“බෑ කියන්න එපා බ්‍රොක්” – ජොන් ජෝන්ස්

322
thesportster.com

සටන් ශූරයෙකු වැඩිපුර කැමති තවත් සටන් ශූරයෙකුට අභියෝග කිරීමටයි. UFC හෙවිවෙයිට් ලෝක ශූර Jon Jones (ජොන් ජෝන්ස්) මේ වන විට අභියෝග කරන්නේ හිටපු හෙවිවෙයිට් ශූර Brock Lesner (බ්‍රොක් ලෙස්නර්) හටයි.

Cyril Ganeට (සිරිල් ගානේ) එරෙහිව පසුගිය දා UFC 285 දී පැවති තරගයේ දී ජොන් ජෝන්ස් නැවතත් UFC පිටියට පා තැබුවා. ඔහුගේ ජයග්‍රහණය සමඟින් නැවතත් හෙවිවෙයිට් ශූරතාවය ඔහු සතු වුනා. ඉන් පෙර ඔහු ක්‍රීඩා කළේ ලයිට් හෙවිවෙයිට් බර පන්තියෙන්.

The Sporting News වෙනුවෙන් සාකච්ඡාවකට එක්වෙමින් ජෝන්ස් පැවසුවේ බ්‍රොක් ලෙස්නර්ට එරෙහිව තරග වැදීම තමන්ගේ බලාපොරොත්තුවක් බවයි.

බ්‍රොක් ලෙස්නර්ට එරෙහිව තරග වැදීමට ඇත්නම් හොඳයි. ඔහු තාක්ෂණික වශයෙන් හොඳම තත්වයක නෑ. ඒත් ඔහු මට වඩා ලොකුයි. ඒක David vs Goliath වගේ එකක් වේවි. මං හිතන්නේ අපි දෙන්නම අපේ පවුල් වලට ශ්‍රේෂ්ඨ දේවල් කරලා තියෙනවා. අපේ කණ්ඩායම්වලට මුල්‍යමය වශයෙන් ඒක දැවැන්ත වේවි. බෑ කියන්න එපා බ්‍රොක්, ඔබ ඉන්නවනම්”, ජෝන්ස් පැවසුවා.

බ්‍රොක් ලෙස්නර් 2008දී UFC හෙවිවෙයිට් ශූරයා වුනා. එහෙත් ඉන්පසුව Mark Hunt (මාක් හන්ට්) හට එරෙහිව තරග වැදුණු ඔහුව තහනම් උත්තේජක චෝදනා වලට හසුවුණා. පසුව ඔහු විසින් පවසා තිබුණේ MMA (Mixed Martial Arts) ක්‍රීඩාවට තමන් වයස්ගත වැඩි බවයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<