එහෙත් හරි වැස්ස; දිමුත් සහ තිරිමාන්න අර්ධ ශතක රැස් කරති

479

බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හි සාහුර් අහමඩ් චෞද්රි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු නිල නොලත් සිවු දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට (26) නිමා වෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබා සිටිය හ.

වර්ෂාව විටින් විට තරගයට බාධා කරද්දී දිනයේ තවත් පන්දු වාර 29ක් යැවීමට ඉතිරිව තිබුණි.

ඉතිහාසය වෙනස් කළ හැකි තීරණාත්මක දිනයකට එළඹෙයි

බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට නැවුම් පිටුවක් එක් කළ හැකි ටෙස්ට් තරගයක නිමාවක්…

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත්තේ කණ්ඩායමේ සංයුතියෙහි වැඩි පිතිකරුවන් ප්‍රමාණයක් සිටි බැවින් විය යුතුය.  

ඒ අනුව ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ දිමුත් කරුණාරත්න සහ ලහිරු මිලන්ත ය. තරගයේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු පුවරුව 12ක් ව තිබිය දී ලහිරු ( 04 ) කාලීඩ් අහමඩ් ගේ පන්දුවකට සකීර් හසන් අතට උඩ පන්දුවක් දී දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 12ක් ව තිබිය දී ය.

අනතුරු ව නායක දිමුත් සමග එක් වූයේ ලහිරු තිරිමාන්න ය. ඔවුන් දෙදෙනා එක් ව දෙවැනි කඩුල්ලට ලකුණු 54ක් එක් කරද්දී තරගය දිවා විවේකය සඳහා නතර කෙරුණි. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ඉදිරියේ කඩුල්ලක් දැවී ලකුණු 66ක් සඳහන් ව තිබුණි.

දිවා විවේකයෙන් පසුව නායක දිමුත් කරුණාරත්න ගේ ඉනිම අවසන් කිරීමට කාලීඩ් අහමඩ් සමත් විය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දිමුත් තමන්ගේ ඉනිම නිමාකර ගනිද්දී පන්දු 106කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 60ක් ලබා සිටියේ ය.

සැසියකට එක් කඩුල්ලක් බැගින් දවා ලූ ඉනිමේ තේ විවේකය වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 142ක් ලබා සිටියේ ය. ඒ වෙද්දී ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 52ක් ද අශාන් ප්‍රියංජන් නොදැවී ලකුණු 23ක් ද ලබා සිටියේ ය. ලබා ගත් කඩුලු දෙකේ ම හිමිකාරිත්වය කාලීඩ් අහමඩ් සතු විය.

තේ විවේකයෙන් පසුව බංගලියෝ තමන් ගේ කඩුලු ලබා ගැනීමේ රිද්මය තරමක් වෙනස් කිරීමට සමත් වූයේ පිට පිට පන්දුවාර දෙකක දී අශාන් ප්‍රියංජන් සහ සධීර සමරවික්‍රම දවා ගනිමිනි.

තේ විවේකයෙන් පසුව අශාන් ප්‍රියංජන් ට එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ නොතැබූ බංගලිදේශ පන්දු යවන්නෝ ඔහුගේ ඉනිම නිමා කළ හ. ඒ වෙද්දී අශාන් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් තම ඉනිමට එක් කර තිබුණි.  සධීර සමරවික්‍රමට ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණි.

එතැන් සිට ලකුණු පුවරුව ගොඩ නැගීමට තිරිමාන්නගේ සහයෝගයට පිටියට පිවිසියේ චරිත් අසලංක ය. ඔවුන් දෙදෙනා එක් ව ලකුණු පුවරුව 170 දක්වා රැගෙන එද්දී ක්‍රීඩාංගණයට වට වැස්ස තරගයේ වැඩි කාලයක් විනාශ කළේ ය. ඒ වෙද්දී තිරිමාන්න පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 66ක් ලබා සිටි අතර චරිත් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 11කි. ඔහු ඒ සඳහා පන්දු 41කට මුහුණ දී තිබුණි. එල්ල කර තිබූ හතරේ පහර සංඛ්‍යාව එකකි.

ලෝක කුසලාන කාන්තා 20-20 තරගාවලියේ කාලසටහන නිකුත් වේ

6 වැනි වතාවටත් පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ නිල තරග කාලසටහන අද (25) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මාධ්‍යයට නිකුත් කළේය.

වර්ෂාවෙන් අනතුරු ව තරගය ආරම්භ වුව ද එය පවත්වා ගෙන යෑමට හැකි වූයේ තවත් පන්දු 8ක් පමණි. නැවත වර්ෂාව පතිත වීමෙන් තරගය පළමු දිනයට නතර කිරිමට පිටියේ විනිසුරුවන් තීරණය කළ හ. ඒ වෙද්දී ශ්‍රී ලංකාවට එක් ලකුණක් පමණක් එකතු වී තිබූ අතර එම ලකුණේ හිමිකාරිත්වය චරිත් අසලංක සතු විණි.

කඩුලු ලබා ගැනීමේ දි කාලිඩ් අහමඩ් ලකුණු 37කට කඩුලු 3ක් දවා ගත් අතර අබු හයිඩර් රොනි කඩුල්ලක් ලබා ගත්තේ ය.

තරගය හෙට ( 27 ) දිනටත් ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා A කණ්ඩායම;

පළමු ඉනිම කඩුලු 4ක් දැවී 171 (60.2) දිමුත් කරුණාරත්න 60, ලහිරු තිරිමාන්න නොදැවි 66, අශාන් ප්‍රියංජන් 23, චරිත් අසලංක නොදැවි 12, කාලිඩ් අහමඩ් 3/37

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<