ඇෆ්ගනිස්ථානය කුළුඳුල් ටෙස්ට් ජය වාර්තා කරයි

249
Afghanistan's team members pose with the trophy after winning the Test cricket match between Afghanistan and Ireland at the Rajiv Gandhi International Cricket Stadium in the northern Indian city of Dehradun on March 18, 2019. (Photo by Money SHARMA / AFP) / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE-----

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවති එකම ටෙස්ට් තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් ඇෆ්ගනිස්ථානය සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට අද (18) සමත් විය.

ලෝක කුසලාන තරගාවලියේ ආරක්ෂාව ප්‍රමුඛතාවයක් – ICC

පසුගිය දා නවසීලන්ත දේවස්ථානයක දී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ පුවතක් බවට පත්වූයේ අදාළ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී බංගලාදේශ ක්‍රිකට්…

කණ්ඩායම් දෙක මුණ ගැසුණු පළමු ටෙස්ට් තරගයේ රහමට් ශාගේ සුපිරි පිතිකරණය සහ රෂීඩ් ඛාන්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීම ඇෆ්ගනිස්ථානයට මෙම ඵෙතිහාසික ජයග්‍රහණය වාර්තා කිරීමට ප්‍රබල පිටුබලයක් විය.

පසුගිය 15 වැනිදා ඉන්දියාවේ ‘ඩෙහරඩුන්, හිදී ආරම්භ වූ මෙම තරගයට පෙර දෙරටම එක් ටෙස්ට් තරගයකට පමණක් මූණ දී සිටියේය. ඒ ඇෆ්ගනිස්ථානය, ඉන්දියාවට එරෙහිවත් අයර්ලන්තය, පාකිස්තානයට එරෙහිවය. මෙම තරග දෙකින්ම කණ්ඩායම් දෙකම පරාජයන් ලබා තිබුණි.

ඒ අනුව දෙරටටම සිය පළමු ටෙස්ට් ජය වාර්තා කර ගැනීමට තීරණාත්මක වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත නායකයා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.

එහි දී අයර්ලන්ත පළමු ඉනිම ඩෙහරඩුන් තණ තීරුවේ පන්දුවාර 60ක් තුල ලකුණු 172කට සීමා කිරීමට ප්‍රබල ඇෆ්ගන් පන්දු යවන්නන්ට හැකි විය.

අයර්ලන්ත ඉනිමේ ආරම්භක පිතිකරුවන් ඇතුළු පසුපෙළ ක්‍රීඩකයන් සියල්ල ඉතා අසීරු තත්ත්වයකට ඇඳ දැමීමට ඇෆ්ගන් පන්දු යවන්නන් සමත් වෙමින් මුල් කඩුලු 9 ලකුණු 85කට දවා ගත්තේය.

එහෙත් හයවැනි කඩුල්ලට සහ අවසන් කඩුල්ලට පිටියට පිවිසි ජෝර්ජ් ඩොක්රල් සහ ටිම් මූර්ටැග් එක්ව අයර්ලන්ත පළමු ඉනිමට යම් ජීවයක් එක් කරමින් අවසන් කඩුල්ලට ලකුණු 87ක් එක් කිරීමට සමත් විය. එහි දී ඉනිමේ විශිෂ්ටයා වෙමින් මූර්ටැග් පන්දු 75කින් නොදැවී ලකුණු 54ක් රැස් කළ අතර ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර දෙකක් අන්තර්ගතය. ඩොක්රල් පන්දු 100කින් හතරේ පහර 6ක් සමඟ ලකුණු 39ක් රැස් කළේය.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් පන්දුවෙන් මොහොමඩ් නබී සහ යමීන් අහම්ඩ්ශායි කඩුලු 3 බැගින් ද, රෂිඩ් ඛාන් සහ වකාර් සලම්කෙහෙලි කඩුලු දෙක බැගින් ද දවා ගත්හ.

එංගලන්ත පිතිකාරිණියෝ ලංකාවට රිදෙන්න පහර දෙති

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙය වීමෙන් 2021 වසරේ දී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් …

අනතුරුව ඇෆ්ගනිස්ථානය සිය පළමු ඉනිම ක්‍රියාත්මක කළ අතර ඔවුන් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 314ක් රැස් කළේය.

ඇෆ්ගන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් රහමට් ශා ලකුණු 98ක් රැස් කළේ දර්ශනීය හතරේ පහර 15ක් ද සමඟිනි. කෙසේ වෙතත් සිය මංගල ටෙස්ට් ශතකයට ලකුණු දෙකක් තිබිය දී ජෝර්ජ් ඩොක්රල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදෙමින් අවාසනාවන්ත ලෙස ඔහු දැවී ගියේය. මීට අමතරව නායක අස්ගාර් අෆ්ගන් ලකුණු 67ක් සහ හස්මතුල්ලා සහාදි ලකුණු 61ක් ද ඇෆ්ගන් ඉනිම වෙනුවෙන් එක් කළේය.

අයර්ලන්තය වෙනුවෙන් ස්ටුවර්ට් තොම්ප්සන් කඩුලු 3ක් සහ ඩොක්රල්, මැක්බර්නි සහ කැමරන්-ඩෝ කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඒ අනුව ලකුණු 142ක් පිටුපසින් සිට අයර්ලන්තය සිය දෙවන ඉනිම ආරම්භ කළ ද ඔවුන්ට පළමු ඉනිමේ මෙන්ම වැඩි දක්ෂතා අතරට පැමිණීමට ඉඩ නොදෙමින් දෙවන ඉනිම ද ලකුණු 288කට සීමා කිරීමට ඇෆ්ගන් පන්දු යවන්නන් උත්සුක විය.

අයර්ලන්ත දෙවන ඉනිමේ යම් තරමක හෝ දිගු ඉනිම් වෙත යාමට හැකි වූයේ ඇන්ඩි බැල්බර්නිට සහ කෙවින් ඕ බ්‍රයන්ට පමණි. එහි දී බැල්බර්නි හතරේ පහර 11ක් සමඟින් පන්දු 149කින් ලකුණු 82ක් සහ කෙවින් ඕ බ්‍රයන් පන්දු 78ක් කඩුල්ලේ රැඳෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 56ක් අයර්ලන්ත දෙවන ඉනිමට එක් කළේය.

දිමුත්ගේ පෙරළිකාර පිතිකරණය සමඟින් SSC අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී, විස්සයි විස්ස තරගාවලියේ ශූරයන් වූ මුවර්ස් ක්‍රීඩා…

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් අයර්ලන්ත දෙවන ඉනිමේ කඩුලු 5ක් ලකුණු 82කට දවා ගැනීමට පන්දුවාර 34ක් යොමු කළ රෂිඩ් ඛාන්ට හැකි විය. එමෙන්ම යමීන් අහමඩ්ශායි ලකුණු 52කට කඩුලු 3ක් සහ වකාර් සලම්කෙහෙලි කඩුලු දෙකක් ලකුණු 66ක් ලබා දෙමින් දවා ගන්නා ලදි.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයට සිය ඉතිහාහගත පළමු ටෙස්ට් තරඟ ජය වාර්තා කිරීමට ලකුණු 147ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් එය පන්දු වාර 47යි පන්දු 5කින් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 149ක් ලබාගෙන පසුකර යාමට සමත් විය.

ඒ වෙනුවෙන් පළමු ඉනිමේ මෙන්ම දෙවන ඉනිමේ ද පිත්තට ජීවය එක් කර ගත් රහමට් ශා පන්දු 121කට මූණ දී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තේය. මීට අමතරව ඉසනුල්ලාහා ඇෆ්ගනිස්ථානයේ ජයග්‍රහණය තෙක්ම පිටියේ රැඳෙමින් විශිෂ්ට ලකුණු 65ක් රැස් කළේ පන්දු 129කින් හතරේ පහර 8ක් සහ හයේ පහර දෙකකින් සිය මංගල ටෙස්ට් තරගයේ දෙවන ඉනිම වර්ණවත් කර ගනිමිනි.

තරගයේ ඉනිම දෙකේම විශිෂ්ට අර්ධ ශතක දෙකක් වාර්තා කළ රහමට් ශා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

අයර්ලන්ත පළමු ඉනිම: සියල්ලන් දැවී 172 (60) ටිම් මූර්ටැග් 54, ජෝර්ජ් ඩොක්රල් 39, පෝල් ස්ටීර්ලින් 26, මොහොමඩ් නබී 3/36, යමීන් අහමඩ්ශායි 3/41, රෂීඩ් ඛාන් 2/20, වකාර් සලම්කෙහෙලි 2/35

ඇෆ්ගනිස්ථාන පළමු ඉනිම: සියල්ලන් දැවී 314 (106.3) රහමට් ශා 98, අස්ගාර් අෆ්ගන් 67, හස්මතුල්ලා ශාහිඩි 61, මොහොමඩ ශේෂාඩ් 40, ස්ටුවර්ට් තොම්සන් 3/28, ජෝර්ජ් ඩොක්රල් 2/63

අයර්ලන්ත දෙවන ඉනිම: සියල්ලන් දැවී 288 (93) ඇන්ඩි බැල්බර්නි 82, කෙවින් ඕ බ්‍රයන් 56, රෂීඩ් ඛාන් 5/82, යමීන් අහමඩ්ශායි 3/52, වකාර් සලම්කෙහෙලි 2/66

ඇෆ්ගනිස්ථාන දෙවන ඉනිම: කඩුලු 3ක් දැවී 149 (47.5) රහමට් ශා 76, ඉසනුල්ලාහා 65, කැමරන්- ඩෝ 1/24

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<