Home Sinhala ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වැරදි දිනයක දී වැඩපෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වැරදි දිනයක දී වැඩපෙන්වයි

1557

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (01) චෙස්ටර් ලී ස්ට්‍රීට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ තරගයේ දී තියුණු තරගයකින් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කරමින් ශ්‍රී ලංකාව ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි. 

ශ්‍රී ලංකාව ජය ගත යුතුම කොදෙව් තරගයට පෙර

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 7කට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම..

කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 338ක් ලබා ගත්තේය. මෙය මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව ලකුණු 300 කඩඉම පසුකළ ප්‍රථම අවස්ථාවය. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ජයග්‍රහණය වෙනුවෙන් ගිය ගමනේ දී අවසන් පන්දුවාර 10 දී ලකුණු 108ක් ලබා ගත්ත ද එය ඔවුන්ගේ ජයග්‍රහණය ප්‍රමාණවත් වූයේ නැත. ඉනිම අවසන් වෙන විට ඔවුන් ලබා ගත්තේ කඩුලු 9ක් දැවී ලකුණු 315ක් පමණි. 

අද තරගයේ දී යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු තම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ මංගල ශතකය රැස් කිරීමට සමත් වීම කැපී පෙණුනි. ඔහු පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේය. අවිශ්කගේ මංගල ජාත්‍යන්තර ශතකය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් රැස් කළ මංගල ශතකය ලෙසින් ද වාර්තා පොත් අතරට එක් වූ අතර ඒත් සමඟින් ලෝක කුසලානයක ශතකයක් ලබාගත් ළාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙස ද වාර්තා පොත් අතරට එක්විය. තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ ද අවිශ්ක ප්‍රනාන්දු ය. 

සුපුරුදු ලෙසින්ම අද තරගයේ දී ද ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසියේ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා ය. ඔවුන් දෙදෙනා එක්ව ස්ථාවර ලකුණු පුවරුවක් ගොඩ නැගීමේ මෙහෙයුම සාර්ථකව ආරම්භ කළහ. පළමු කඩුල්ලට ලකුණු 93ක් එක් වෙද්දී දිමුත් කරුණාරත්න ජේසන් හෝල්ඩර්ගේ පන්දුවකට කඩුලු රැකි ක්‍රීඩක ශායි හෝප් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය. ඒ වෙද්දී දිමුත් පන්දු 48කට මුහුණ දී හතරේ පහර 4ක් සමගින් ලකුණු 32ක් ලබා සිටියේය. 

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අනතුරුව පිටිය එක් වූයේ අවිශ්ක ප්‍රනාන්දු ය. අවිශ්ක මුහුණ දුන් පළමු පන්දුවේ දී ම කඩුල්ල මුවා කළ බවට කොදෙව්වෝ කළ ඉල්ලීම ප්‍රධාන විනිසුරු ප්‍රතික්ෂේප කළ ද එම විනිසුරු තීරණය අභියෝගයට ලක් කෙරුණි. තෙවැනි විනිසුරුගේ තීරණය වූයේ ද ප්‍රධාන විනිසුරු තීරණය ය. කෙසේ වෙතත් අවිශ්කට සහ කුසල්ට වැඩි වේලාවක් පිටියේ එකතු වී සිටීමට කොදෙව්වෝ ඉඩ තැබුවේ නැත. 

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 104ක් වෙද්දී කුසල් ජනිත් පෙරේරා පන්දු 51කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 64ක් ලබා සිටිය දී දුවද්දී දවා ගැනීමට ශෙල්ඩන් කෝට්‍රෙල් සහ කාලෝස් බ්‍රැත්වෙයිට් සමත් වූහ. කුසල් අද රැස් කළේ තම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 14 වැනි අර්ධ ශතකයයි.

අවිශ්ක සහ කුසල් මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා ඉනිමට නැවත ජීවය දෙමින් තෙවැනි කඩුල්ලට ලකුණු 85ක සබඳතාවක් එක් කළහ. එවර කඩුල්ල හැර ගියේ කුසල් මෙන්ඩිස්ය. ඔහු පන්දු 41කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටිය දී පන්දු යැවූ ෆාබියන් ඇලෙන් වෙතටම උඩ පන්දුවක් දී දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිම 189ක් විය. 

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් පිටියට පිවිසියේය. අවිශ්කගේ හතරේ පහරක් සමඟින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 200 වාර්තා වූ අතර ඒ වෙනුවෙන් ඔවුන් අද වැය කර තිබුණේ පන්දු 200ක් පමණි. අවිශ්ක සහ මැතිව්ස් සුසංයෝගයෙන් ලකුණු 58ක් ඉනිමට එක්වෙද්දී කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් කඩුල්ලේ වද්දා ගනිමින් මැතිව්ස් දැවී ගියේය. ඒ වෙද්දී මැතිව්ස් පන්දු 20කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියේය.  

වසර 20කට පසුව ශ්‍රී ලංකාව කළින්ම එළියට විසිවෙයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලම අවසන් වීමටත් පෙර එනම්…

අද තරගයේ දී මැදපෙළ ශක්තිමත් කිරීමට කැඳවූ ලහිරු තිරිමාන්න ද තම යුතුකම මනාව හඳුනාගෙන පිටියේ ක්‍රියාත්මක විය. ඔහු අවිශ්ක ප්‍රනාන්දුට අනගි සහයෝගයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට දායකත්වය දැක්විය. ඔහු ඉනිම අවසන් වන විට පන්දු 33කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබා සිටියේය. 

තිරිමාන්න හා එක්ව සිටිය දී අවිශ්ක තමන් මුහුණ දුන් 100 වැනි පන්දුවේ දී තම මංගල ශතකය වාර්තා කළේය. ඉනිමේ 300 වැනි ලකුණ 277 වැනි පන්දුවේ දී වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූයේ ලකුණු කතරේ අතරමංව සිටි අවධිය අවසන් කරමිනි. අවිශ්ක සහ තිරිමාන්න අතර පස් වැනි කඩුල්ලට ලකුණු 67ක සබඳතාවක් එක් විය. 

අවිශ්කගේ දැවී යෑමෙන් අනතුරුව ඉසුරු උදාන ලකුණු 3කටක දැවී ගිය අතර ඉනිම අවසන් වෙන විට ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 6ක් ලබා සිටියේය. 



පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් ලකුණු 59කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. 

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත සහ ජෙෆ්රි වැන්ඩර්සේ පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් පිටියට කැඳවා තිබූ අතර මැදපෙළ ශක්තිමත් කිරීම අරමුණු කරමින් ලහිරු තිරිමාන්නට ද කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබුණි.

ලකුණු 339ක හඹායන ඉනිමකට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ ආරම්භය සාර්ථක කර ගැනීමට ලසිත් මාලිංග ඉඩ තැබුවේ නැත. පළමු කඩුල්ල ලකුණු 12ක් වෙද්දී ද දෙවැනි කඩුල්ල ලකුණු 22ක් වෙද්දී ද දවා ගැනීමට මාලිංග සමත් වූයේ කුසල් පෙරේරා සහ ජෙෆ්රි වැන්ඩර්සේ ගේ ද සහයෝගය ලබා ගනිමිනි. 

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

අනතුරුව සෙසු කඩුලුවලට ද වගකීමට මාලිංගගේ පන්දු යැවීම ඉවහල් කර ගත හැකි වූව ද පන්දු රකින්නන් විසින් එම අවස්ථාව මග හරවා ගත්තේය. කොදෙව් ඉනිමේ මාලිංග විසින් යැවුණ සිව්වැනි පන්දු වාරයේ දී ක්‍රිස් ගේල් සහ ශිම්රන් හෙට්මයර් දවා ගැනීමට තිබූ අවස්ථාවන් දෙකක් ලහිරු තිරිමාන්න සහ කුසල් මෙන්ඩිස් විසින් මග හැරූහ.

ලද ඒ අවසරයෙන් ඔවුන් දෙදෙනා කොදෙව් ඉනිම ලකුණු 71ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ලකුණු 49ක සබඳතාවක් එක් වෙද්දී ක්‍රිස් ගේල් ගේ ඉනිම අවසන් කිරිමට කසුන් රාජිත සමත් විය. ගේල්ගේ අද ඉනිම පන්දු 48කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 35කි. 

කොදෙව් ඉනිමේ ඊට පසුව වැදගත් වැඩ කොටසක් කළේ නිකොලස් පූරාන් ය. ඔහු අද තම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ මංගල ශතකය රැස් කළ අතර එය ඔහුගේ තරග දිවියේ හොඳම ඉනිම ද විය. පන්දු 103කට මුහුණ දුන් ඔහු හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 118ක් ලබා ගත්තේය. 

2017 වසරේ දෙසැම්බර් මස ඉන්දීය කණ්ඩායමට එරෙහිව පන්දු යැවූ පසු අද පන්දු යැවීමට පන්දුව අතට ගත් ඇන්ජලෝ මැතිව්ස් නිකලස් පූරාන්ගේ කඩුල්ල දවා ගත්තේය. ඒ කුසල් පෙරේරාගේ ද සහයෝගය ඇතිවය.

නිකලස්, නායක ජේසන් හෝල්ඩර් සමඟ 5 වැනි කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් ද කාලෝස් බ්‍රැත්වෙයිට් එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් ද ගොඩ නැගුවේය. ඊට අමතරව කොදෙව් ඉනිමේ හොඳම ලකුණු සබඳතාවය ද ගොඩ නැගීමට ඔහු දායක විය. ඒ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ෆාබියන් ඇලෙන් සමඟ එක් කළ ලකුණු 83යි.

ෆාබියන් අද තරගයේ දී පන්දු 32කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේය. කොදෙව් ඉනිමේ දුවද්දී දැවී යෑම් 3ක් වාර්තා වූ අතර පන්දු යැවීමේ දී ලසිත් මාලිංග ලකුණු 55කට කඩුලු 3ක් ද කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ සහ ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ල බැගින් ද ලබා ගත්හ.  

ශ්‍රී ලංකාව සහභාගී වන ඊළඟ තරගය මේ මස 6 වැනිදා ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතය. 

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka
338/6 (50)

West Indies
315/9 (50)

Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne c Shai Hope b Jason Holder 32 48 4 0 66.67
Kusal Perera run out (Sheldon Cottrell,) 64 51 8 0 125.49
Avishka Fernando c Fabian Allen b Sheldon Cottrell, 104 103 9 2 100.97
Kusal Mendis c & b Fabian Allen 39 41 4 0 95.12
Angelo Mathews b Jason Holder 26 20 2 1 130.00
Lahiru Thirimanne not out 45 33 4 0 136.36
Isuru Udana c Jason Holder b Oshane Thomas 3 6 0 0 50.00
Dhananjaya de Silva not out 6 3 1 0 200.00


Extras 19 (b 4 , lb 5 , nb 5, w 5, pen 0)
Total 338/6 (50 Overs, RR: 6.76)
Fall of Wickets 1-93 (15.2) Dimuth Karunaratne, 2-104 (18.1) Kusal Perera, 3-189 (31.5) Kusal Mendis, 4-247 (39.1) Angelo Mathews, 5-314 (47.2) Avishka Fernando, 6-327 (48.6) Isuru Udana,

Bowling O M R W Econ
Sheldon Cottrell, 10 0 69 1 6.90
Oshane Thomas 10 1 58 1 5.80
Shannon Gabriel 5 0 46 0 9.20
Jason Holder 10 0 59 2 5.90
Carlos Brathwaite 7 0 53 0 7.57
Fabian Allen 8 0 44 1 5.50


Batsmen R B 4s 6s SR
Chris Gayle c Jeffery Vandersay b Kasun Rajitha 35 48 1 2 72.92
SW Ambris c Kusal Perera b Lasith Malinga 5 6 1 0 83.33
Shai Hope b Lasith Malinga 5 11 1 0 45.45
Shimron Hetmyer run out (Dhananjaya de Silva) 29 38 2 0 76.32
Nicholas Pooran c Kusal Perera b Angelo Mathews 118 103 11 4 114.56
Jason Holder c Jeevan Mendis b Jeffery Vandersay 26 26 4 0 100.00
Carlos Brathwaite run out (Isuru Udana) 8 15 1 0 53.33
Fabian Allen run out (Kasun Rajitha) 51 32 7 1 159.38
Sheldon Cottrell, not out 7 9 0 0 77.78
Oshane Thomas lbw b Lasith Malinga 1 6 0 0 16.67
Shannon Gabriel not out 3 7 0 0 42.86


Extras 27 (b 3 , lb 2 , nb 2, w 20, pen 0)
Total 315/9 (50 Overs, RR: 6.3)
Fall of Wickets 1-12 (2.2) SW Ambris, 2-22 (4.6) Shai Hope, 3-71 (15.2) Chris Gayle, 4-84 (17.5) Shimron Hetmyer, 5-145 (28.2) Jason Holder, 6-199 (34.3) Carlos Brathwaite, 7-282 (44.1) Fabian Allen, 8-308 (47.1) Nicholas Pooran, 9-311 (48.3) Oshane Thomas,

Bowling O M R W Econ
Lasith Malinga 10 0 55 3 5.50
Dhananjaya de Silva 10 0 49 0 4.90
Isuru Udana 10 0 66 0 6.60
Kasun Rajitha 10 0 76 1 7.60
Jeffery Vandersay 7 0 50 1 7.14
Dimuth Karunaratne 1 0 7 0 7.00
Angelo Mathews 2 0 6 1 3.00