උතුරෙන් ජාත්‍යන්තරයට ක්‍රීඩකයන් හදන්න නව ක්‍රීඩා සංකීර්ණයක්

229

රුපියල් මිලියන 322ක වියදමෙන් ප්‍රතිසංස්කරණය කෙරුණු කිලිනොච්චි ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම පසුගිය දා (17) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එහි විශේෂත්වය වූයේ ක්‍රීඩා සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීමේ ගෞරවය උතුරු පලාතෙන් බිහි වූ විශිෂ්ට දැල්පන්දු ක්‍රීඩිකාවක් වන තර්ජනී සිවලිංගම් මෙනෙවියට ලබා දෙන්නට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගැනීමයි.

ශ්‍රී ලංකා සවි ඔසවන්නෝ ඓතිහාසික ජයග්‍රහණයක් සමරති

ආසියානු පැසිෆික් Classic හා Equipped ……

පාපන්දු ක්‍රීඩාංගණයක්, පිහිනුම් තටාකයක් සහ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ද ඇතුළත් වන මෙම ක්‍රීඩා සංකීර්ණයේ ධාවන ඉසව් සඳහා කෘත්‍රිම ධාවන පථයක් මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ තණ තීරුවකින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ද ඉදිකිරීමට නියමිතයි. යෝජිත තණතිල්ල සහ ප්‍රේක්ෂකාගාර ගොඩනැගිලි සඳහා මුල් ගල් තැබීම ද මෙම අවස්ථාවේ දී සිදු කෙරිණි. ඒ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ද එක්ව සිටියේය.

”මේ ක්‍රීඩාංගණය අර්බුද රාශියකට මුහුණ දීපු තැනක්. මේ ක්‍රීඩාංගණය ගත්තොත් ලංකාවේ කොතනකවත් මේ වගේ සංකීර්ණයක් එකට තියන තැනක් මම දැකලා නැහැ. දැන් අපිට ඕන උතුරෙන් ක්‍රීඩකයෝ ජාත්‍යන්තරයට ගෙනියන්න. මගේ ඉලක්කය තව අවුරුදු 5කින් තර්ජනීලා වගේ තව 50ක් මේ ප්‍රදේශයෙන් බිහි වෙන්න ඕන කියන එකයි.” ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උත්සව සභාව අමතමින් පැවසීය.

“මලින්ද අරුමාඳුර අනුස්මරණ කුසලාන” අවසන් තරගය හෙට

හොරයිසන් (Horizon) පෞද්ගලික විශ්ව විද්‍යාලයේ …..

මෙම ක්‍රීඩා සංකීර්ණයේ ඉදිවන තණ තීරුව සහ ක්‍රීඩාගාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත් වීමෙන් ඉදි කිරීමට නියමිත අතර මලල ක්‍රීඩා පිටියේ මීටර් 400 ධාවන පථය කෘත්‍රිම (සින්තටික්) ධාවන පථයක් බවට පත් කිරීමේ කටයුතු ද ඉතා ඉක්මනින් අවසන් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන ලදි.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය උපදේශිකා ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා යන මහත්ම මහත්මීන් ද එක්ව සිටිනු දක්නට ලැබුණි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<