දකුණු පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවයට අයදුම්පත් කැඳවයි

Southern Province Open All Island Badminton Championship

98

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන දකුණු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම ආරම්භ කර තිබෙනවා.

මේ මස 28 වැනිදා සිට පෙබරවාරි මස 3 වැනිදා දක්වා ගාල්ලේ දඩැල්ලේ දිස්ත්‍රික් බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේ දී සහ අම්බලන්ගොඩ දී පැවැත්වෙන මේ ශූරතාවය සඳහා අයදුම්පත් බාර ගැනීම මේ මස 15 වැනිදායින් අවසන් වෙනවා.

දකුණු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට විවෘත, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ වයස් කාණ්ඩ යටතේ තරග ඇතුළත් වන අතර, කනිෂ්ඨ තරග කාණ්ඩයට අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ අවුරුදු 19න් පහළ බාලක සහ බාලිකා ඒකල, යුගල තරග ඉසව් ඇතුළත්.

අවුරුදු 30න් ඉහළ, 35න් ඉහළ, 40න් ඉහළ, 45න් ඉහළ, 50න් ඉහළ, 55න් ඉහළ, 60න් ඉහළ, 65න් ඉහළ සහ අවුරුදු 70න් ඉහළ කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඉසව් ඇතුළත් වන අතර, විවෘත තරග කාණ්ඩයට කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඉසව් ඇතුළත්.

එමෙන්ම විවෘත අවසන් පූර්ව වටයේ පරාජිතයන් අතර පළඟ තරග කාණ්ඩය සඳහා කාන්තා හා පිරිමි ඒකල තරග ඉසව් ඇතුළත් කර තිබෙන අතර ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් ලක්ෂ හත හමාරක මුදල් තෑගි, සහතික සහ පදක්කම් ප්‍රදානය කිරීම ද සිදු කිරීමට නියමිතයි.

මෙම දකුණු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවට සඳහා Mcfoil, Mobil, GAC, Li Ning සහ 3M අනුග්‍රාහකයින් ලෙස එක්ව සිටීම විශේෂත්වයක්.

තරගාවලිය සඳහා අයදුම්පත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පහත සඳහන් වෙබ් අඩවියෙන් දැන් ලබා ගත හැකියි. https://srilankabadminton.lk/tournament/southern-province-open-all-island-badminton-championship-2024/

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<