දකුණු අප්‍රිකානු යොවුන් වේගපන්දු යවන්නාට දරුණු ප්‍රහාරයක්

856

පසුගිය දා නිමා වුනු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකානු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ යොවුන් වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන Mondli Khumalo දරුණු ලෙස පහර කෑමකට ලක්ව තිබෙනවා.

ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ඔහු මේ වන විට එංගලන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

දකුණු අප්‍රිකානු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ඔහු මේ වන විට 20 හැවිරිදි වියේ පසුවන අතර Bristol නුවර අවන්හලක් අසල දී ඔහු මෙලෙස ප්‍රහාරයකට ලක්ව ඇත්තේ ඔහුගේ ක්‍රීඩා සමාජය වන North Petherton ජයග්‍රහණයක් සමරමින් සිටි අතරතුරයි.

හිසට සිදු වූ දරුණු හානි හේතුවෙන් Mondli Khumalo මේ වන විට කෝමා තත්ත්වයෙන් පසුවන බව වාර්තා වෙන අතර අසාධ්‍ය තත්වයේ පසුවන ඔහුට ශල්‍යකර්ම දෙකක් ද මේ වන විට සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට 27 හැවිරිදි පුද්ගලයෙකු බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<