සුපිරි පන්දුවාරයේ දී දකුණු අප්‍රිකානුවෝ ජය සොරා ගනිති!

253

2019 වසරේ මේ දක්වාම විස්සයි විස්ස තරග ජයක් සොයමින් සිටින ශ්‍රී ලංකාවට අද (19) දිනයේත් ඒ වෙනුවෙන් ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් අහිමිව ගියේය. ඒ තරගයේ අවසන් පන්දුවේ දී ලැබුණු දුවද්දී දවා ගැනීමේ අවස්ථාව කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී යාමත් සමඟයි. මෙම සිදුවීම නිසා තරගය සුපිරි පන්දුවාරයක් කරා යොමු වූ අතර එහි දී සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ජය ලබා ගත්තේය.

එක්දින අපලය දීර්ඝ වෙද්දී ශ්‍රී ලංකාවට තවත් පූර්ණ තරගාවලි පරාජයක්!

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය සම්පූර්ණයෙන්ම ජය ගැනීමට අද (17) සත්කාරක දකුණු අප්‍රිකානු පිළ සමත් විය. ඒ කේප්ටවුන්…

කේප්ටවුන් හිදී අද තරගය ක්‍රියාත්මක වූයේ පස්වැනි සහ අවසන් එක්දින තරගය ක්‍රියාත්මක වූ තණතිල්ල මත දීමයි. එහි දී කාසියේ වාසිය ජය ගත් ෆැෆ් ඩු ප්ලෙසිස් මුලින් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ඇරයුම් කළේ ඔවුන් මේ දිනවල පිතිකරණයේ විශාල පසුබෑමක් පෙන්නුම් කරන බව දන්නා නිසාවෙනි. ඔහුගේ නිගමනය සනාථ කරමින් ඉනිම ආරම්භයේ දී ම නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් දැවී ගියේ කිසිදු ලකුණක් ලබා නොගෙනයි. කනගාටුවට කරුණ වූයේ මොවුන් දෙදෙනාම දැවී ගියේ එතරම් භයානක පන්දුවලට නොවීමයි. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 7කට කඩුලු 2ක් බවට පත්විය.

Photos: Sri Lanka vs South Africa 1st T20I in Cape Town

කෙසේ වෙතත් ඉන් අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් අතරේ ලකුණු 35ක සබඳතාවයක් ගොඩ නැගුණු අතර තම මංගල විස්සයි විස්ස ඉනිම ක්‍රීඩා කළ අවිශ්ක පන්දු 15ක දී ලකුණු 16ක් ලබා ගත්තේය. ඒ හයේ පහර දෙකක් සමඟයි. මේ දක්වා තමන්ට ලැබුණු T20 අවස්ථා දෙකේ දී ම දස්කම් දැක්වූ කමිඳු මෙන්ඩිස් අද ලකුණු 40ක් රැස්කර ගත්තේ පන්දු 29ක් තුල දීයි. ඔහුගේ වේගවත් ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. මැදපෙළ පිතිකරුවන් ලෙස ඇන්ජෙලෝ පෙරේරා, තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා යම් ආරම්භයක් ලබා ගත්ත ද ඔවුන් ඒ වෙනුවෙන් වැඩි පන්දු ගණනක් නිලකුණු පන්දු ලෙස අත්හරිනු දැක ගන්නට ලැබුණි.

ඉනිමේ පන්දුවාර 18ක් ගතවන විට විශේෂඥ පිතිකරුවන් සියලු දෙනා දැවී ගොස් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 113ට කඩුලු 7ක් ලෙස සටහන් වූ මොහොතේ කණ්ඩායමේ පිහිටට පැමිණියේ ඉසුරු උදාන සහ අකිල ධනංජයයි. ඔවුන් දෙදෙනා අවසන් පන්දුවාර දෙකේ දී ප්‍රහාරයක් දියත් කරමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 134ක් දක්වා ඉහළට ගෙන එන්නට සමත් වූහ. උදාන අද නොදැවී ලකුණු 12ක් ලබා ගත්තේ පන්දු 6කදීයි. ශ්‍රී ලංකා කණ්ඩායම මුල් පන්දුවාර 5ට සහ අවසන් පන්දුවාර 5ට කඩුලු 2කට ලකුණු 40 බැගින් ලබා ඒ අතරමැද පන්දුවාර 10ටම කඩුලු 3ක් දැවී ලකුණු 53ක් පමණක් ලබා ගැනීම තරගයේ තීරණයට තදින්ම බලපෑවේය.

දිමුත්ගේ පෙරළිකාර පිතිකරණය සමඟින් SSC අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී, විස්සයි විස්ස තරගාවලියේ ශූරයන්…

ලකුණු 135ක ඉලක්කය සපුරා ගැනීම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිළේ මුල්ම කඩුල්ල ලෙස ලකුණු 8ක් ලබා සිටි රීසා හෙන්රික්ස් දැවී ගියේය. ඒ ලකුණු දෙකක් සම්පූර්ණ කර තිබිය දී අනවශ්‍ය ලෙස තෙවැනි ලකුණක් කරා දුව යාමට උත්සාහ කිරීම හේතුවෙනි.

සුපිරි පිතිකරු ඩි කොක් අද ලකුණු 13කට දැවී ගියේ ධනංජය සිල්වා යැවූ පන්දුවකට දික්වැල්ල අතට උඩපන්දුවක් ලබා දෙමිනි. ඉන් අනතුරුව ලකුණු 7ක් ලබා සිටි ප්ලෙසිස් ලබා දුන් ස්ටම්ප් කිරීමේ පහසු අවස්ථාවක් දික්වැල්ල අතින් ගිලිහී ගිය අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ප්ලෙසිස් ලකුණු 21ක් දක්වා තම ඉනිම වර්ධනය කර ගත්තේය.

සමස්තයක් ලෙස අද ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් මනා පාලනයකින් යුතුව පන්දු යැවූ අතර පන්දුවාරයකට ලකුණු 9ක් පමණ අවශ්‍ය වනතුරු පීඩනය ඉහළ නංවන්නට ඔවුන්ට හැකි විය. කෙසේ වෙතත් ඉසුරු උදාන ක්‍රියාත්මක කළ 15 වැනි පන්දුවාරයට ලකුණු 20ක් උදුරා ගත් ඩේවිඩ් මිලර් නැවතත් තරගයේ පාලනය සියතට ගත්තේය. කෙසේ වෙතත් T20 තරග සිය ගණනක අත්දැකීම් ඇති මාලිංග 17 වැනි පන්දුවාරයේ දී ඩුසේන් සහ මිලර් ක්‍රීඩාගාරයට හරවා යවමින් ශ්‍රී ලංකාවට අස්වැසිල්ලක් විය. එතකින් නොනැවතුනු ඔහු 19 වැනි පන්දුවාරය පුරාවට එක් ලකුණක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් අවසන් පන්දුවාරය සඳහා ලබා ගැනීමට ලකුණු 4ක් ඉතිරි කර දුන්නේය.

දිමුත්ගේ පෙරළිකාර පිතිකරණය සමඟින් SSC අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී, විස්සයි විස්ස තරගාවලියේ ශූරයන්…

තීරණාත්මක අවසන් පන්දුවාරයේ දී තමන් අතින් පෙර සිදු වූ වැරදි නිවැරදි කරගෙන පන්දු යැවූ ඉසුරු උදාන මුල් පන්දු 5ටම ලබා දුන්නේ ලකුණු 2ක් පමණි. ඒ අතරේ ජේ. පී. ඩුමිනි ද දුවද්දී දැවී යාම නිසා අවසන් පන්දුවට මුහුණ දෙන්නට සිදු වූයේ පිතිකරණ හැකියාව අඩු ඉම්රාන් තහීර්ටයි. උදාන අවසානයට යැවූ පන්දුවට හරිහැටි පහරක් එල්ල කිරීමට ඔහු අපොහොසත් වූ නිසා පන්දුව කඩුලු රකින දික්වැල්ල වෙත ඇදී ගිය අතර ඔහු එය කඩුල්ල වෙතට විසි කිරීමෙන් පමණක් ශ්‍රී ලංකා පිළට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නට ඉඩ තිබුණි. නමුත් රාත්‍රියේ නිදි වර්ජිතව තරගය දෙස බලා සිටි ප්‍රේක්ෂකයින්ගේ අවාසනාවට දික්වැල්ලට ඉලක්කය වැරදී ගියේය.

ලද අවසරයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් ලකුණක් ලබාගෙන තරගය සුපිරි පන්දුවාරයක් දක්වා ගෙන ගියහ. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳින් දස්කම් දැක්වීමට නොහැකි වූ අතර මාලිංගට එරෙහිව ලකුණු 15ක් ලබා ගැනීමට මිලර් සහ ඩුසේන් සමත් විය. පා දඟපන්දු යවන්නන් හමුවේ දුර්වල ශ්‍රී ලංකා පිළට ඉම්රාන් තහීර් යැවූ සුපිරි පන්දුවාරයේ දී එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට කිසිදු හැකියාවක් ලැබුණේ නැත. එහි දී තිසර පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු යන දෙදෙනාම තහීර් හමුවේ දැඩි අපහසුතාවකට ලක්වෙනු දැකගන්නට ලැබුණි. ඒ අනුව ඉතාමත් උණුසුම් තරගයකින් අනතුරුව ජය ගත් දකුණු අප්‍රිකාව 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්තේය. තරගයේ වීරයා සම්මානය පන්දු 23කින් ලකුණු 41ක් ලබාගත් ඩේවිඩ් මිලර්ට හිමි විය.

සුපිරි පන්දුවාරය

  • දකුණු අප්‍රිකාව – ලකුණු 15
  • ශ්‍රී ලංකාව – ලකුණු 5

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

Sri Lanka

134/7

(20 overs)

Result

South Africa

134/8

(20 overs)

SA won on super over

Sri Lanka’s Innings

Batting R B
Niroshan Dickwella c D Miller b D Steyn 0 2
Avishka Fernando c R Hendricks b L Sipamla 16 15
Kusal Mendis c L Sipamla b K Rabada 0 6
Kamindu Mendis st D Miller b I Tahir 41 29
Angelo Perera b A Phehlukwayo 16 18
Thisara Perera c du Plessis b A Phehlukwayo 19 21
Dhananjaya de Silva b A Phehlukwayo 14 19
Isuru Udana not out 12 6
Akila Dananjaya not out 8 4
Extras
8 (lb 2, w 6)
Total
134/7 (20 overs)
Fall of Wickets:
1-0 (N Dickwella, 0.2 ov), 2-7 (BKG Mendis, 1.6 ov), 3-42 (WIA Fernando, 5.4 ov), 4-73 (AK Perera, 11.2 ov), 5-76 (PHKD Mendis, 12.1 ov), 6-113 (NLTC Perera, 18.1 ov), 7-113 (DM de Silva, 18.2 ov)
Bowling O M R W E
Dale Steyn 4 1 25 1 6.25
Kagiso Rabada 4 0 42 1 10.50
Lutho Sipamla 4 0 19 1 4.75
Imran Tahir 4 0 21 1 5.25
Andile Phehlukwayo 4 0 25 3 6.25

South Africa’s Innings

Batting R B
Quinton de Kock c N Dickwella b A Dananjaya 13 17
Reeza Hendricks (runout) A Dananjaya 8 8
Faf du Plessis c D De Silva b J Vandersay 21 23
Rassie vd Dussen c I Udana b L Malinga 34 30
David Miller (runout) K Mendis 41 23
JP Duminy (runout) A Dananjaya 9 7
Andile Phehlukwayo c I Udana b D De Silva 4 4
Kagiso Rabada b L Malinga 0 4
Dale Steyn not out 1 3
Imran Tahir not out 1 1
Extras
2 (lb 1, w 1)
Total
134/8 (20 overs)
Fall of Wickets:
1-21 (RR Hendricks, 3.4 ov), 2-33 (Q de Kock, 6.1 ov), 3-52 (F du Plessis, 9.3 ov), 4-118 (HE van der Dussen, 16.3 ov), 5-119 (DA Miller, 16.5 ov), 6-128 (AL Phehlukwayo, 17.5 ov), 7-130 (K Rabada, 18.6 ov), 8-133 (JP Duminy, 19.5 ov)
Bowling O M R W E
Lasith Malinga 4 0 11 2 2.75
Dhananjaya de Silva 4 0 28 1 7.00
Akila Dananjaya 4 0 28 1 7.00
Jeffrey Vandersay 4 0 25 1 6.25
Kamindu Mendis 1 0 9 0 9.00
Isuru Udana 3 0 32 0 10.67