යුපුන්ගෙන් ආසියානු වාර්තාවක්

Perseo Trophy 2022

362
Yupun Abeykoon

2022 වසරේ සහභාගී වූ පළමු තරගයෙන්ම පිරිමි මීටර් 150 ඉසව්වේ ආසියානු වාර්තාව තමන් සතු කර ගැනීමට ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් වුනා.

ඉතාලියේ පැවති Perseo Trophy 2022 තරගාවලියේ පිරිමි මීටර් 150 තරගය තත්පර 15.16ක කාලයකින් පළමුවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වූ යුපුන් එලෙස බිඳ හෙලුවේ ජපන් ජාතික Yoshihide Kiryu විසින් තත්පර 15.35ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් 2017 වසරේ පිහිටුවා තිබූ ආසියානු වාර්තාවයි.

Yupun Abeykoon breaks 150m Asia Recordමෙම තරගයේ දෙවැනි ස්ථානය තත්පර 15.17ක කාලයකින් තරගය අවසන් කළ ඉතාලි ක්‍රීඩක Chituru Ali විසිනුත්, තෙවැනි ස්ථානය තත්පර 15.76ක කාලයකින් ඉසව්ව අවසන් කළ Mattia Furlani විසිනුත් දිනා ගත්තා.

එමෙන්ම මෙම තරගයට යුපුන් අබේකෝන්ට අමතරව ශ්‍රී ලාංකික ක්‍රීඩක විනුර ලක්මාල් ද සහභාගීව තිබූ අතර තත්පර 16.83ක කාලයකින් තරගය අවසන් කිරීමට ඔහු සමත්ව තිබුණා.

ඉතාලියේ වාසය කරමින් පුහුණුවීම් කටයුතුවල නිරත වන යුපුන් මීටර් 100 ඉසව්වේ ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තා (තත්පර 10.15) බිඳ හෙළීමට පසුගිය වසරේ දී සමත් වුනා.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<