සුපිරි පළාත් ක්‍රිකට් ගැටුමට සුපිරි තරු රැසක්

1031
SLC Provincial 50

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේ තරග කරනු ලබන කණ්ඩායම් හා කණ්ඩායම් නායකයින්ගේ නාම ලේඛනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (19) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරන ලදි.

දනුෂ්ක සහ සඳුන්ගේ පිතිහරඹයෙන් පහසුවෙන්ම ශූරතාවය SSCට

දනුෂ්ක ගුණතිලක සහ සඳුන් වීරක්කොඩි එක්ව ගොඩ නැගූ ද්විත්ව ශතක සබඳතා ඉනිම හේතුවෙන්..

අප්‍රේල් මස 4 වැනිදා සිට අප්‍රේල් මස 11 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තීරණාත්මක තරගාවලියේ දී දේශීය ක්‍රිකට් පිටියේ සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් දක්වන දස්කම් මත, එළඹෙන ජුනි හා ජූලි මාසවල එංගලන්තයේ දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය තෝරාගනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව විසින් මෙම සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ තරග වදිනු ලබන කණ්ඩායම් 4 නායකයින් ලෙස දිනේෂ් චන්දිමාල් (කොළඹ), ඇන්ජලෝ මැතිව්ස් (දඹුල්ල), ලසිත් මාලිංග (ගාල්ල), දිමුත් කරුණාරත්න (මහනුවර) තෝරාගෙන තිබේ.

මෙම තරගාවලියේ තරග කරනු ලබන කණ්ඩායම් 4 සෑම කණ්ඩායමක් සමඟින්ම තරග වදින අතර තරග සියල්ලටම (තරග 3) මුහුණ දුන් පසුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකේ සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට තේරී පත්වන විට, අනෙක් කණ්ඩායම් දෙක තරගාවලියේ 3 වැනි හා 4 වැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත. මේ තරග සියල්ලම දිවා තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේ තරග බොහෝමයක් දිවා තරග වන නිසාවෙනි.

උතුරෙන් ජාත්‍යන්තරයට ක්‍රීඩකයන් හදන්න නව ක්‍රීඩා සංකීර්ණයක්

රුපියල් මිලියන 322ක වියදමෙන් ප්‍රතිසංස්කරණය කෙරුණු කිලිනොච්චි ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා…

තරගාවලියේ දී  එක් එක් කණ්ඩායම්වල සංචිත සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ලබා දී තිබෙන අතර ඊට අමතරව ක්‍රීඩකයින් 7 දෙනෙකු අතිරේක ක්‍රීඩකයින් ලෙස සූදානම් කර තිබේ.

තරග වදිනු ලබන ක්‍රීඩක සංචිත,

කොළඹ – දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග (උපනායක), අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, අශාන් ප්‍රියන්ජන්, කමිඳු මෙන්ඩිස්, සීකුගේ ප්‍රසන්න, අකිල දනංජය, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, චාමර සිල්වා, මොහොමඩ් ශිරාස්, ශෙහාන් ජයසූරිය

අතිරේක ක්‍රීඩකයින් – විශ්ව චතුරංග, නිපුන් දනංජය, කලන පෙරේරා, තරිඳු රත්නායක, නිපුන් රන්සික, හෂාන් දුමිඳු, හසිත බෝයගොඩ.

කාර්ය මණ්ඩලය – අවිශ්ක ගුණවර්ධන (ප්‍රධාන පුහුණුකරු), චරිත් සේනානායක (කළමනාකරු)

මහනුවර – දිමුත් කරුණාරත්න (නායක), තිසර පෙරේරා (උපනායක), සදීර සමරවික්‍රම, පැතුම් නිස්සංක, ප්‍රියමාල් පෙරේරා, රොෂේන් සිල්වා, අසේල ගුණරත්න, ජෙෆ්රි වැන්ඩර්සේ, මලින්ද පුෂ්පකුමාර, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, චතුරංග ද සිල්වා, සචිත්‍ර සේනානායක, දිලේෂ් ගුණරත්න, මනෝජ් සරත්චන්ද්‍ර.

අතිරේක ක්‍රීඩකයින් – තරිඳු කෞෂාල්, චමිඳු විජේසිංහ, දිල්රුවන් පෙරේරා, කවිෂ්ක අංජුල, ජෙහාන් ඩැනියල්, රොහාන් සංජය, සංගීත් කුරේ.

කාර්ය මණ්ඩලය – පියල් විජේතුංග (ප්‍රධාන පුහුණුකරු), බාලන් ආශිර්වාධන් (කළමනාකරු)

ගාල්ල – ලසිත් මාලිංග (නායක), ලහිරු තිරිමාන්න (උපනායක), කුසල් මෙන්ඩිස්, සඳුන් වීරක්කොඩි, මහේල උඩවත්ත, මිනෝද් භානුක, ධනංජය ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, නිශාන් පීරිස්, චාමිකර එදිරිසිංහ, දුෂ්මන්ත චමීර, ලහිරු මදුසංක, සම්මු අශාන්, ශෙහාන් මදුසංක, වනිඳු හසරංග.

අතිරේක ක්‍රීඩකයින් – නිපුන් කරුණානායක , කමිල් මිශාර, නිසල තාරක, මහීෂ තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, ධම්මික ප්‍රසාද්, තික්ශීල ද සිල්වා

කාර්ය මණ්ඩලය – තිලාන් සමරවීර (ප්‍රධාන පුහුණුකරු), ශම්මි ගුණසේකර (කළමනාකරු)

ඇෆ්ගනිස්ථානය කුළුඳුල් ටෙස්ට් ජය වාර්තා කරයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවති එකම ටෙස්ට් තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ..

දඹුල්ල – ඇන්ජලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), දනුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ජීවන් මෙන්ඩිස්, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන් ,ප්‍රභාත් ජයසූරිය, ඉසුරු උදාන, ඉශාන් ජයරත්න, සචිත්‍ර සේරසිංහ, විශ්ව ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස්,

අතිරේක ක්‍රීඩකයින් – දුශාන් විමුක්ති, සොනාල් දිනූශ, ලහිරු ගමගේ, රමිත රඹුක්වැල්ල, කෞශාල් සිල්වා, ශිරාන් ප්‍රනාන්දු, ලහිරු උදාර

කාර්ය මණ්ඩලය – සුමිත්‍ර වර්ණකුලසූරිය (ප්‍රධාන පුහුණුකරු), විනෝදන් ජෝන් (කළමනාකරු)

තරග කාලසටහන

  • අප්‍රේල් 4 – කොළඹ හා දඹුල්ල – දඹුල්ලේ දී  
  • අප්‍රේල් 4 –  මහනුවර හා ගාල්ල – පල්ලෙකැලේ දී
  • අප්‍රේල් 6 – දඹුල්ල හා ගාල්ල – දඹුල්ලේ දී  
  • අප්‍රේල් 6 – මහනුවර හා කොළඹ – පල්ලෙකැලේ දී
  • අප්‍රේල් 8 – දඹුල්ල හා මහනුවර – දඹුල්ලේ දී  
  • අප්‍රේල් 8 – ගාල්ල හා කොළඹ – පල්ලෙකැලේ දී
  • අප්‍රේල් 10 – තෙවැනි හා සිව්වැනි ස්ථාන සඳහා වන තරගය – දඹුල්ලේ දී  
  • අප්‍රේල් 11 – අවසන් මහා තරගය – දඹුල්ලේ දී

මේ තරගාවලියේ තරග සියල්ලම ඩයලොග් TV නාලිකා අංක 77, MyTV හා ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ  සජීවීව ඔබ වෙත රැගෙන එන අතර උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<