ලෝක ශූරයා පිය පදවියට

158

අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකු මෙන්ම 100m සහ 200m ඉසව්වන්හී වත්මන් ලෝක වාර්තාවට ද හිමිකම් කියන හිටපු කෙටි දුර ධාවන ශූර හුසෙයින් බෝල්ට් ප්‍රථම වරට පිය පදවියට පත් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය පසුගිය ඉරිදා වාර්තා කළේය.

මලල ක්‍රීඩාවේ දොරගුළු ප්‍රේක්ෂකයන්ට වැසේ

බෝල්ට්ගේ බිරිඳ වූ කසී බෙනට් දියණියකට උපත ලබා දීම පසුගිය ඉරිදා සිදු වූ අතර සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජැමෙයිකානු අග්‍රාමාත්‍යවරයා මෙම සිදුවීම තහවුරු කරන්නට විය.

තමන් නුදුරේ දී ම පියෙකු වීමට සිටින බව බෝල්ට් පසුගිය ජනවාරි මාසයේ දී මුල්ම වරට මාධ්‍යයට දැනුම් දුන් අතර එහි දී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ තම දරුවන්ට ද තමන්ගේ මාර්ගයේ ගමන් කිරීමට උපදෙස් ලබා දෙන බවයි.

මෙම සිදුවීම සැලවීමත් සමඟ ලොව පුරා සිටින බොහෝ දෙනාගෙන් ඔහු වෙත සුබ පැතුම් පණිවිඩ නිකුත් කරන අතර බෝල්ට්ගේ හැකියාවන් ඔහුගේ දියණියට ද පිහිටනු ඇතයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් පසුවේ.

මේ වන විට 33 වැනි වියෙහි පසුවන හුසෙයින් බෝල්ට් බොහෝ කාලයක් කෙටි දුර ධාවන පිටියේ ලෝක ශූරයා ලෙස කිරුළ දැරූ අතර 2017 වසරේ දී ඔහු ක්‍රීඩා දිවියෙන් සමුගන්නා ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<