ආනන්ද, නාලන්දා, ඉසිපතන විදුහල් දැවැන්ත ජයග්‍රහණයක

474
Singer u17 schools Cricket match summery

සිංගර් කුසලාන වයස අවුරුදු 17 පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක් පසුගිය දින වලදී පැවැත්විණි.

A කාණ්ඩයේ තරඟ,

පිළියන්දල මධ්‍ය විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයෙන් කඩුලු 09 දැවැන්ත ජයග්‍රහණයක් හිමි කරගැනීමට නාලන්දා විද්‍යාලය සමත් විය.

පිළියන්දල මධ්‍ය විද්‍යාලය – ලකුණු 75 -10 (පන්දුවාර 31) මල්ශාන් ගුණතිලක ලකුණු 14, උමේක්ෂ දිල්ශාන් ලකුණු 14 කට කඩුලු 4 ක් හා නිපුන් දේවින්ද ලකුණු 5 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

නාලන්දා විද්‍යාලය – ලකුණු 79-01 (පන්දුවාර 10.4) දිනේද්‍ර උමේෂ් ලකුණු 28*, රනිදු ද සිල්වා ලකුණු 28 ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබාගැනීමට සමත් විය.

පසුගිය ලිපි: කාලගුණය බාධා කර නොගත් පාසල් ක්‍රිකට් පිටිය


කොළඹ ආනන්ද විද්‍යාලය හා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ආනන්ද විද්‍යාලය ලකුණු 118 දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

ආනන්ද විද්‍යාලය – ලකුණු 184-10 (පන්දුවාර 47.2) දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වූ කමේෂ් නිර්මාල් ලකුණු 83 , අසේල සිගේරා ලකුණු 52 ක් ලබාගැනීමට සමත් විය.ගයාසර රොෂාර ලකුණු 26 කට කඩුලු 3 ක් හා උමේෂ් අංජන ලකුණු 13 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

ශ්‍රී සුමංගල විද්‍යාලය – ලකුණු 66-10 (පන්දුවාර 29.1) ඉසුරු උදයංග ලකුණු 21 ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී අසේල සිගේරා ලකුණු 7 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.


වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය කොළඹ බී. ආර්. සී පිටියේදී පැවැත්විණි. එම තරඟයෙන් කඩුලු 08 දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් විය.

අන්තෝනි විද්‍යාලය – ලකුණු 125-04 (පන්දුවාර 45.2) ෂනිල් විදුෂ ලකුණු 37 ක් ගත් අතර පන්දු යැවීමේ දී ඉෂිර නෙත්මින ලකුණු 20 කට කඩුලු 3 ක් හා අනූපම හේරත් ලකුණු 19කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

ඉසිපතන විද්‍යාලය – ලකුණු 126-02 (පන්දුවාර 19.4) විසුල වික්සුර ලකුණු 47 ක් හා දුවිදු ප්‍රේමතිලක ලකුණු 37 ක් ලබාගැනීමට සමත් විය.

තවත් ක්‍රිකට් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න


බණ්ඩාරනායක විද්‍යාලය හා වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය දලුපොත ප්‍රයිසන් ක්‍රීඩාගංනයේදි පැවැත්විණි. මෙම තරඟය කඩුලු 4 කින් ජයග්‍රහණය කිරීමට ජෝශප් වාස් විද්‍යාලය සමත් විය.

බණ්ඩාරනායක විද්‍යාලය – ලකුණු 104-10 (පන්දුවාර 35.3) සිසිත මදනායක ලකුණු 31, මාධව සත්සර ලකුණු 18 ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී සමිත ෂෙහාන් ලකුණු 12 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

ජෝශප් වාස් විද්‍යාලය – ලකුණු 108-06 (පන්දුවාර 33.5) අංජන රුක්මාල් ලකුණු 64 යි පන්දු යැවීමේ දී ලකුණු 28 කට කඩුලු 3ක් දවාලීමට ෂෙහාන් මදුසංක සමත් විය.


මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය කඩුලු 6 කින් ජයග්‍රහණය කිරීමට ධර්මරාජ විද්‍යාලය සමත් විය.

සාන්ත තෝමස් විද්‍යාලය – ලකුණු 161-10 (පන්දුවාර 38.4) උදාර රුචිරංග ලකුණු 37, පුබුදු බණ්ඩාර ලකුණු 25ක් ලබාගත් අතර අනූෂ බණ්ඩාර ලකුණු 4 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.

ධර්මරාජ විද්‍යාලය – ලකුණු 162 -04 (පන්දුවාර 32.4) දක්ෂ පිතිහරඹයක නිරත වූ කසුන් ගුණවර්ධන ලකුණු 81, බවන්ත උඩනගමුව ලකුණු 27යි පන්දු යැවීමේ දී ලකුණු 28 කට කඩුලු 2 ක් දවාලීමට මොහොමඩ් ඉස්මයිල් සමත් විය.

තවත් ක්‍රිකට් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න


සාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස හා මීගමුව සාන්ත මාරිස්ටෙලා විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය මාරිස්ටෙලා විද්‍යාලය කඩුලු 07 කින් ජයග්‍රහණය කරන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය – ලකුණු 119-10 (පන්දුවාර 41.2) දිමිත්‍ර විජේසූරිය ලකුණු 53, පන්සිල විජේරත්න ලකුණු 15යි. පන්දු යැවීමේ දී පසිදු උෂෙට්ටි ලකුණු16 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

මාරිස්ටෙලා විද්‍යාලය – ලකුණු 122-03 (පන්දුවාර 24.3) පසිදු උෂෙට්ටි ලකුණු 44*, චතුර අනුරාධ ලකුණු 24 යි.ටෙහාන් සාෆ්ටර් ලකුණු 24 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.


B කාණ්ඩයේ තරඟ,

ලසාලේ විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය මුතුවෙල ක්‍රීඩාගංනයේදි පැවැත්විණි. මෙම තරඟය කඩුලු 4 කින් ජයග්‍රහණය කිරීමට ද මැසනොඩ් විද්‍යාලය සමත් විය.

ලසාලේ විද්‍යාලය ලකුණු 106-09 (පන්දුවාර 30) තරුෂ මදුෂාන් ලකුණු 18යි. නෙවිෂ්ක රොද්‍රිගෝ ලකුණු 9කට කඩුලු 2ක් දවාලීමට සමත් විය.

මැසනොඩ් විද්‍යාලය ලකුණු112-06 (පන්දුවාර 25.3) මිතිල ගීත් ලකුණු  54*, නදුන් ඩිල්ශාන් ලකුණු 39 යි. පන්දු යැවීමේ දී ලකුණු16 කට කඩුලු 2 ක් දවාලීමට කවිෂාන් ෂෙහාන් සමත් විය.


කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය තර්ස්ටන් පිටියේදී පැවැත්විණි. එම තරඟය ලකුණු 09 තියුණු ජයක් ලැබීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය.

තර්ස්ටන් විද්‍යාලය – ලකුණු 179-10 (පන්දුවාර 39.5) නිශාන් වික්‍රමාරච්චි ලකුණු 54,අයේෂ් හර්ෂන ලකුණු 28යි. රැචික දංගල්ල ලකුණු 36කට කඩුලු 4ක් දවාලීමට සමත් විය.

වෙස්ලි විද්‍යාලය – ලකුණු 170-10 (පන්දුවාර 48.1) සමල් නිමේෂ් ලකුණු 33, මොහොමඩ් අබ්දුල්ලා ලකුණු 31 යි පන්දු යැවීමේ දී ලකුණු 25කට කඩුලු 3ක් දවාලීමට අයේෂ් හර්ෂන සමත් විය.

තවත් ක්‍රිකට් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න


බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල කණ්ඩායම හා කොළඹ අසෝක විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය පීතර විද්‍යාල පිටියේදී පැවැත්විණි. මෙම වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරඟය ජය පරාජයෙන් තොරව නිමා විය.

ශාන්ත පීතර විද්‍යාලය – ලකුණු 161-02 (පන්දුවාර 28.2 )සන්තුෂ් ගුණතිලක ලකුණු 79,ෂිවියන් පෙරේරා ලකුණු 57*

අසෝක විද්‍යාලය – ලකුණු 06-01 ( පන්දුවාර 2.3)

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න