පාන්ඩ්‍යාගේ වටිනාකම කොච්චරක් ද?

422

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දීය කණ්ඩායමට ජය ගැනීම වෙනුවෙන් හාර්ඩික් පාන්ඩ්‍යා ඉතාමත් වැදගත් හා ප්‍රබල තුරුම්පුවක් වනු ඇති බව ඉන්දීය හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා නායකයෙකු වන ක්‍රිෂ්නාමචාරී ශ්‍රීකාන්ත් පවසා සිටියි.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් සංචිතය නිකුත් වේ

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ………..

වයස අවුරුදු 25ක් වන හාර්ඩික් පාන්ඩ්‍යා පසුගිය දා ඉන්දියාව හා වර්තමාන ලෝක ශූර ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන් නුවර ඕවල් පිටියේ පැවති තරගයේ දී අංක 4 පිතිකරුවා ලෙස පැමිණ, පන්දු 27ක දී වේගවත් ලකුණු 48ක් වාර්තා කරගෙන ඉන්දීය කණ්ඩායම ලකුණු 352ක් වැනි තරගකාරී ලකුණු ප්‍රමාණයක් වෙත රැගෙන යෑමට දායක විය.

“මම දකින විදිහට ඉන්දියාවට ඒ තරගය දින්න හාර්ඩික් පාණ්ඩ්‍යාගේ ඒ ඉනිම ගොඩක් වැදගත් වුනා. ඔහු පිටියට එනකොට ලකුණු 325-330 ලකුණු ප්‍රමාණයක් වගේ මට්ටමක තමයි ඉන්දියාව හිටියේ, නමුත් ඔහුගේ ඒ ප්‍රවේගකාරී ඉනිම නිසා ඉන්දියාව දැවැන්ත ලකුණකට ගියා.” යැයි ශ්‍රීකාන්ත් පැවසීය.

“ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ පිතිකරණ ලැයිස්තුවේ හාර්ඩික් පාණ්ඩ්‍යාව ඉදිරියට ගෙනාපු එක හොඳයි කියලා මට හිතෙනවා. ඒක නිසා ඔහුට ඔහුගේ පිතිකරණය පිළිබඳව ලොකු විශ්වාසයක් ඇතිවුනා.” වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රීකාන්ත් පවසන ලදි.

හාර්ඩික් පාන්ඩ්‍යා මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කොට තිබෙන ඉන්දීය සංචිතයේ සිටින ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන අතර ඔහු මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කොට තිබෙන එක්දින ජාත්‍යන්තර තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ 20 වැනි තැන දිනා සිටියි.

“මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයින් රැසක් තරග වදිනවා. අනික වෙනදා පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි වගේ නෙමේ මෙවර තරගාවලිය තුල හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින් එකට මුණගැසෙන අවස්ථාවන් ගණන ගොඩක් වැඩියි. ඉන්දීය – එංගලන්ත තරගයත් මේ තරගාවලියේ තියුණු තරගයට බවට පත්වේවි. ඒ තරගයේ දී හාර්ඩික් පාන්ඩ්‍යා කියන සාධකය දක්වන දස්කම් තරගයේ ප්‍රතිඵලය වෙනස් කරන්න ලොකු දෙයක් වෙයි කියලා හිතනවා.” ශ්‍රීකාන්ත් පැවසුවේය.

මොහොමඩ් ශේශාඩ්ගෙන් බරපතළ චෝදනාවක්

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින, …….

ශ්‍රීකාන්ත්, හාර්ඩික් පාන්ඩ්‍යා ගැන පමණක් නොව ජාස්ප්‍රීට් බුම්රා යන ගැන ද මාධ්‍යවේදීන් වෙත පවසා සිටියේ ඉතාමත් ධනාමත්මක ලෙසයි.

“ජාස්ප්‍රිට් බුම්රා ලෝක කුසලානයට එන්න කලින් ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයේ දී කඩුලු දවා ගත්තේ නැහැ. නමුත් ඒකේ ඇති ගැටලුවක් නැහැ. ඔහු මේ තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයේ දී කඩුලු 3ක් දවා ගත්තා. ඒක නිසා ඔහු මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසානයේ වැඩිම කඩුලු ලාභියා ලෙස තරගාවලිය අවසන් කරයි කියලා මම හිතෙනවා.”

ඉන්දියාව මේ වන විට 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 2කට සහභාගී වී තිබෙන අතර එම තරග දෙකම ජයග්‍රහණය කර තිබෙන්නේ පිළිවෙළින් දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමිනි.

“පිතිකරුවෝ ලකුණු අතරට පැමිණියා, පන්දු යවන්නෝ කඩුලු අතරට පැමිණියා ඒ වගේම දුවද්දී දැවී යාම් දෙකකුත් වුනා. ඒක නිසා අපි ඕස්ට්‍රේලියා තරගය දින්නා.” යැයි ඉන්දියාව ලබා ගත් ජයග්‍රහණයට ඉවහල් වූ සාධක ගැන ශ්‍රීකාන්ත් පැවසීය.

ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වන තෙවැනි තරගය නවසීලන්තය සමඟ අද (13) එංගලන්තයේ නොටිංහැම් හිදී පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com  සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<