්දු වාර සංඛ්‍යාව 46කට අඩු කරමිනි. ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා පිලට හිමි වූ නව ඉලක්කය වූයේ පන්දුවාර 46ක් තුල ලකුණු 266කි.

ඒ සමඟින්ම දසුන් සමඟ එක් වූ ෂෙහාන් තම සුපුරුදු පිතිකරණය නැවත වරක් ක්‍රියාත්මක කරමින් පන්දු 68ක දී ලකුණු 66ක් ලබා ගත්තේ මෙම තරගාවලියේ මේ දක්වා ලබා ගැනීමට නොහැකි වූ සුවිශේෂී ජයග්‍රහණයකට මග පාදමිනි. තරගය අවසන් වන තුරුම ඔහු නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා ද බවට පත් වෙමිනි.

අනෙක් අන්තයේ සිටිමින් ෂෙහාන්ට අනගි සහයක් ලබා දුන් දසුන් පන්දු 22ක දී ප්‍රවේගකාරී ලකුණු 36ක් ලබා ගත්තේ කලකට පසු ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ දොරටු විවර කරමිනි. පන්දුවාර 43.5ක දී නියමිත ලකුණු 266ක ඉලක්කය කඩුලු 6ක් දැවී සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ තවත් පන්දු 13ක් ඉතිරිව තිබියදී ය.

පන්දු යැවීමේ දී ශිවාම් ඩුබේ ලකුණු 27කට කඩුලු 2ක් දවා ගනු ලැබීය.

මේ සමඟින් ශ්‍රී ලංකාව මුහුණ පා සිටි ජයග්‍රහණ ඉඩෝරයට තිත තැබීමට චාමික, සංගීත්, ෂෙහාන් සහ දසුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූයේ තරගාවලියට නව ජීවයක් ද එක් කරමිනි.

මෙම ජයග්‍රහණයත් සමඟින් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් බවට පරිවර්තනය වූ අතර තවමත් එහි පෙරමුණේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි. තරගාවලියේ සිව්වැනි නිල නොවන එක්දින තරගය එළඹෙන 13 වැනිදා හුබ්ලිහීදී පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<