පන්දුවක් හිසේ වැදී පැතුම් නිස්සංක ආබාධයකට

872

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන පළමු දෙදින පුහුණු ක්‍රිකට් තරගයේ දෙවන දිනය (31) අතරතුර පැතුම් නිස්සංක ආබාධයකට ලක්වී ඇති අතර මේ වන විට ඔහුගේ තත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

දුනිත්, කලණ හා ජනිෂ්ක සුපිරි දස්කම් අතරට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත්..

“අපි ඔහුව ඉක්මනින්ම රෝහල් ගත කරලා MRI ස්කෑන් එකකට යොමු කළා. ඔහුගේ ජීවිතයට කිසිම අවදානමක් නැහැ. නමුත් ඉදිරි පැය 24ක කාලය තුල ඔහුව හොඳින් නිරීක්ෂණය කරනවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞතික චිකිත්සක රංජිත් නානායක්කාර මහතා ThePapare.com වෙත පැවසීය.

එංගලන්ත ඉනිමේ 56 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ක්‍රියාත්මක කළ පන්දුවාරයේ දී මෙම සිදුවීම සිදු වී ඇත. ඔහු යැවූ පන්දුවකට එංගලන්ත  ක්‍රිකට් නායක ජෝස් බට්ලර් විසින් වැරෙන් එල්ල කරන ලද පහරක්, short-leg කලාපයේ හිස් ආවරණ සහිතව සිටි පැතුම්ගේ හිස හා ගෙල අතර ප්‍රදේශයේ වැදී ඇත.

කෞෂාල්, සධීර, ප්‍රියංජන් සහ මනෝජ් අර්ධ ශතක රැස්කරති

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන..

ඉන් අනතුරුව නිස්සංක පිටිය තුල වේදනාවෙන් පසුවීම නිසා වහාම ක්‍රියාත්මක වූ ප්‍රථමාධාර කණ්ඩායම ඔහුව ආරක්ෂිතව ක්‍රීඩා පිටියෙන් ඉවතට ගෙන ගොස් මූලික ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල් ගත කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<