96 ලෝක ශූරයින් කිහිප දෙනෙකුගෙන් විශේෂ තීරණයක්!

Road Safety World Series 2021

435
Sri Lanka 1996 World Cup stars

මාර්තු 2 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත Road Safety World Series විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම නියෝජනය කිරීමට සූදානමින් සිටි 1996 ලෝක ශූර කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් එම තරගාවලිය සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කලුවිතාරණ, මාවන් අතපත්තු, උපුල් චන්දන සහ චමින්ද වාස් යන 1996 ලෝක ශූර කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 5 දෙනා Road Safety World Series විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී නොවනු ඇත. එයට හේතුව වී ඇත්තේ 1996 ලෝක කුසලානය දිනා ගැනීමෙන් වසර 25ක් පිරීම නිමිත්තෙන් මෙරට තුල විශේෂ උත්සව කිහිපයක් සංවිධානය කර තිබීම නිසාවෙනි.

තවත් ක්‍රිකට් පුවත්:

ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුල සිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් එක්කාසු කර ගනිමින් “Road Safety World Series විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය” පසුගිය වසරේ දී ආරම්භ වුනා.

2020 මාර්තු 7 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ මේ ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදි ආරම්භ කිරීමට හැකියාව ලැබුනත්, මාර්තු 11 වැනිදායින් පසුව එම තරගාවලිය තාවකාලිකව නවතා දැමුණා. ඒ ඉන්දියාව ඇතුළු මුළු ලෝකය තුලම වේගයෙන් ව්‍යාප්ත වෙමින් ගිය නව කොරෝනා වයිරසය නිසාවෙන්.

තරගාවලිය තාවකාලිකව නවතා දමන විට  තරග දෙකක් (ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව) සඳහා සහභාගී වී සිටි ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කර සිටියා.

ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩා තරුවලට අමතරව ඉන්දියාවේ Sachin Tendulkar, Virender Sehwag කොදෙව් දේශයේ Brian Lara වැනි සුපිරි ක්‍රිකට් තරු රැසක් මේ තරගාවලිය සඳහා එක්වීමට නියමිතව සිටිනවා.

ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායමේ සංචිතය (තරගාවලිය සඳහා සහභාගී වූ මුල්ම සංචිතය මෙය වුවත් මේ වතාව තුල දී සංචිතයේ වෙනස් වීම් කිහිපයක් සිදුවීමට අවස්ථාවක් තිබෙනවා)

තිලකරත්න ඩිල්ශාන් (නායක), මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, මාවන් අතපත්තු, ෆර්විස් මහරූෆ්, රංගන හේරත්, චාමර කපුගෙදර, රොමේෂ් කළුවිතාරණ, සචිත්‍ර සේනානායක, තිලාන් තුෂාර, තිළිණ කන්ඩම්බි, උපුල් චන්දන, දුලන්ජන විජේසිංහ.

*එසේම මේ සංචිතයේ සිටින ඇතැම් ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවේ සිටින නිසාවෙන් ඔවුන්ට තරගාවලිය සඳහා සහභාගී වීම අවිනිශ්චිත තත්වයක තිබෙනවා. ඒ නව ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සංචිතය සඳහා එක්වනු ඇත. එසේ එක්වූ ක්‍රීඩකයින් වන්නේ (ධම්මික ප්‍රසාද්, රසල් ආනෝල්ඩ්, නුවන් කුලසේකර, චාමර සිල්වා)

News Wire වෙබ් අඩවිය ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<