කොන්ත්‍රාත්ගත ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශේෂ පණිවිඩයක්

93

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වාර්ෂික ගිවිසුම්ගතව සිටින සියලුම ක්‍රීඩකයින් ඉදිරියේ දී වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරීමට පියවර ගනු ලබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසා සිටියි. 

කොරෝනා වලින් පස්සේ ක්‍රිකට් පටන් ගන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත්ගතව සිටින වේගපන්දු යවන ක්‍රීඩකයෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වුණු අතර එම සිදුවීම පාදක කරගනිමින් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ශම්මි සිල්වා මහතා මෙසේ අදහස් පළ කර සිටි‍යා 

“ඇත්තටම මේ තත්ත්වය එම ක්‍රීඩකයාගේ පෞද්ගලික දෙයක්. ඒ වගේ දේවල් අපිට පාලනය කරන්න බැහැ. ඔවුන්ගේ පරිසරය අනුව තමයි ඔවුන් ඒ විදියට හැසිරෙන්නේ. ඒ වුනත් ඉදිරියට ඒ වගේ දේවල් නොවෙන්න අපි අද තීරණයක් ගන්නවා. ඒ ඉදිරියේ දී ක්‍රිකට් ආයතනය සමඟ බැඳී සිටින සියලුම ක්‍රීඩකයින්ව වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරීමට කටයුතු කරනවා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොරෝනා ආසාදිතයන් කල් තියා හඳුනා ගැනීමේ අති නවීන PCR යන්ත්‍රයක් හා ඊට අදාළ පරීක්ෂණ කට්ටල ඇතුළු රුපියල් මිලියන 15ක් වටිනා සෞඛ්‍ය උපකරණ රැසක් ඊයේ (26) ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබා දීම සඳහා සංවිධානය කර තිබුණු චාම් උත්සවයේ දී සිල්වා මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටි‍යා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<