දොලොස් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඊයේ දිනයේ අවසන් විය. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහි ලෙස අද අළුයම 3.30 ට පමණ මෙරටට පැමිණියේය. මෙවර ක‍්‍රිඩා උළෙල අප රටට වඩා වැදගත් වනුයේ දශකයකට පමණ පසුව අප මලල ක‍්‍රීඩාවේ මෙන්ම පිහිනුම් වැනි ක‍්‍රිඩා ඉසව් ගණනාවකින් ජය කෙහෙලි නංවන්නට සමත් වූ නිසාය.

1984 දී නේපාලයේ කත්මන්ඩු නුවරින් ආරම්භ වූ මෙම ක‍්‍රිඩා උළෙල සඳහා දකුණු ආසියානු රටවල් වන ඉන්දියාව, ශ‍්‍රි ලංකාව, පකිස්ථානය, නේපාලය, භූතානය, මාලදිවයින, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය යන රටවල් සහභාගි වේ. කලාපය තුල සිය ක‍්‍රිඩා කෞෂල්ය පෙන්වීම මෙන්ම පොදු රාජ්‍ය මණඩලීය සහ ඔලිම්පික් ක‍්‍රිඩා උළෙල සඳහා අවශ්‍ය ප‍්‍රවේශය ලබා ගැනිම යන කරැනු මේ උදෙසා තරඟ වැදීමේ මුලික අරමුණ වේ.

 දකුණු ආසියානු තරඟාවලියේ සියළු තොරතුරැ සඳහා පිවිසෙන්න 

Arrival of the SAG 2016 Medalistsමෙවර ක‍්‍රිඩා උළෙල පැවතියේ ඉන්දියාවේ ගුහාහිටි නගරය ආශි‍්‍රතවය. ශ‍්‍රි ලංකාව නියෝජනය කරමින් ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් 484 දෙනෙකු සහභාගි වූ අතර ඔවුන් ක‍්‍රිඩා ඉසව් 23 ක ජයග‍්‍රහනය උදෙසා තරඟ වැදුනහ. වසර ගණනාවකට පසුව තම දෙපයේ, දෑතේ ශක්තිය මතින් ඔවුහු ලක් මව රනින්, රිදියෙන් සහ ලොකඩයෙන් සැරසුහ. මේ අනුව දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා මෙන්ම කාන්තාවද බිහි වුයේ අප රටෙනි. හිමාශ ඒශාන් වේගවත්ම මිනිසා ලෙස මීටර් 100 රන් පදක්කමට උරුම කම් කියද්දි කාන්තා මිටර් 100 රන් පදක්කම දිනා ගත්තේ රුමේශීකා රත්නායකය. මීට අමතරව හතර හාරසියය ඉසව්වේ රන් පදක්කම් දෙක ද අප රටට දිනා දීමට අපේ ධාවන ශුරයන් සමත් විය.

 ඡායාරෑප ඇල්බය සදහා පිවිසෙන්න 

මීලඟට අපේ ජයග‍්‍රාහීම ස්ථානය වූයේ පිහිනුම් තටාකයයි. රහිම් සොහොයුරියෝ දිය කිදුරියන් මෙන් අප රට රනින් නහවද්දි මැතිව් අබේසිංහ වසර ගණනාවක් පැරණි ශ‍්‍රි ලංකා වාර්තාවක් ද අභිබවා යමින් රනින් රටට සිය උපහාරය පුද කළේය. මිට අමතරව පා පැදි ධාවන තරඟයේදී ජිවන් ජයසිංහ ද බර ඉසිලීමෙන් සුදේශ් පීරිස් ද වූශු ක‍්‍රිඩාවෙන් පි එල් එච් ලක්මාල් ද රන් පදක්කම් දිනා ගත්තේය. එලෙසම මංජුල කුමාර, ඉශාර සදරුවන්, සුරන්ජය ද සිල්වා, ඉදුනිල් හේරත්, නිමාලි ලියනාරච්චි ද අප රටට රන් පදක්කම් දිනා දුන්හ.

Arrival of the SAG 2016 Medalistsමේ අනුව ශ‍්‍රි ලංකාව දිනා ගත් සමස්ථ පදක්කමි සංඛ්‍යාව 180කි. මෙයට රීදි පදක්කම් 57 ක් ද ලොකඩ පදක්කම් 89 ක් ද ඇතුලත් වේ. සෑබැවටම උදාව ඇත්තේ මෙරට මලල ක‍්‍රිඩාවේ වසත් සමයයි කිවහොත් එය නිවැරදිය. දැන් නව ක‍්‍රිඩා ඇමතිවරයාට කිරිමට බෙහෝ දේ ඇත. මෙරට ක‍්‍රිඩා ඉතිහාසයේ ප‍්‍රථම වරට ඇමතිවරයා ක‍්‍රිඩකයෙකු මෙන් ක‍්‍රිඩාංගණයට වී ක‍්‍රිඩකයින්ට හයියක් වූයේය. දැන් එම හයිය ඉන් පිටතට ද රැගෙන ආ යුතුය.

මේ වසන්තය මෙ පරිද්දෙන්ම පොදු රාජත්‍ මණ්ඩලීය ක‍්‍රිඩා උළෙලට මෙන්ම ඔලිම්පික් දක්වා ද රැුගෙන යා යුතුය. ඒ සිහිනය දිනීමට ක‍්‍රීඩකයින් මෙහෙය වීමට ඇමතිවරයා මෙන්ම නිලධාරින්ද සියළු වාද භේද අතහැර පැහැදිලි ගමණකට අවතීර්ණ විය යුතුය. දශක ගණනාවක් බලා සිටි ඔලිම්පික් රන් සිහිනය සෑබැවක් වීම එවිට අනිවාර්යයෙන්ම යාථාර්තයක් වනු ඇති.