Real Madrid හැර ප්‍රබලයෝ රැසකට ජයග්‍රහණ

77

එංගලන්ත Premier League තරගාවලියේ 26 වැනි සතියේ, ස්පාඤ්ඤ La Liga සහ ඉතාලි Serie A තරගාවලිවල 24 වැනි සතියේ සහ ජර්මානු Bundesliga තරගාවලියේ 22 වැනි සතියේ තවත් වැදගත් තරග කිහිපයක් ඊයේ (16) පැවැත්විය. 

PSG-Amiens සහ Dortmundගෙන් ගෝල වැස්සක්

එංගලන්ත Premier League තරගාවලියේ 26 වැනි සතියේ, ස්පාඤ්ඤ………..

Arsenalට පහසු ජයක්

Premier League තරගාවලියේ ප්‍රබල Arsenal සහ Newcastle United පාපන්දු සමාජ අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 4-0ක පහසු ජයග්‍රහණයක් වාර්තා කරගන්නට Arsenal ක්‍රීඩකයින් සමත් විය. 

පළමු අර්ධයේ කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඔවුන් ඒවා සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. 

කෙසේ නමුත් දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Arsenal ක්‍රීඩකයින් ගෝල 4ක් වාර්තා කරගනිමින් පහසුවෙන් මෙම තරගයේ ජය තහවුරු කරගන්නට විය. එහි දී Pierre-Emerick Aubameyang, Nicolas Pepe, Mesut Ozil සහ Alexandre Lacazette විසින් පිළිවෙළින් එම ගෝල වාර්තා කර ගනු ලැබීය. 

අඛණ්ඩව Premier League තරග 4ක් ජය-පරාජයෙන් තොරව අවසන් වීමෙන් පසුව Arsenal ක්‍රීඩකයින් ලබාගත් පළමු ජයග්‍රහණය මෙයයි. 

සම්පූර්ණ කාලය: Arsenal FC 4 – 0 Newcastle United FC 

ගෝල ලාභීන් 

  • Arsenal – Pierre-Emerick Aubameyang 54’, Nicolas Pepe 57’, Mesut Ozil 90’, Alexandre Lacazette 90+5’

අවසන් මොහොතේ ගෝලයෙන් Tottenhamට ජය

Premier League තරගාවලියේ ප්‍රබල Tottenham Hotspur පාපන්දු සමාජය සහ Aston Villa පාපන්දු සමාජය අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 3-2ක තියුණු ජයක් වාර්තා කර ගන්නට Tottenham ක්‍රීඩකයින් සමත් විය. 

තරගයට සාර්ථක ආරම්භයක් ලබාගනිමින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට Aston Villa ක්‍රීඩකයින් සමත් විය. එය ගෝලය වාර්තා වූයේ Tottenham ක්‍රීඩක Toby Alderweireld හරහා වාර්තා වූ ‘own goal’ අවස්ථාවක් හරහා ය. 

පසුව ඔහු අතින් සිදු වූ වරද නිවැරදි කර ගත් Alderweireld විසින් Tottenham වෙනුවෙන් ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා කර ගනිමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. 

පළමු අර්ධය අවසන් වන්නට පෙර ක්‍රියාත්මක වූ Son Heung-min විසින් Tottenham වෙනුවෙන් ඔවුන්ගේ දෙවන ගෝලය ද වාර්තා කරගත්තේ ඔවුන්ව තරගයේ පෙරමුණට රැගෙන යමිනි. 

කෙසේ නමුත් දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Aston Villa ක්‍රීඩක Bjorn Engels තරගයේ ඔවුන්ගේ ද දෙවන ගෝලය වාර්තා කරන්නට සමත් විය. 

ඒ අනුව තරගය ජය-පරාජයෙන් තොරව අවසන් වන සේයාවක් දිස්වුවත් තරගය අවසන් වන්නට ආසන්නයේ දී නැවත වරක් ක්‍රියාත්මක වූ Son විසින් Aston Villa ආරක්‍ෂක ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීමකින් පන්දුව ලබා ගනිමින් එය පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ ජයග්‍රහණය ගෝල 3-2ක් ලෙස Tottenham හට හිමිකර දෙන්නට සමත් විය. 

සම්පූර්ණ කාලය: Tottenham Hotspur FC 3 – 2 Aston Villa FC

ගෝල ලාභීන් 

  • Tottenham – Toby Alderweireld 27’, Son Heung-min 45+2’ & 90+4’
  • Aston Villa – Toby Alderweireld 9’ (OG), Bjorn Engels 53’

Messiගෙන් යළිත් සුපිරි දස්කම්

ස්පාඤ්ඤ La Liga තරගාවලියේ FC Barcelona සහ Real Betis අතර තරගයත්, ….

Real Madridට තියුණු ජයක් අහිමි වේ

La Liga තරගාවලිය යටතේ ප්‍රබල Real Madrid සහ Celta Vigo කණ්ඩායම අතර ඊයේ පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් විය. 

Celta Vigo හට තරගයට සාර්ථක ආරම්භයක් හිමිකර දුන් Fyodor Smolov විසින් තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනු ලැබීය. 

පළමු අර්ධය තුළ වෙනත් කිසිදු ගෝලයක් වාර්තා නොවුනත් දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Toni Kroos විසින් Real Madrid වෙනුවෙන් ගෝලයක් වාර්තා කරගනිමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. 

පසුව Real Madrid හට පිරිනැමුණු දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගත් නායක Sergio Ramos ඔවුන්ව තරගයේ ඉදිරියට රැගෙන යන්නට සමත් විය. 

කෙසේ නමුත් තරගය අවසන් වන්නට පෙර ක්‍රියාත්මක වූ Celta Vigo ආදේශක ක්‍රීඩක Santi Mina ඔවුන්ගේ ද දෙවන ගෝලය වාර්තා කරමින් තරගය ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් කරන්නට සමත් විය. 

සම්පූර්ණ කාලය: Real Madrid CF 2 – 2 Celta de Vigo

ගෝල ලාභීන්

  • Real Madrid – Toni Kroos 52’, Sergio Ramos 65’ (P)
  • Celta Vigo – Fyodor Smolov 7’, Santi Mina 85’

Dybala සහ Cuadrado, Juventusට ජය ගෙනෙති

Serie A තරගාවලිය යටතේ ප්‍රබල Juventus හා Brescia කණ්ඩායම් අතර පැවති තරගයෙන් ගෝල 2-0ක ජයක් වාර්තා කරගන්නට Juventus සමත් විය. 

37 වැනි මිනිත්තුවේ දී Brescia ක්‍රීඩක Florian Aye හට විනිසුරුවරයා විසින් තරගයේ දෙවන කහ කාඩ්පත නිකුත් කිරීමත් සමඟ ඔහුට පිටියෙන් ඉවත්ව යාමට සිදු විය. 

එහි දී උත්සාහක දිනුම් කලාපය ආසන්නයේ ලැබුණු නිදහස් පහර අවස්ථාව ඉතා දක්ෂ ලෙස සාර්ථක කර ගත් Paulo Dybala විසින් Juventus තරගයේ පෙරමුණට රැගෙන යාමට සමත් විය.

අනතුරුව දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Juan Cuadrado විසින් Juventus වෙනුවෙන් ඔවුන්ගේ දෙවන ගෝලය ද වාර්තා කර ගනු ලැබීය. 

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ Juventus ක්‍රීඩකයින් හට තවත් ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක් ම ලැබුනත් ඔවුන් ඒවා සාර්ථකව ගෝල බවට පරිවර්තනය කරගන්නට අපොහොසත් වූ නමුත් මෙම තරගයෙන් ගෝල 2-0ක පහසු ජයක් හිමිකර ගන්නට ඔවුන් සමත් විය.

සම්පූර්ණ කාලය: Juventus FC 2 – 0 Brescia Calcio

ගෝල ලාභීන් 

  • Juventus – Paulo Dybala 38’, Juan Cuadrado 75’

Serie A තරගාවලිය කළඹමින් Verona, Juventus පරදවයි

Juventus හඹා ආ Hellas Verona කණ්ඩායම ගෝල 2-1ක් ලෙස …….

Gnabry ගෝල ද්විත්වයක් වාර්තා කරගනිද්දී Bayern හට පහසු ජයක්

Bundesliga තරගාවලිය යටතේ ප්‍රබල Bayern Munich සහ FC Koln කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 4-1ක පහසු ජයක් වාර්තා කරගන්නට Bayern ක්‍රීඩකයෝ සමත් වූහ. 

Bayern හට තරගයට ප්‍රවේගකාරී ආරම්භයක් හිමිකර දුන් Robert Lewandowski තරගය ආරම්භ වී මිනිත්තු 3ක් පමණක් ගතවද්දී තරගයේ පළමු ගෝලය වාර්තා කරගැනීමට සමත් විය. 

ඉන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ Kingsley Coman ද ගෝලයක් වාර්තා කරගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවාගන්නට සමත් විය. 

පසුව Serge Gnabry විසින් Alphonso Davies ලබා දුන් පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් ඔවුන්ගේ තුන්වැනි ගෝලය වාර්තා කරගන්නා ලදි. 

නැවතත් දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Gnabry තවත් ගෝලයක් වාර්තා කරගත්තේ තරගයේ Bayernගේ සිව්වැනි ගෝලයට හිමිකම් කියමිනි. 

අනතුරුව Koln ක්‍රීඩක Mark Uth විසින් ගෝලයක් වාර්තා කර ගනු ලැබුවත් තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කිසිදු ගෝලයක් වාර්තා නොවීමත් සමඟ මෙම තරගයෙන් ගෝල 4-1ක පහසු ජයක් හිමිකර ගන්නට Bayern Munich සමත් විය. 

සම්පූර්ණ කාලය: FC Bayern Munich 4 – 1 FC Koln

ගෝල ලාභීන් 

  • Bayern Munich – Robert Lewandowski 3’, Kingsley Coman 5’, Serge Gnabry 12’ & 66’
  • FC Koln – Mark Uth 70’

 >> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<