කොදෙව් පුහුණු තරගයට නවකයන් රැසක්

123

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පුහුණු එක්දින තරග සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. නවක ක්‍රීඩකයන්ගෙන් රැසකගෙන් සමන්විත වන මෙම කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා යොවුන් 19න් පහල කණ්ඩායමේ ක්‍රීඩකයන් කීපදෙනෙකු ද ඇතුළත්ව ඇත. 

එංගලන්ත නිසැක ජය අහිමි කළ අවසන් පන්දුවාරයේ විජ්ජාව!

ඉතාමත් කලාතුරකින් දැකිය හැකි ආකාරයේ තියුණු මුහුණුවරක් ගත් ……….

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිටපු ශ්‍රී ලංකා නායක උපුල් තරංගට හිමිව ඇති අතර ඔහු පසුගිය මාස 13 තුල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර නොමැත. මෙම පුහුණු තරග ද්විත්වයේ පළමු පුහුණු තරගයේ නායකත්වය ඔහු විසින් දරන අතර දෙවන තරගයේ නායකත්වය දරන්නේ කවුරුන් දැයි නම් කර නැත. 

උපුල් තරංග හා ලහිරු තිරිමාන්නට අමතරව කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා ලෙස අසේල ගුණරත්න කණ්ඩායමට එක්ව සිටී. ශ්‍රී ලංකා දේශීය තරගාවලිය තුල කැපී පෙනෙන දස්කම් දැක්වූ පැතුම් නිස්සංක, ඇන්ජලෝ පෙරේරා හා අශේන් බංඩාර මෙම කණ්ඩායම සඳහා ඇතුළත් වීම විශේෂත්වයකි. 

‍ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස සඳුන් වීරක්කොඩි සංචිතයට කැඳවා ඇති අතර 26 හැවිරිදි ඔහු පසුගිය දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත තරගාවලියේ දී පන්දු 39ක් තුල ශතකයක් වාර්තා කරමින් මෙරට තරගාවලියක වේගවත්ම ශතකයට හිමිකම් කීමට සමත් විය. 

ඔහු මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 3 කට ක්‍රීඩා කර ඇති අතර 2017 වසරේ දී දකුණු අප්‍රිකාව හමුවේ අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය. 

මෙම පුහුණු කණ්ඩායමට පසුගිය 2020 අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු කැඳවා ඇත. ඒ වමත් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක හා දඟ පන්දු ‍යවන ක්‍රීඩක කවිඳු නදීශාන් ය. 

ශ්‍රී ලංකාවට එන එංගලන්ත සංචිතය නම් කරයි!

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක ……

හුංගම විජයබා විද්‍යාලය නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඩිල්ශාන් මධුශංක ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට සමත් විය. කවිඳු නදීශාන් ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ කොදෙව් තරග සංචාරයේ දී කඩුලු 18ක් ලබා ගනිමින් එම තරගාවලියේ හොඳම පන්දු ‍යවන්නා බවට පත්වීමට සමත් විය. 

ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අසිත ප්‍රනාන්දු මෙම කණ්ඩායමේ වේග පන්දු බලඇණිය මෙහෙයවන අතර ඔහුගේ සහයට තික්ශිල ද සිල්වා ද කණ්ඩායමට ඇතුළත්ව සිටී. 20 හැවිරිදි ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩකයෙකු වන චමික ගුණසේකර හා ඩිල්ශාන් මධුශංක එම කණ්ඩායමට ඇතුළත් අනෙකුත් වේගපන්දු ‍යවන්නන් වේ. 

මෙම පුහුණු කණ්ඩායමට දඟපන්දු යවන්නන් ලෙස තරිඳු කෞෂාල්, පුලින තරංග, සචිඳු කොළඹගේ හා කවිඳු නදීශාන් ඇතුලත්ව ඇත. 

පුහුණු තරග සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම 

උපුල් තරංග (නායක), ලහිරු තිරිමාන්න, සඳුන් වීරක්කොඩි, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, අශේන් බංඩාර, අසිත ප්‍රනාන්දු, තික්ශිල ද සිල්වා, ඩිල්ශාන් මධුශංක, චමික ගුණසේකර, පුළින තරංග, කවිඳු නදීශාන්, සචිදු කොළඹගේ, තරිඳු කෞශාල්

කිවියන් T20 තරගාවලියේ වාඩුව එක්දින තරගාවලියෙන් අල්ලයි!

මීට දින කිහිපයකට පෙර නිමාවූ විස්සයි විස්ස තරගාවලියේ දී තමන්ව ………

පුහුණුකරු තරග කාලසටහන 

  • පළමු පුහුණු තරගය – පෙබරවාරි 17 – පී. සරා ඕවල් ක්‍රීඩාංගණය
  • දෙවන පුහුණු තරගය – පෙබරවාරි 20 – FTZ ක්‍රීඩා සංකීර්ණය – කටුනායක

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<